වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්ථාවෙන් නියං ආධාර

සංස්ථාවෙන් නියං ආධාර

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින දැඩි නියං තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රජා සත්කාරයක් ආරම්භ කර ඇත. ඒ එම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස් කිරීමට සංස්ථා පරිශ්‍රයේ විශේෂ කවුළුවක් විවෘත කිරීමය.

ලීටර් පහට ඉහළ පානීය ජලය බෝතල් සහ ලීටර් දෙසිය පනහට ඉහළ ප්ලාස්ටික් වතුර ටැංකි ද එයට බාරදිය හැකිය. මෙම මස 21 වැනිදා එනම් එන බ්‍රහස්පතින්දා දක්වා එක් රැස් කරන මෙම භාණ්ඩ කොළඹ 07, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී ඒවා එකතු කරනු ලැබේ.