කෝකිල රණසිංහ මිය යයි
කෝකිල රණසිංහ
මිය යයි
ගීත රචකයකු හා ලේඛකයකු වූ කෝකිල රණසිංහ අභාවප්‍රාප්ත විය. ඔහු ගීත රචකයකු මෙන්ම
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ නැසීගිය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගේ දෙටු පුත්‍රයා
වේ. මිය යනවිට වයස අවුරුදු පනස්දෙකක් වූ ඒ මහතා ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන
මණ්ඩලයේ හිටපු සහකාර සාමාන්යාධිකාරීවරයාය.
ඔහු මියයන විට මහනුවර අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සැලසුම්
ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කළේය.
එමෙන්ම ඔහු ප්‍රවීණ නාට්‍යකරු තිලක් ගුණවර්ධනගේ මස්සිනා ද වේ. කෝකිලගේ අවසන් කටයුතු
අද (14) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. ඔහුගේ දේහය දැනට බොරැල්ල
ජයරත්න මල්ශාලාවේ තැන්පත් කොට ඇත.
කෝකිල සිය පියා පිළිබඳ ලියන ලද ලිපියක් පසුගිය සරසවිය පුවත්පතක පළ විය.
|