වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඔෂින්’ අපේ සිනමා රංගනයට ‘කන්දක් සේ මා’ හෙට ඇරැඹේ

‘ඔෂින්’ අපේ සිනමා රංගනයට ‘කන්දක් සේ මා’ හෙට ඇරැඹේ

ජපානය සහ ශ්‍රී ලංකාවේ රූගත කිරීම්

මෙරට සාහිත්‍ය සම්මාන ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවා මහත් ආන්දෝලනයක් ඇති කළ කන්දක් සේ මා නවකතාව පාදක කොට එනමින් තැනෙන චිත්‍රපටයේ මුහුරත් උළෙල හෙට රාජගිරියේ සවරින් හෝලයේ පැවැත් වේ. තවො තෂිමොතෝ සමඟ අශෝක අතාවුදහෙට්ටි මෙය අධ්‍යක්ෂණය කරනු ලබයි.

ඔෂින් ටෙලි නාට්‍ය මාලාවේ ඔෂින්ගේ ළමා විය රඟපෑ කුනිහිකෝ මිටමුරා, අයාකෝ කෙබයාෂි සමඟ නිරෝෂා පෙරේරා, වසන්ත කොටුවැල්ල, කෞශල්‍ය ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න මෙහි රංගන දායකත්වය සපයති.

රුවන් කොස්තා කැමරාව මෙහෙය වන අතර ජයන්ත හෙව්ටිආරච්චි මහාචාර්ය ආශු මාරසිංහ, සුමිත්‍රා රාහුබද්ධ කන්දක් සේ මා නිෂ්පාදනය කරනු ලබයි.

මෙය ජපානය සහ ශ්‍රී ලංකාව යන දෙරටේ චිත්‍රපටය රූගැන්වේ.