ඇමැතිකමක ගේය පද රස
ඇමැතිකමක ගේය පද රස
රෙජිනෝල්ඩ් කුරේ කියන්නේ දේශපාලන ක්ෂේත්රයේ වගේම කලා ක්ෂේත්රයේත් ඉතා ජනප්‍රිය
චරිතයක්. අමාත්‍ය ධූරයේ වගකීම් වගේම ලැබෙන වෙලාවන් අනුව රංගන ක්ෂේත්රයට සිය
දායකත්වය ලබා දෙන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පද රචනයටත් එතුමා
දක්වන්නේ බොහොම ලැදියාවක්. පසුගිය දවසක ඔහු අතින් අලුත්ම ගීතයක් රචනා වුණා. එය
නත්තල් ගීතයක්.
‘නීල ගගන තල පිපී දිදුලන
නිල්මිණි තාරකා වියනේ
සීත හිමපෙති විසුල මිහිතල උයනේ
සාමයේ බිළිඳු කුමරුන්
මෙලොව එළිය දුටුවා
නත්තල් දා . . .’
මහින්ද බණ්ඩාරගේ සංගීතයට අනුව මේ නත්තල් ගීතය ගායනා කරන්නේද විශාරද උපේක්ෂා උඩගෙදර
විසිනි.
|