වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




මනීෂාගේ අලුත්ම වෙනස

මනීෂාගේ අලුත්ම වෙනස

මනීෂා කොයිරාලට මේ වසර සුබදායක වසරක් නොවීය. ඩිම්බකෝෂ පිළිකාවෙන් හෙම්බත් වී සිටි ඇය පසුගියදා කහ උණට ද (සෙංගමාලයට) ගොදුරු වූවාය. මේ කරදර නිසා ඇය සිනමා රංගනයට තාවකාලිකව සමු දී තිබේ. තෙවසරකින් මනීෂා රංගනයට එක් වූයේ නැත. දැන් වැඩිපුර ඇය අවධානය යොමුකර තිබෙන්නේ ශරීර සෞඛ්‍යයටයි.

රාත්‍රී දහයට නින්දට යන ඇය උදෑසන පහට අවදි වෙයි. භාවනා කිරීමත්, යෝගී ව්‍යායාම කිරීමත් මනීෂා කොයිරාලගේ දින චරියාවේ අනිවාර්ය අංගයන්ය.

මත්පැන් වීදුරුව වෙනුවට දැන් ඇයගේ අතේ රැෙඳන්නේ වතුර වීදුරුවකි. දුම්වැටියේ මිතුරියක වී සිටි ඇයට දැන් දුම් බොන්නන් සිටින පරිසරය පවා අප්‍රියය.

කෙදිනකවත් සිනමාව අත්හැරීමට ඇය බලාපොරොත්තු නොවන්නීය. කලබල නොවී යළි සිනමා ගමන ඇරැඹීමට ඇය බලා සිටින්නීය.