වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




කෙස් ගසක් නොවටිනා කොණ්ඩය

කෙස් ගසක් නොවටිනා කොණ්ඩය

රංගනය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සැබෑ නළුවකු, නිළියක සූදනම්ය. තම කඩවසම් පෙනුමට ආභරණයක් වෙන කෙස් වැටියත් නළුවකුට කෙස් ගසක් තරම්වත් නොවටිනා දෙයකි.

ෂහීඩ් කපූර්, විශල් භාරද්වාජ්ගේ ‘හෙයිඩර්’ සිනමාපටයේ චරිතය වෙනුවෙන් හිස බූ ගෑමට සූදානමින් සිටියි. ‘කොණ්ඩය නම් නැවත වැවෙනවා. ඒත් අලුත් අත්දැකීම ඊට වඩා බොහෝ වටිනවා.

සිනමාපටයේ වෙනස්ම මුහුණුවරකින් මාව දකින්න ලැබේවි. චරිතයට සාධාරණයක් වෙන්නේ හිස බූ ගෑ විටයි.’ ෂාහිඩ් පවසයි.

මීට පෙර ප්‍රභූදේවාගේ සිනමාපටයට ද හිස බූ ගෑමට සුනිල් ෂෙට්ටිට සිදු වුණත් ඔහු ඊට අකැමැති වූ නිසා චරිතය ප්‍රතික්ෂේප කළේය.