|
වසන්තයක 75ලාංකික සිනමාවේ තමන්ගේ ස්වීය අනන්‍යතාවය මුද්‍රා ගත කළ සිනමාකරුවන් සිටිනුයේ අතලොස්සකි.මේ 29 වැනි දින හැත්තෑ පස් වැනි උපන් දිනය සමරන වසන්ත ඔබේසේකර යනු එබන්දෙකි. වසන්ත බොහෝ සිනමාකරුවන් ට වඩා තමන්ගේම ප්‍රෙක්ෂක වෙළඳ පොළක් ද අත් පත් කර ගෙන සිටියේය.ඔහු හැත්තෑව දශකය ආරම්භයේ පටන් පුරා වසර තිහක් ම චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදුණි.
එහෙත් මේ කාලය ඇතුළත ඔහුට තනන්නට ලැබෙනුයේ වෘතාන්ත චිත්‍රපට 13 කි.වාණිජමය වශයෙන් පවා අතිශය සාර්ථක සිනමාකරුවක් ව සිටයදී ඔහුගේ සිනමා නිර්මාණ සංඛ්‍යාව එතරම් අඩු සංඛ්‍යාවක් වීම ඛේදවාචකයකු ලෙස සැළකිය යුත්තේ ව්‍යාපාරික වශයෙන් තඹ දොයිත්තුවක් නොවටිනා සිනමාකරුවන් මේ යුගයේ චිත්‍රපට පැටවු ගස්සවා ඇති හැටි දකින විටය. පුවත් පත් කලාවේදියෙකු ලෙස ලේක් හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතින් ජිවිතය අරඹන ඔහු එහි ගවේෂනාත්මක පුවත්පත් කලාවේදියකු ලෙස නමක් දිනා ගත්තේය.ජ්‍යෙෂ්ට මාධ්‍යෙව්දියකු වන සරසවිය හිටපු කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතානන් වරක් පැවසූ අන්දමට වසන්ත උසාවි සහ අපරාධ පිළිබඳ ලියන්නට සමතෙකු විය.ඔහුගේ ගවේෂණාත්මක පුවත්පත් කලාව ප්‍රශංසාත්මකය. එහෙත් ඔහුගේ අත් අකුරු මෙලෝ යකෙකුට සොයා ගන්නට නොහැකි බව ද කුරුවිට බණ්ඩාරයන් කියා සිටියේය. දිනමිණ පුවත්පතේ සේවය කළ මෙරට සිනමාවේ ජනප්‍රියම සිනමා විචාරකයා වන ජයවිලාල් විලේගොඩ ඒ අවදියේ දිනමිණේ සිටි සිය මාධ්‍ය සගයා වන වසන්තගේ අත් අකුරු පිළිබඳ නොසෑහෙන්නට දොස් පැවසූ බව ද වරක් කුරුවිට බණ්ඩාරයන් සිහිපත් කළේය.එහෙත් වසන්ත නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටය වන වෙස් ගත්තෝ චිත්‍රපටය පිළිබඳව විලේගොඩයන් පවසන්නේ අනාගතයේ බලාපොරොත්ත තබා ගත යුතු සිනමාකරුවෙකු බිහිව ඇති බවය. ඒ විලේගොඩයන් ලියන ලද අවසාන සිනමා විචාරය ලෙස ඉතිහාසායට එක්වූ ලිපියයි.ඔහු අවසන් වරට නැරඹුවේ ද එම චිත්‍රපටයයි. විලේගොඩයන් ගේ අනාවැකිය වසන්ත විසින් ඊළඟ දස වසර ඇතුළත සඵල කර පෙන්වා දෙනු ලැබිණ.සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නට පෙර වසන්ත ඔබේසේකරයන් සත් සමුදුර චිත්‍රපටයේ සම තිර නාටක රචකයා ලෙස මෙන්ම සහාය අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.ඔහු ගේ මුල්ම අධ්‍යක්ෂණය වන වෙස් ගත්තෝ සඳහා බර පැන දරන්නේ ද සත් සමුදුර නිෂ්පාදනය කළ දොස්තර ලීනස් දිසානායකය.එපමනක් නොව වසන්තගේ දෙවැනි චිත්‍රපටය වන වල්මත්වූවෝ නිපදවන්නේ දොස්තර ලීනස් ගේ පුත් ලාල්ය. එයද දිසානායක චිත්‍රපට වෙනුවෙනි.වසන්ත ගේ මුල් චිත්‍රපට ත්‍රිත්වය එනම් වෙස් ගත්තෝ,වල්මත් වූවෝ සහ දියමන්ති එක ගොඩකටත් එයින් පසු පළඟැටියෝ සිට ආගන්තුකයා දක්වා කාලයේ නිර්මාණය කළ චිත්‍රපට තව ගොඩකටත් දමා ඒ පිළිබද විමසීම වඩා යහපත්ය. එහෙත් මුල් චිත්‍රපට ත්‍රිත්වය පවා ඔහු පාදක කර ගන්නේ රැකියා විරහිත උගත් තරුණයන් පිළිබඳවය.වෙස් ගත්තෝ චිත්‍රපටය නිර්මාණයේ දී එයට වී ආ නෝ ඒන්ජල්ස් නම් ඉංග්‍රීසි චිත්‍රපටය යම් ප්‍රමාණයකට බලපෑ වග රහසක් නොවේ.කෙසේ වෙතත් මුල් චිත්‍රපට ත්‍රිත්වයේම ඔහුගේ සිනමා ශෛලිය ඉතා නිදහස් ආකාරයක් පළ කරයි. එහි ඇත්තේ ගැටවරයෙක්ගේ රස්තියාදුකාර සිනමා විලාසයකි.ගැටවරයෙකුගේ රස්තියාදුව යනු ඉතා සුන්දර එකකි.එමෙන්ම අවංක එකකි. එහෙත් පළඟැටියෝ චිත්‍රපටයේ සිට වසන්ත සිය අනන්‍යතාව වෙනස් කරන්නේය.රස්තියාදුකාරයා වැදගත් වැඩිහිටියෙකු බවට පත්ව සිටියේය.ඔහු ස්වකීය අනන්‍යතාව ඉස්මතු කළේය.එය පෙරට වඩා සමාජ ගවේෂකයකු බවට පත්ව සිටියේය. එහිදී සිනමාව පිළිබඳ සිය ප්‍රකාශණය වැඩි දියුණු කිරීමේ අරමුනින් ඔහු නිබඳව පර්යේෂණ සිදු කළේය.මාරුතය,කැඩපතක ඡායා වැනි චිත්‍රපට නිර්මාණයේ දී එහි අන්තර්ගතය මෙන්ම ආකෘතිය සම්බන්ධව ද ඔහු ඉතා අභියෝගාත්මක පර්යේෂන කළේය.එහෙත් ඒ පර්යේෂණ කිසිවක් ශිල්ප හරඹ නොවුන වග ඔහුට ගෞරවයක් ලෙස පැවසිය යුතුව ඇත.විශේෂයෙන් ශබ්දය හා රූපය පිළබඳ ඔහු එකල කළ පර්යේෂණ පිළිබඳ සිනමාව පිළිබඳ මහත් ආසාවෙන් පසු වූ අප වැනි ගැටවරයන්ට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. පලඟැටියෝ චිත්‍රපටය වසන්ත නිර්මාණය කරනුයේ සිනමාව පිළිබඳ විදෙස් හැදැරීමකින් පසුවය.එය ඔහුගේ සිනමාවේ හැරවුම් ලක්ෂයක් විය. එපමනක් නොව, පළඟටියෝ වාණිජමය වශයෙන් අති සාර්ථක විය. එමෙන්ම එය එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්භාවනාවට පාත්‍ර විය. 1983 වසර මෙරට සිනමාවේ වඩාත්ම අවාසානාවන්තම වර්ෂයන්ගෙන් එකකි.83 කලබල නිසා සිනමා කර්මාන්තය අඩාල විම කොයි හැටි වෙතත් බොහෝ චිත්‍රපට දවසින් දෙකින් ගැලවීම හේතුවෙන් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් තිර ගත වන්නේ ද එම වසෙර්ය.ටෙලිවිෂනය ගම් නියම් ගම් සිසාරා ඇවිදින්නට පටන් ගත්තේ ද එම වසෙර්ය. එහෙත් ඒ සියළු බාධක මැද දඩයම දින සියය ඉක්මවා ප්‍රදර්ශණය විය. ඒ වසරටම සියය ඉක්මවූයේ එපමනකි. දඩයම කෙතරම් අපේ සිනමාකරුවන් ට බලපෑවා ද යත් එහි ගති ලක්ෂණ උලුප්පා දැක්වීමට අලුත් සිනමාකරුවන් පවා කැමැත්ත පළ කරන බැව් පෙනී ගියේය.සරසවිය සම්මානය මුල් වරට වසන්ත ඔබේසේකරයන් දිනා ගන්නේ දඩයම වෙනුවෙනි.එය වසන්ත ඔබේසේකරයන්ගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ඇතැම් දෙනා සළකති.පළඟැටියෝ චිත්‍රපටයේ සිට වසන්ත නිර්මාණ කරන ලද චිත්‍රපට සියල්ලටම ඔහු ගොදුරු කර ගන්නේ සමාජයේ ඇසූ දුටු සිද්ධින් ය.ඒ සියල්ල පුවත්පත් වාර්තාවන් හරහා අප ඇස ගැසුණු කාරණාවන්ය. පුවත්පත් කලාවේදියකු ලෙස ඔහු පළ කළ ගවේෂණාත්මක කාර්යය මෙහි දී ඔහු සූර ලෙස සිනමාවට උපයෝගී කර ගන්නේය. අත් අකුරු කියවා ගත නොහැකි වුව ද ඔහු ගේ රූපය වඩා බරපතල සංවේදී හැඟීම් ඉස්මත් කරන්නේය.එය කියවන්නට පහසුය. වඩා දැනෙන සුළුය.ඔහු කිසිවිටකත් අප කියවන ප්‍රවෘත්තියෙන් වසඟ වන්නේ නැත. ඉන් එහා ඇති සැඟවුණ යථාර්ථය සොයමින් ඔහු චරිත මෙහෙයවයි. ඉන් එහා ඇති මානව ඛේදවාචකය ඔහු මැනවින් විග්‍රහ කරන්නේය.සොයා යන්නේය.සමහරවිට ඔහු සොයා ගන්නා ප්‍රවෘත්තිය පුවත්පතකට පවා නොවැදගත් එකකි.එහෙත් එහි ඇතුළාන්තයට කිඳා බැස ඒ හරහා සමාජ ගවේෂණයක යෙදෙන්නට ඔහු සමත්ය.මාරුතය චිත්‍රපටයට පාදක වූ පුවත එකල පුවත්පතක පළ කරන ලද්දේ තරමක හාස්‍ය ගෙන එන පුවතක් හැටියටය.සිනාසෙන්නට තරම් නැතහොත් මුන්ට පිස්සු කියා ඉවතලන එම පුවතේ ඇති සමාජ ඛේදවාචකය ඔහු මැනවින් හඳුනා ගත්තේය.ඔහු නිර්මාණය කළ සෙව්වන්දි අග්නි වර්ෂා හෝ තීර්ථ යාත්‍රා සෙසු නිර්මාණ සමග සසඳද්දී එතරම් ඉහලින් කතා නොකළ ද ඒ සියල්ල සමාජ ගවේෂකයකු ලෙස වසන්ත ගේ ප්‍රවිශ්ටය අඩු තක්සේරුවක ලක් නොකරයි.ආගන්තුකයා එයට වඩා ගැඹුරු සමාජ විවේචනයක යෙදීමට ඔහු අවස්ථාව සලසා ගත්තේය. එහෙත් චිත්‍රපටය සදහා අවශ්‍ය පුළුල් ප්‍රචාරය එයට නොලැබිණ. සෑම වසරක් ඇතුළත ලාංකික මව්පියන් ලක්ෂ ගණනක් මුහුණ දෙන ගැටළුවක නොපෙනෙන පැති කඩක් මෙන්ම ඒ හා බැඳුණු අතිශය මානුෂය ගැටළු රාශියක් වසන්ත එහි ලා ගෙන එනුයේ සූර සමාජ ගවේෂකයකු බවට පත් වෙමිනි.එහෙත් මේ චිත්‍රපටය වසන්තගේ චිත්‍රපට අතර වාණිජමය වශයෙන් සාර්ථක නොවූයේ එයට අවශ්‍ය පුළුල් ප්‍රචාරය හෝ නොලැබුණ බැවිනි.එය වසන්ත නිර්මාණය කරන ලද අවසාන වෘතාන්ත චිත්‍රපටය විය. මේ හැරත් ඔහු වාර්තා සිනමාකරුවකු ලෙස ද සිය කීර්තිය අත් පත් කර ගත්තේය. මෙයින් වසර ගණනාවකට පෙර රිමාන්ඩ් සිරකරුවන් පිළබඳ ඔහු තැනූ වාර්තා චිත්‍රපටය අපේ සමාජයේ එක් පැති කඩක් මනාව ඉස්මතු කළ හැටි මට මතකය. සිනමා කෘතියක් නිර්මාණය කිරීමේ දී එදිනෙදා ක්‍රියාකාරකම් පවා අමතක කරමින් එයට ආවේශ වන සිනමාකරුවන් අතර වසන්ත ඔබේසේකර යනු ඉහලින්ම කියැවෙන සිනමාකරුවාය. මේ නිසාම වසන්ත ඔබේසේකර යන් පිළිබඳ සිනමා කේෂත්‍රයේ ඔහුගේ හිතවතුන් හරහා බැඳුණ රසකතා බොහොමයකි. එහෙත් මේ ආවේශය සහ ආවේගය ඔහුගේ චිත්‍රපට හරහා මුළුමනින්ම දැක ගත හැක්කේය.ඔහු සිනමාකරණයහි යෙදෙනුයේ පියවි ලෝකයේන් එහා සැරිසරමිනි.එහෙත් ඒ වන විට ඔහු චිත්‍රපටයට අවශ්‍ය සියළු දෑ එයට එක් කරන්නේය.සිනමාකරුවෙකු ලෙස ඔහුගේ ස්වාධිපත්වය ඉතා බලවත්ය.එමෙන්ම වසන්ත ඔබේසේකරයන් ඉතා සංවේදී මිනිසකු ද වෙයි.ඔහුගේ ආවේශය ද නිර්මාණ ප්‍රවේශය ද යට ඇත්තේ එකී සමාජ සංවේදී කම විනා වෙනත් කවරෙක්ද ? ඒ සංවේදී මිනිසා ප්‍රවේශමෙන් හඳුනා ගත යුත්තේ එහිදී ඔහුගේ හැසිරීම කුඩා දරුවකුට සමාන බැවිනි. ඒ කුඩා දරුවාගේ හැගීම් නිරවුල්ය.දස අත සැරි සරන ඔහුගේ මනස එක් ඉලක්කයක නතර වෙයි. නිර්මාණය පුබුදාලනුයේ එම ඉලක්කයට සපැමිනි කළය.එය අපේ සිනමාවට පසුගිය වසර ගණනාව මුලුල්ලේ මහත් ආස්වාදයක් වූයේය. වසන්ත ඔබේසේකර නම් අපේ යුගයේ සිනමාකරුවාට නිදුක් නීරෝගී චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඒ ඔහු අපට මහත් ආස්වාදයක් ගෙනදුන් නිසාවෙනි.
|