පෝලිමේ මැද හිටියට
පෝලිමේ මැද හිටියට
රෙක්ස් කොඩිප්පිලි අපේ සිනමාවේ දුෂ්ඨයාට පණ දුන් අපූරු රංගන ශිල්පිියෙක්. රංගන
ජීවිතයේ දුෂ්ඨයා වුණාට සාමාන්‍ය සැබෑ ජීවිතයේදී රෙක්ස් කියන්නේ බොහොම සුහදශීලී
පුද්ගලයෙක්. පසුගිය දවසක ඔහුට උත්සව අවස්ථාවක් සඳහා ආරාධනාවක් ලැබුණා. කලා හිතවතුන්
රැසක් සහභාගි වූ මේ සඳහා රෙක්ස් ගියේ තම ආදරණීය මිණිපිරියකුත් සමඟයි.
කාලයකට පස්සේ හමු වූ හිතවතුන් සමඟින් පිළිසඳරේ යෙදෙන අතරතුරේ දහවල් කෑම වෙලාවත් උදා
වුණා. රෙක්ස් කොඩිප්පිලිත් පුංචි මිණිපිරිය සමඟින් කෑම බෙදා ගන්න ගියා. එතැන පුංචි
පෝලිමක්. මේ දෙන්නත් පෝලිමට එකතු වුණා. ටික වෙලාවක් ගත වුණත් මේ පෝලිම ඉදිරියට යන
තත්ත්වයක් නම් පෙනුණේ නැහැ. පුංචි මිණිපිරියටත් ටිකක් බඩගිනි වගේ. රෙක්ස් බැලුවේ මේ
පෝලිම ඉස්සරහට යන්නේ නැත්තේ ඇයි කියලා. ඒ පාර තමයි වැඩේ තේරුණේ. ඔහු මිණිපිරිය
හුරතල් කරමින් සිටින වෙලාවේ තවත් කට්ටියක් මැදින් පෝලිමට පැනලා.
මොකද වුණේ කියලා දැනගන්න කොටම හොරෙන් පෝලිමට එකතුª වුණු කට්ටිය රෙක්ස්ගෙන් ඇහුවේ ‘ආ
. . . අයියේ, කෑම කන්න නේද හදන්නේ’ කියලයි ‘ඔව්. ඔව්. අපි මේ කෑම බෙදා ගන්න තමයි
ඉන්නේ. ඔයාලා ඉක්මනට බෙදා ගන්න කෝ කියලා කිව්වේ හරියටම චිත්‍රපටයක දෙබසක් වගේ.
|