රූපවාහිනි රාජ්‍ය සම්මාන 12 වැනිදා
රූපවාහිනි රාජ්‍ය සම්මාන 12 වැනිදා
දිමුතු මුතුට තිහයි
බර්ටි – නොයෙලින් – කමලිනීට
විශේෂ සම්මාන
රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල ලබන ජනවාරි 14 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ
සම්මන්ත්රණ ශාලාවේදී පැවැත් වෙයි.
රූපවාහිනි නිර්මාණ ක්ෂේත්රයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සහ එම ක්ෂේත්රයේ නියැලී
සිටින නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීමේ අරමුණින් සංස්කෘතික කටයුතු
දෙපාර්තමේන්තුව සහ මනරම් මීඩියා සොලියුෂන් ආයතනය එක්ව එය සංවිධානය කරයි.
මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් කතානායක චමල් රාජපක්ෂ සහ සංස්කෘතික හා කලා
කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක යන මහත්වරුන් සහභාගී වනු ඇත. රූපවාහිනී නිර්මාණ
ක්ෂේත්රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමට ලක්කිරීම
සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල මෙය වන අතර 2012 වසරේ රූපවාහිනී නාලිකා මඟින්
විකාශය කරන ලද නිර්මාණයන් වෙනුවෙන් අංශ 39 ක් යටතේ සම්මාන පිදීමට නියමිතය.
ඊට අමතරව
රූපවාහිනී ක්ෂේත්රය පිළිබඳව ලියැ වී ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථය සහ රූපවාහිනී මඟින්
විකාශය නොවූ ආධුනික නිර්මාණකරුවන්ගේ නිර්මාණ අගය කිරීම උදෙසා හොඳම කෙටි චිත්‍රපටය
සඳහා ස්වර්ණ, රජත සහ ලෝකඩ පදක්කම් තුනක් පිරිනැමීම ද සිදු කෙරේ.
මෙදින රූපවාහිනී ක්ෂේත්රයට කරන ලද සේවාව උදෙසා බර්ටි ගුණතිලක, නොයෙලින් හොන්ටර් සහ
කමලනී සෙල්වරාජන් තිදෙනාට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන යාවජීව සම්මානයෙන් පිදුම්
ලැබීමට නියමිතය. රූපවාහිනී මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ප්‍රවීණ ලේඛකයන් රැසකගේ ලිපි
ඇතුළත් රූපවාහිනී සමීක්ෂා ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයේ හත්වැනි කලාපය ද එදින නිකුත්
වනු ඇත. මෙයට සමගාමීව ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන දිමුතු මුතු ටෙලි නාට්‍ය විකාශය
කර වසර 30 ක් සපිරීම වෙනුවෙන් එම ටෙලි නාට්‍යයට දායක වූ ශිල්පීන් සඳහා සහ ටෙලි
නාට්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් ඉටු කළ ටෙලි නිර්මාණවේදීන් 10
දෙනෙකුට විශේෂ ඇගයීම් සම්මාන ද ප්රදානය කෙරෙනු ඇත.
- ප්‍රසාද්
|