|
මොරටු පුරෙන් කලා ලොවට ආමිල්ටන් සෙබස්තියන් මිල්ටන් සෙබස්තියන් මොරටු පුරවරයෙන් කලා ලොවට පිවිසි කලාකරුවෙක්. හැත්තෑව දශකයේදී කලා ලොවේ ගමන් ඇරැඹි මිල්ටන් රංගනයේ මෙන්ම නිවේදනයේත් හඬ ශිල්පයේත් එක ලෙස දස්කම් දක්වන ජනප්‍රිය චරිතයක්.
1973 වසරේදී නිවේදනය කරමින් මෙරට ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක් වේදිකාවට කැඳවීමේ භාග්‍ය උදා කරගත් ඔහු 1976 වසර වන විට පසුබිම් හඬ ශිල්පියෙකු ලෙස ද තවත් පියවරක් ඉදිරියට තැබීය. ‘ප්‍රගති’, ‘සුජාතා’, ‘එක අහසක් යට’, ‘මහ ගෙදර’, ‘සුභන්්යා’, ‘චින්ති’, ‘සුජාත දියණී’, ‘සුසුරන්’, වැනි ටෙලි නාට්‍ය මෙන්ම ‘ස්කුබි ඩු’, ‘අපි රජ ඉබ්බෝ’ කාටුන් වැඩ සටහන්වලට ද ඔහුගේ හඬ මුසු විය. ජාතික රූපවාහිනි සංස්ථාවේ ‘බී’ ශ්‍රේණියේ හඬ කැවීම් ශිල්පියකු ලෙස සමත් මිල්ටන් මේ වන විට රූපවාහිනි නාලිකා කිහිපයකම වැඩසටහන් රැසකට හඬ කැවීමෙන් දායක වී තිබේ. කලා ලොවේ තවත් මාවතකට යොමු වෙමින් ඔහු ටෙලි නාට්‍ය රංගනයට ද පිවිසෙන්නට වරම් ලබා ගත්තේය. රංගන ජීවිතය තුළ ඔහු ‘මුතු කිරිල්ලී’, ‘කාව්‍යා’, ‘පතිනි’, ‘වසූදා’, ‘රෝස කටු’, ‘පිණිබර යාමය’, ‘යශෝදරා’, ‘යර්ස් මැඩම්’ සහ ‘සාරංගනා’ තුළින් සිය රංගන හැකියාව එළි දැක්වීය. මීට අමතරව ‘ඩාන්සින් ස්ටාර්’, ‘ලව් ඉන් මොන්ටිසෝරි’ සහ ‘පීටර් වන්’ චිත්‍රපට හරහා සිනමා රංගනයට ද පිවිසියේය. රත්නසිරි පරණවිතානගේ ‘සිද්ධාර්ථ’ හා ජගත් කරුණාසේනගේ ‘දිසාපාමොක්’ වේදිකා නාට්‍ය රංගනයට ද එක් වූ ඔහු ඉදිරියේදී වේදිකා නාට්‍යය ක්ෂේත්රයේ ද දිගුª ගමනක් යන්න සූදානම්ව සිටියි. පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ගමනේදී මේ වසරේ පැවැති කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේදී ‘කොළොම්තොට භූෂණ’ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය. ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘අහංකාර ස්ත්‍රී’, ‘මහිංසා’, ‘හිරු දරුවෝ’ ටෙලි නිර්මාණ තුළින් ඔබට මිල්ටන්ගේ රංගනය දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 0777512229 ඔහුගේ දුරකථන අංකය ආදරණීය පාඨක ඔබගේ අදහස් වෙනුවෙන් විවෘතව පවතී.
|