|
අසූවෙදි වුණත් විවාහ විය හැකියිප්රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා කියයි අවිවාහක වුවහොත් යම් දිනක තනිවන්නට සිදුවේ යැයි යන මතය සමාජයෙහි වැඩිදෙනෙකු දරන අදහසකි. එනමුදු විවාහ වී දරුවන් හැදූ වැඩූ ඔබ ද යම් කලකදී තනිවන බව මඳක් සිතුවේද? තනිකම සියල්ලන්ටම පොදු වූ කාරණයකි. ‘තනි මංසල’ විශේෂංගයට පිවිසෙන ඔවුහු ජීවිතය නමැති මංසලෙහි ගෙවන තනිකඩ ජීීවිතය පිළිබඳ මෙසේ පවසති. මෙවර තනි මංසලට සහභාගි වන්නේ රංගන ශිල්පිනී දීපානි සිිල්වායි.
* ඔබ මේ දවස්වල මොනවද කරන්නේ? ‘මේ දවස්වල විකාශය වන ‘තූර්යා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරයි මගේ දවස වැඩිපුරම ගත වෙන්නේ. ඊට අමතරව ළඟදීම රූපවාහිනියේ විකාශය වීමට නියමිත ‘හිරු දරුවෝ’ ටෙලි නාට්‍යයෙහි රූගත කිරීම්වලට ආරාධනා ලැබිලා තියෙනවා. මේ කටයුතුª දෙකත් සමඟයි මා වැඩිපුර කාලය ගත කරන්නේ.’
* ඔබ මේ දවස්වල ඒතරම්ම කාර්යබහුල චරිතයක් නොවේ කියල ද ඔය කියන්නේ? ‘මේ මාසයේ ඒ තරමටම මා කාර්යබහුල කෙනෙක් නොවුණත්, උදා වන නව අවුරුද්දේ නම් මා බොහොම කාර්යබහුල කෙනෙක් වේවි. ඒ මොකද මුළු මාසයේම රූගත කිරීම් රැසකටම සහභාගිවීමට නියමිත නිසයි.
* කාර්යබහුලත්වය පිළිබඳ යම් ගැටලුවක් පැන නොනඟින්නේ ඔබ වගකීම් රාශියකින් නොබැඳී සිටින්නියක් නිසා ද? ‘එහෙම නිසා නොවෙයි. මගේ එකම ආදායම් මාර්ගය වෙන්නේ රංගනයයි. යම් කෙනෙක් තමා කරන රැකියාව නිසා කාර්යබහුල වෙන්නේ යම් සේ ද, මමත් මගේ රැකියාව නිසා කාර්යබහුලයි. ඒක අරුමයක් නොවෙයි.’
* විවාහ නොවී සිටින කෙනෙක් ලෙස ඔබට පැවැරී තිබෙන වගකීම් ප්‍රමාණය අඩුයි. ඒ අනුව ඔබ මේ තරමටම කාර්යබහුල විය යුතුª ද කියලා යම් කෙනෙක් සිතුවොත් ඒ ගැන ඔබ මොකද කියන්නේ? ‘විවාහ වුණ අයත් සමඟ ගත්තොත් මට පැවරී තිබෙන වගකීම් අඩු බව ඇත්තයි. ඒත් දීපානි සිල්වා කියන භූමිකාවට විවාහ නොවූවාය කියා අනෙකුත් වගකීම්වලින් මිදී පලා යා නොහැකියි. විවාහ වූ අය තරමට නොවූවත් මා වෙත පැවරුණු වගකීම් රාශියක් තිබෙන බව කිව යුතුයි.’
* ඔබගේ ජීවිතයේ ඔය තරමටම පැවැරී තිබෙන වගකීම් මොනවාද? ‘මට මූලිකව පැවරී ඇති වගකීම වන්නේ ජීවත්වීමේ වගකීමයි. ජීවත්වීම සඳහා අවශ්‍ය දෑ ලබා ගැනීමට මුදලක් සොයා ගැනීමේ වගකීම සැම වගකීමකටම වඩා ප්‍රබලයි. ඊට අමතරව මගේ සහෝදර, සහෝදරින්ගේ, අම්මගේ, මිතුරු මිතුරියන්ගේ, හිතවතුන්ගේ කටයුතු සොයා බලා ඔවුන්ට උදව්වීමේ යම් වගකීමක් මා සතුයි. විවාහ නොවීම නිසා වගකීම් අඩු යැයි සිතුණත්, සමහර වෙලාවකට ඔවුන්ටත් වඩා වැඩි වගකීම් රැසක් අපගේ හිස මත පැටවෙන වෙලාවල් තිබෙනවා. සමහර අවස්ථාවලදී සෑම දෙයකින්ම නිදහස් පුද්ගලයන් කියලා හිතලා වගකීම් රැසක්ම බාර ගන්න අවස්ථාත් නැතිවාම නොවෙයි. මේ අතර සමාජයට හා රටට මගෙන් විය යුතු වගකිම් රැසක් ද තිබෙන නිසා ඒ සියල්ල ඉටු කරන්නත් මා නිතර පෙලඹෙනවා.’
* සමාජයෙහි කෙරෙන කටයුතුවලදීී ඔබ වැඩි බරක් කරට අරගෙන වැඩ කටයුතු කරන කාන්තාවක් බව අප දන්නා කාරණයක්. එසේ කළ හැක්කේ ඔබ තනිවම වෙසෙන කාන්තාවක් නිසාද? ‘මට එහෙම කියන්න අපහසුයි. මම ඕනෑ තරම් දැකලා තිබෙනවා තමන්ට කොයි තරම් දරු මල්ලන් හිටියත් සමාජයට විය යුතු වගකීම් ඉටු කරන කාන්තාවන්. මේ අවස්ථාව්දී මගේ මතකයට නැෙඟන්නේ මගේ පියා පිළිබඳ මතකයයි. දරුවන් හය දෙනෙක් සිටිය පියෙකු විදියට ඒ සියල්ලන්ටම වගකීීම් ඉටු කරන අතරම, වෘත්තීය සමිති නායකයෙක් විදියටත් ඒ සමාජ වගකීම් ඉටු කළ බව මා දන්නවා. ඒ සියලු දේ ඔහු ඉටු කළේ තමාගේ ශක්ති ප්‍රමාණයෙන්. අනිත් කාරණය වන්නේ විවාහයයි. විවාහය කියන එකට වයස් සීමාවක් තැබිය නොහැකියි. මට හෙට වුණත් විවාහ විය හැකියි. නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය බලන්න. ඔහු වයස අවුරුදු 80 දී වුණත් විවාහ වුණා. ඒ අනුව විවාහය කියන දෙය ඕනෑම වයස් සීමාවකදී සිදු විය හැකියි. නමුත් එහිදි නැතිව යන්නේ අනාගත පරම්පරාවක් බිහි කිරීමේ ශක්තිය පමණයි.’
* මෙහෙම සිතද්දී ඔබටත් යම් දවසක විවාහ විය හැකියි? ‘විවාහය සඳහා වයස් සීමාවක් ඇත්තේ නැහැ. විවාහය කියන කාරණය මා අදහස් කරන්නේ ලයිසන් එකකට කොටුවුණු කාරණයකට වඩා එහා ගිය කාරණයක් ලෙසයි. හඳුනා ගැනීම, ආදරය, ප්‍රේමය මත විවාහය සිදු විය හැකියි. විවාහය කියන දෙය ලයිසන් එකකට සීමා කරනවාය කියන එක පිළිබඳ ලොකු පැහැදීමක් මට ඇත්තේ නැහැ. අතීතයේ අපේ රටේ ලයිසන් නැති එවැනි විවාහ සිද්ධ වුණා. ඔවුන් දරුවන් හැදුවා. දරුවන්ගේන් බිහිවුණ මුනුපුරොත්, මිනිබිරියොත් හැදුවා, වැඩුවා. සාර්ථක පවුල් ජීවිත ගත කළා.’
* ඔබ එහෙම නම් විවාහ නොවුණේ ඇයි? ‘විවාහ නෙවුණේ ඇයි කියන ප්‍රශ්නයට මට ස්ථිර වශයෙන් පිළිතුරක් දිය නොහැකියි. ඒ ඒක ඉස්සරහදිත් සිදු විය හැකි නිසයි.’
* තරුණ කාලයේදී ඔබ ආදරය කරලා තියෙනවාද? ‘ආදරය කියන කාරණය පිළිබඳ කතා කළොත් අපි ඉපදුන දා පටන් කරන්නේ ආදරය සොයාගෙන යන එකයි. කුඩා කාලයේදී අපි අම්මාගේ, තාත්තගේ ආදරය ලබනවා. ඊට පස්සේ සහෝදර - සහෝදරියන්ගේ ආදරය ලබනවා. තරුණ වයසට ආවට පස්සේ ඒ කාලයේදී ශාරීරිකව, ස්වභාව ධර්මයත් සමඟ එහාට ගිය ආදරයක් බලාපොරොත්තු වෙනවා. ශාරීරීකවම ඒ ආදරය ඉල්ලා සිටිනවා. ඒවා අපට අමුතු දේවල් නෙවෙයි. මමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඒ නිසා පාසල් යන කාලයෙදී මටත් එවැනි දේ ඇති වුණා. ඒ කාලයේ අපි යාළුවොත් එක්ක එකතුª වෙලා ලියුම් ලිව්වා. ලිියුම් යැව්වා. ඒ කාලය බොහොම සුන්දරයි.
* විවාහ නොවුණත් ජීවිතය බෙදා ගත හැකි ළෙන්ගතු යහළු – යෙහෙළියන් ඔබටත් ඕනෑ තරම් සිටිනවා කියලා කිව්වොත්? එවැනි ළෙන්ගතුª යහළු - යෙහෙළියන් කාලයකදී අපට ඕනෑ වෙනවා. ජීවිතයේ පැන නඟින යම් යම් ප්රශ්නවලදී කතා කළ හැකි බොහොම ළෙන්ගතු මිතුරන් මට තවමත් සිටිනවා. එවැනි විශේෂිත අය මට ඕනෑ තරම් සිටිනවා. මා මේ සියලුදෙනා අතරේ සැරිසරන විට එකිනෙකාට දක්වන ආදරය පුදුම සහගතයි. මගේ නිවැසියන්ට දක්වන ආදරය නෙවෙයි මා මාගේ යහළු මිත්‍රාදීන්ට දක්වන්නේ. ඒ නිසා ආදරය, ළෙන්ගතුකම යනු විවිධ කාරණායි.’
* ජීවිතයේ ඔබට ලබා ගැනීමට නොහැකි වූ යම් කාරණයක් සම්බන්ධයෙන් ඔබ කනගාටු වෙනවාද? මට ලබා ගන්නට නොහැකි වුණු එකම දෙයක් ලෙස හැඟෙන්නේ මාතෘත්වය පමණයි. ඒ ගැන මා කනගාටු වෙනවා වගේම මා කෙරෙහි මාතෘත්වයක් තිබෙන බව ද කිව යුතුයි. මගෙන් දරුවෙක් බිහි නොවුණට මා කෙරෙහි වන මාතෘත්වයෙහි අඩුවක් මා දකින්නේ නැහැ. මගේ අක්කලාගේ, අයියලාගේ ළමයි මා හදලා, වඩලා තියෙනවා. ඔවුන්ට කවලා පොවලා තියෙනවා. ඔවුන්ට මොනව හරි දෙයක් වෙනකොට මට දැනෙනවා. ඔවුන්ට මොනව හරි ගැටලුවක් ඇති වුණොත් ඉස්සෙල්ලාම කියන්නේ මටයි. එවැනි බැඳීමක් මට තියෙනවා.
* තනිකමක් දැනිලා නැති වග ද ඔබ ඔය පවසන්නේ? මගේ ජීවිතයේදීම මට තනිකමක් දැනිලා නැහැ. මම තනි වෙලා නැහැ. එදා ඉඳලා අද වනතුරුත් මා වටා ගොඩක් අය හිටියා. ඒ නිසා මතුවටත් ඒ අය මාත් සමඟ සිටීවි. මේ නිසා කිසිම දවසක තනි නොවේය කියන විශ්වාසය මට තිබෙනවා.’ |