|
ලංකාවෙන් නිල් පෙන් වූ ඉන්දියානු සිනමා උළෙල
මේ අතරින් එක් චිත්‍රපටයක් වනුයේ ජපානය විසින් තරගකාරි අංශය සඳහා ඉදිරිපත් කරන ලද ලයික් ෆාදර් ලයික් සන් චිත්‍රපටයයි. හිරොකසි කොරිඩා විසින් නිර්මාණය කරන ලද එම චිත්‍රපටය මේ වන විටත් ජාත්‍යන්තර සිනමා උත්සව රැසක දැඩි අවධානයක් දිනා ගත් චිත්‍රපටයකි.එක් නොසිතූ මොහොතක නාගරික ධනවත් සහ ගැමි මැද පංතියේ පවුලකට ලැබෙන පණිවිඩයක් නිසා ඔවුනගේ ජීවිත නොසිතූ මොහොතක දෙයාකාරයකට ගලා යන්නට පටන් ගනියි.මේ පණිවිඩය ලැබෙනුයේ රෝහලකිනි.
එනම් මෙය වසර ගණනාවකට පෙර මේ දෙපිරිසට රෝහලක දී ලැබුණු
දරුවන් දෙදෙනා හෙදියක විසින් වෙන් කර මාරු කළ බවයි. දරුවන් සැබෑ මව්පියන් වෙත
නීත්‍යානුකූල ව යොමු කළ ද ඔවුනොවුන් අතර ඇති වුණ බැඳීම් වෙන් කරලීම පහසු කටයුත්තක්
නොවෙයි. මුදල් ඉපැයීම සිය ජීවිතය බවට පත් කර සිටි නගරයේ ජීවත් වන රියෝට ජීවිතය යනු
කවර ආකාරයේ බැඳීම් සමූහයක් දැයි සිතන්නට කාලයක් ඉතුරු වන්නේ එයින් පසුවය.විටෙක ඉතා
සංවේදී මෙන්ම මිනිස් බැඳීම් යනු කවරාකාරයෙන් විග්‍රහ කළ යුතු දෙයැක්දැයි මේ සිනමා
නිර්මාණය අපට පසක් කර දීමට සමත් වෙයි.දාරක ස්නේහය යනු වැදීමෙන් පමනක් හට ගන්නා
හැඟිමක් ම නොවේ. එය හෙමින් හෙමින් එකිනෙකා අතර ඇතිවන බැඳීම් හරහා ගොඩ නැගෙන
මනෝරම්‍ය ආකෘතියක් බව සිනමාකරු අපට විශ්වාසනියත්වයෙන් යුතුව කියා පාන්නට සමත් වෙයි. මෙවර උළෙලේ ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම අවධානය දිනූ සිනමා නිර්මාණය ලෙස සැළකිය යුත්තේ පෝලන්තය නියෝජනය කළ ඉන් හිඩිංග් නම් චිත්‍රපටයයි. තරගකාරී අංශය නියෝජනය කළ එම චිත්‍රපටයේ රඟපෑ බොක්සාර්ස්කා මග්දලේනා හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය මෙවර දිනා ගත්තීය. 44 වසරක ඉන්දියානු සිනමා උළෙලේ එම සම්මානය තෙවරක්ම හ්‍රී ලංකාවට හිමි වූ වග මෙහිදී මට සිහිපත් වෙයි. එනම් මල්දෙණියේ සිමියොන් උදෙසා අනෝජා වීරසිංහ,ආකාස කුසුම් සඳහා මාලිනී ෆොන්සේකා සහ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සඳහා ඉන්දියානු නිළි අංජලී පටිල් දිනා ගත් අවස්ථාවන්ය.ඉන් හිඩිංග් චිත්‍රපටයට පාදක වනුයේ දෙවන ලෝක මහා සංග්‍රාම සමයයි.පෝලන්තයේ නගරයක වෙසෙන ජනිනා සිය නිවසට එද්දි දකිනුයේ තම පියා විසින් නිවසේ සඟවා පණ බේරා දෙන යුදෙව් තරුණියකි.කෙසේ වෙතත් ජනිනා ගේ පියා ද නාසින් විසින් අත් අඩංගුවට ගත්ත ද යුදෙව් තරුණිය හසු නොවේ. තරුණිය ගේ පණ බේරා ගන්නට අනතුරුව ක්‍රියාත්මක වුයේ ජනිනා ය. එහෙත් නොදැනුවත්වම මේ ගැහැනුන් දෙදෙනා අතර සම ලිංගික සබඳතාවයක් ඇතිවෙයි.අනතුරුව රුසියානුන් විසින් පෝලන්තය අල්ලා ගත්ත ද ඒ බව තරුනියගෙන් සඟවන්නට ජනිනා කටයතු කරයි.ඒ තරුණියගේ අභිලාෂය එයින් පිටත්ව යළි නිදහස් ලෝකයට අවතීර්ණය වීම බැවිනි. එහෙත් රහස සදාකල් රැක ගැන්ම උගහට කරුණක් වෙයි. ඉතා සූර ලෙස ගොතන තිරනාටකයක් නිසාම එහි විශ්වාසනීයත්වය වරින් වර රූටා වැටුන ද ඉන් හිඩිංග් යනු ප්‍රෙක්ෂකයා ආසනයේ ඉදිරියට ගෙනැවිත් ඇස් දල්වා බලා සිටින වර්ගයේ චිත්‍රපටයකි. තිර නාටකයේ ඇති ගොඩ නැගීමේ ව්‍යාජත්වය පවා ප්‍රේක්ෂකයන්ට නොදැනෙන්නේ එහෙයිනි. එමෙන්ම ජනිනා ලෙස චරිත නිරූපනය කරන මග්දලේනා ගේ චරිත නිරූපනය මෙම සිනමා උළේලේ වඩාත්ම ආක්ර්ෂණීය රංගනයයැයි කීම අතිශයෝක්තියක් නොවේ.ඉන් හිඩිංග් චිත්‍රපටය මා සමග නැරඹූ අපේ සම්මානනීය කලා අධ්‍යක් ලාල් හවීන්ද්‍රනාත් ඇය හොඳම නිළිය වන බවට මා සමග ඔට්ටුවක් ද ඇල්ලුවේ එබැවිනි. එමෙන්ම පළපුරුදු සිනමාකරුවකු වන ජාන් කිදාවා බ්ලොන්ස්කි ගේ සිනමා රටාව අමතක නොවන වර්ගයේ සිනමා කෘතියක් තිළිණ කරන්නට සමත් වෙයි.
ලෝක සිනමා අංශයේ ම ප්‍රදර්ශණය වූ ජර්මනියේ රෝලන්ඩ් රෙබෙර් අධ්‍යක්ෂණය කළ ඉලුෂන් චිත්‍රපටය එක් රාත්‍රියක අවන්හලක සාදයක හමුවන මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ ජාගර සිත් වලට එබිකම් කළ චිත්‍රපටයකි. එහි එන එකම ගැටවරයා මිනිසුන්ගේ ඉරියව් ඒ මොහොතේම ෆේස් බුක් අඩවියට එක් කරයි. එහෙත් එයින් දකින මිනිස් ක්‍රියාකාරකම් වලට වඩා එහා සිතුවිලි ඔහුට ගෝචර නොවෙයි.විවිධ තලයන් ඔස්සේ චිත්‍රපටය එහි සිටින වැදගත් මිනිසුන්ගේ සැඟවුණ ජිවිතය හෙළි දරව් කරන්නේය.
ජර්මානු සාහිත්‍ය පිලිබඳ දැනුමෙන් යුත් ඔහු නිසා ජස්ටිනෝ පංතියේ කැපී පෙනෙන සිසුවකු වෙයි.එහෙත් මේ සමග දරුවාට හොරෙන් ගුරුවරිය සහ ජර්මානු තරුනයා සමග ප්‍රේම සබඳතාවයක් ඇරඹෙයි. ගමේ සිදුවන මිනිමැරුමකට ගම්මු සැක කරනුයේ ජර්මානුවාය.ඛේදවාචකයකින් කෙලවර වන මේ චිත්‍රපටය පුරා දිව යන පනහ දශකයේ ගමක වෘතාන්තය නරඹද්දි දේහ විලාසයෙන් වෙන් වුව ද මේ නාඳුනන රාජ්‍යයේ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය ද අපේ ගමක මිනිසුන් අතර ද කිසිදු වෙනස් කමක් නැති වග නිතැනින් වැටහෙයි. ජර්මනියේ ඈන් සෝරා බෙරාස්ඩ් ගේ ටූ මදර්ස් චිත්‍රපටය දරුවෙකු අපේක්ෂාවෙන් කටයුතු කරන සමලිංගික කාන්තා යුවලක් වටා ගෙතුනකි.එය බෙහෙවින් විවදාත්මක මාතෘකාවක් වුව ද සිනමාකාරිණිය එයින් ඔබ්බෙහි තිබෙන සාමාන්‍ය මිනිස් හැඟීම් පිලිබඳ නව දැක්මකින් යුක්තව කටයතු කරන්නට සමත් වන්නීය. මෙවර සිනමා උළෙල සදහා ශ්‍රී ලාංකික චිත්‍රපටය ලෙස තිර ගත වූයේ ලින්ටන් සේමගේ අධ්‍යක්ෂනය කළ නිල් චිත්‍රපටයයි. පාදඩයා සහ මගේ වම් අත යන චිත්‍රපට ද්විත්වය නිර්මාණය කළ පසු වර්තමානයේ අමෙරිකාවේ දිවි ගෙවන ලින්ටන් එකල බලාපොරොත්තු සහගත සිනමාකරුවක් ව සිටියේය. ඉතා අඩු වියදමකින් නිර්මාණය කළ නිල් චිත්‍රපටයට පාදක වනුයේ වසර ගණනාවකට පෙර මෙරටින් පලා ගිය පුවත්පත් කලාවේදියකු පිළිබඳ කතාවකි.සිනමාකරණයෙහිලා ලින්ටන් ගේ වෑයම නොතකා හැරිය නොහැකි නමුත් මේ චිත්‍රපටය ඔහුගේ මුල් චිත්‍රපටය හා සසඳද්දී ගව්ගණනාවක් පසුපසින් සිටින බැව් මගේ හැඟීමයි. කෙසේ වෙතත් චිත්‍රපටය සම්බන්ධව ලින්ටන් සමග සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවක් පැවතිය ද ලින්ටන් උළෙලට සහභාගි නොවිණ.එමෙන්ම චිත්‍රපටය තිර ගත කරන ලද්දේ ද ලෝක සිනමා අංශයේය. සිනමා උළෙලලේ තවත් චිත්‍රපට කිහිපයක් පිළිබඳ වඩාත් විස්තර ලියන්නට අවශ්‍යව ඇතත් මේ කෙටි ලිපිය එයට ඉඩ නොදෙයි. එබැවින් මේ වෑයම එබඳු චිත්‍රපට කිහිපයක් පිළිබඳ හදුන්වාදිමක් ලෙස සැළකිය යුතු මනාය.
|