|
මේ ප්‍රේම කතාවට අවුරුදු 8 යි
ධනංජය සිරිවර්ධන විවාහ ගිවිස ගෙන
* ධනංජය සිරිවර්ධන? ඔව් කියන්න.
* අපි මේ අහන්න හදන්නේ? මං දන්නවා ඔයාලා අහන්න හදන්නේ මොකක්ද කියලා.
* එහෙමනම් කියන්නකෝ බලන්න? මං විවාහ ගිවිස ගත්තා.
* හදිසියෙම? හදිස්සියක් නැහැ. මේවා බොහොම කාලාන්තතරයක් තිස්සේ ප්ලෑන් කරපුවා.
* කවුද ඇය? ශෂිනි ෆර්ඩිනැන්ඩස්.
* කොහොද වැඩ කරන්නේ? ඇය ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක්.
* එතකොට පදිංචිය? ශෂිනි විදෙස් ගතවෙලයි ඉන්නේ.
* මොන රටේද? ඒවා දැන්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඇය ලංකාවට ආපු වෙලාවක වැඩි විස්තර ඇයගෙන්ම දැනගන්න.
* කොහොමද ශෂිනිව මුණ ගැහුණේ?
ඉන්දික මල්ලවආරච්චිගේ ෆොටෝ ෂූට් එකකදියි අපි හමුවුණේ.
* කොයි කාලේ විතරද? මීට අවුරුදු අටකට විතර කලින්.
ඔව්. මම කෂේත්‍රයට ආපු කාලෙම වගෙයි ඇය හමුවුණේ. එදා ඉඳලා අද වෙනකම් ඇයත් මමත් හිතවත්කම් පැවැත්වූවා.
* පළමු හමුවීමෙන් පසු ඇය ඔබේ මිතුරියක් පමණ වෙන්න ඇති? එහෙම තමයි. අපි ගොඩක් කල් මිත්‍ර සමාගම පැවැත්වූවා.
* ඒ මිත්‍රත්වය ආදරයකට පෙරලුණේ? එහෙම දින වකවානු හරියටම කියන්න බැහැ. කොහොම හරි ආදරයකට පෙරලිලා අපේ හිතවත්කම.
* ඔබ පසුගිය කාලේ සෑම පුවත්පත් සාකච්ඡාවකදීම කියලා තිබුණේ පෙම්වතියක් නැහැ කියලා. කොහොමද මේ තරම් දක්ෂ අන්දමින් ඔබේ පෙම සැඟ වූයේ? ඇය ඉන්නේ විදෙස් ගතවෙලා. අනික අපි දෙන්නා ඉන්න ෆොටෝස් වැඩිපුර අරගෙනත් නැහැ. අනික පුවත්පත්වලින් පෙම්වතිය ගැන අහන සෑම අවස්ථාවකදීම ඇය මගෙන් තරමක් දුරස් වෙලයි හිටියේ.
* හරිම කපටි උත්තරයක් ඔබ දුන්නේ? මං කිව්වේ ඇත්ත. ඒක කපටි උත්තරයක් කියලා මම නම් හිතන්නේ නැහැ.
* ඇය මේ දින කිහිපයේ ඔබත් එක්කද ඉන්නේ? නැහැ. ඇය විදෙස් ගත වුණා. කෙටි නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවක තමයි අපි විවාහ ගිවිස ගත්තේ.
* ඔබ ඇගෙන් දුටුව විශේෂත්වය මොකක්ද?
* ඇයට ඔබව හොඳට විශ්වාසද? මං හිතනවා. නැතිනම් මෙච්චර කල් මගෙත් එක්ක ඉන්නේ නැහැනෙ.
* ඔබත් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම අතර ප්‍රේම සබඳතා තිබූ බවට පසුගිය කාලේ සෑහෙන්න කටකතා පැතිරුණා. ඇයට ඒවා අදාළ නැහැ.
* ඒ කියන්නේ එහෙම සබඳතා තිබුණද ? මං කිව්වේ කටකතා අදාළ නැහැ කියලා.
* එහෙනම් කටකතා හැදුණේ? මං බොහෝ වෙලාවට රඟපෑවේ ප්‍රේමවන්තයාගේ චරිතය. ඒ කාලයේදී කැමරාව ඉදිරියේ මං තාත්ත්විකව රඟපානවා. එවා දැකපු ඇතැම් අඥණයින්ට හිතෙන්නට පුළුවන් ධනංජය අහවල් නිළියත් එක්ක යාළුයි කියලා.
* සාමාන්‍යයෙන් ඔබට නිළියක් පිළිබඳ ඇත්තටම ආදරයක් පහළ වෙලා නැතිද? තියනවා. හැබැයි ඒ ආදරය සහෝදරත්වය වෙනුවෙන් පමණයි.
* හරි, කවද්ද ඔබෙයි ශෂිනිගෙයි විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ? ලබන අවුරුද්දේ විතර.
* ඉන් පසු ඇය දිගටම ලංකාවේ ඉඳීවිද? මම ලංකාවේ ඉන්නවද, එයා ලංකාවේ ඉන්නවද කියලා තවම තිරණයක් නැහැ.
* සුපුරුදු දඟකාර ධනංජය සිරිවර්ධනමද මින් ඉදිරියටත් සිටින්නේ? නැහැ. ක්‍රම ක්‍රමයෙන් මා තුළ සිටින දඟකාරයා නිද්‍රාශීලී තත්ත්වයට පත්වේවි.
|