වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




හැකියාවන් රැසක් සමඟ සරත් කුමාර කලා ක්ෂේත්‍රයට

හැකියාවන් රැසක් සමඟ සරත් කුමාර කලා ක්ෂේත්‍රයට

සරත් කුමාර රංගනය, ලේඛනය, කාව්‍ය හා ගීත රචනය, ළමා කෘති රචනය යන අංශ රැසක්ම සමඟින් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින කලා ශිල්පියෙක්. 1985 වසරේදී ජාතික තරුණ වර්ෂය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහුගේ රංගන ජීවිතය ඇරැඹෙන්නේ ගිල්බට් කඳනාරච්චි අධ්‍යක්ෂණය කළ ‘දුෂ්ඨ රජා සහ පාත්‍ර ධාතුව’ වේදිකා නාට්‍යයේ වළගම්බා රජුගේ චරිතයෙන්.

‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන සරත් කුමාර ‘දූවරු’, ‘සේපාලිකා’, ‘පිණි වැස්සක්’, ‘තාත්තේ අපි ආවා’, ‘මුතු පලස’, ‘පිත්තල කොණ්ඩෑරුම’, ‘ආදර සංධව්නිය’ ඇතුළු ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත. මේ දිනවල තිරගත කෙරෙන ‘දෝණි’ සිනමා නිර්මාණයට ද රංගනයෙන් දායක වූ ඔහු ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වී තිබේ.

සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘වෛෂ්ණාවි’, බර්වින් ලයිලි ප්‍රනාන්දුගේ ‘සඳළුතලේ කුමාරිකාවෝ’ ඒ අතර ප්‍රධාන වේ. කලා ක්ෂේත්‍රයේ දස්කම් දැක් වුව ද සරත් කුමාර වෘත්තියෙන් කළුතර අධ්‍යාපන කලාපයේ විෂය සමගාමි හා සෞන්දර්ය විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හා කළුතර අධ්‍යාපන කලාපයේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් සේවය කරමින් සිටිති. එමෙන්ම ‘හෙට ඉදි වෙයි අලුත් ලොවක්’ කාව්‍ය ග්‍රන්ථය හා ‘සඳමඬල’ ළමා ගී කැසට් පටය එළි දක්වා ඇති ඔහු ළමුන් වෙනුවෙන් ‘දඬුවම’, ‘දීීපාල් හා මයින් පැටියා’, ‘උපුලි’, ‘තෑග්ග’ සහ ‘සුදු කුකුළා’ යන කෘති ද රචනා කර තිබේ. ඊට අමතරව අධ්‍යාපනික ග්‍රන්ථ ලෙස ‘දැනුම වැඩුමට අත්වැලක්’ සහ ‘සිංහල බස උගනිමු’ කෘති ද ඔහු ුඑළිදැක් වූ කෘති අතර වේ.

ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘යකඩ දෝලී’, ‘මං අවුලඤ්ඤං’, ‘දුටු සතුටු මල’, ‘වෙරෝනිකා’ ඇතුªළු ටෙලි නාට්‍ය රැසකම ඔහුගේ රංගන හැකියාව ප්‍රේ්ක්ෂක ඔබට දැකගත හැකි වනු ඇත. රංගන ක්ෂේත්‍රයට දැඩි ලැදියාවක් දක්වන සරත් කුමාර චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සූදානමින් සිටියි. 0776570171 ඔහුගේ දුරකථන අංකයයි.