දවල් අව්වේ සවස වැස්සේ
දවල් අව්වේ
සවස වැස්සේ
සමිතා මුදුන්කොටුව ඇයගේ මල්සර මල් ගී නම් අලුත්ම යුග ගීයේ රූප රචනාවෙන් වෙනස්ම
මුහුණුවරකින් අප හමුවට පැමිණේ. ‘ඉවසයිද මන්දා’, ‘රෑ සඳ යායේ ගියා’ ආදී ගීී සඳහා
ජනප්‍රියත්වයක් දිනා සිටි ඇය මේ විරහ ගීයේ රූප රචනාවේදීත් අමන්දානන්දයෙන් යුතුව
රඟනු දැකිය හැකියි.
දකුණු ඉන්දීය ආරට හැඩවුණු සමිතා දමයන්ත කුරුප්පු සමඟ මුල් වරට ගයන මේ ගීයේ රූප
රචනයේදී සමිතා අමතක නොවන අත්දැකීමකට මුහුණ දෙනලදැයි එහි වීඩියෝකරණ අධ්යක්ෂවරයා වූ
ඒන්ජල් ප්රොඩක්ෂන්හි උදයංග තාබ්‍රෙව් පවසයි.
ඒ කොළඹ අධිආරක්ෂක කලාපයකදී විවිධ බාධා
මධ්‍යයේ කළ මේ රූගත කිරීම් අතරතුරදී දහවලේදී දැඩි අව් රශ්මියෙන් පීඩා විඳී සමිතාට
එදිනම සවස් වරුවේදී මොර සූරන වැස්සකට කොටු වී තෙතබරිත වන්නටත් සිදු වූ බවය.
ආනන්ද පද්මසිරිගේ පදවැලක් වන මල් සර මල් ගී සඳහා දමයන්ත කුරුප්පුගේ තනුව ඇසුරින්
සංගීත නිර්මාණය කොට ඇත්තේ රොෂාන්ද සිල්වා විසිනි.
සටහන – නුවන් මහේෂ්
|