කොච්චර කාලයකටද?
කොච්චර කාලයකටද?
සිසිර කුමාරතුංග හැත්තෑව දශකයේ මැද භාගයේ සිනමාවට පිවිසි සටන් නළුවෙක්. ‘රජ ගෙදර
පරෙවියෝ’ චිත්රපටයෙන් සිනමා රංගනය ආරම්භ කළ ඔහු නිරූපණය කළ චරිත ‘චණ්ඩි පුතා’,
‘චංචල රේඛා’ චිත්රපටවලින් වඩාත් කැපී පෙනුණා. කාලයක් පුරා සිනමා නිර්මාණ රැසකට
දායකත්වය ලබා දෙමින් ක්ෂේත්රයේ කටයුතු කළ සිසිර මේ දවස්වල වැඩ කටයුතු කරන්නේ
චිත්රපට නිෂ්පාදක සුනිල් ටී. සමගයි. මේ කතාව ආරංචි වූ කලා හිතවතෙක් සිසිරගෙන්
ප්රශ්නයක් ඇහුවා.
‘මචං, උඹ කොච්චර කාලයක් සුනිල් ටී. එක්ක වැඩ කරන්නද හිතාගෙන ඉන්නේ?’ තරමක් කලබල වූ
මේ සටන් නළුවා එක පාරටම අර හිතවතාගෙන් ඇහුවේ ‘ඇයි බං උඹ එහෙම අහන්නේ’ කියලයි. ‘නෑ .
. . ඉතිං උඹට වැඩි කාලයක් එක් කෙනෙක් එක්ක එක තැනක වැඩ කරන්න බෑනේ. ඒකයි මං ඇහුවේ’
කියලා හිතවතා හෙමිහිට එතැනින් යන්න ගියා.
|