වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

සදා නොවෙනස් වරක්ස්

විජේරත්න වරකාගොඩ එදා මුවන්පැළැස්සේ ආරච්චි, ලෙස තම කට හඬ දායකත්වය ලබා දෙමින් උසස්ම තත්ත්වයේ හඬ ශිල්පියකු වශයෙන් ලබා දුන් රස වින්දනයේ මතක සදා නොවෙනස්ව අප සිත් සටහන්ව පවතියි.

එසේම නැවත වරක්ස් හඬ සමඟම සිය රංගන දායකත්වය ද ලබා දෙමින් අති විශිෂ්ට රංගනයක යෙදෙමින් මැණිකෙට පමණක් භය පක්ෂපාතීත්වය දක්වමින් කෝරළේ මහත්තයා දෙවැන්නේ මැනවින් සිය කාර්යභාරය ඉටු කරයි.

විමල් රණසිංහ

කොළඹ 14

ඩොනල්ඩ් ගේ වෑයමට සුබපැතුම්

චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු වූ ඩොනල්ඩ් ජයන්ත විසින් ගව ඝාතනයට විරුද්ධව යන කතා පුවතක් පසුබිම් කර ගනිමින් චිත්‍රපටයක් නිපදවීම පිළිබඳ මාගේ හද පිිරි සතුට සමඟ තුති මල් මිටක් මෙසේ පුදන්නෙමි.

තිලකරත්න විල්වල

කෑගල්ල

තරුෂිට සුබපැතුම්

තරුෂි පෙරේරා නොබෝදා පාතැබූ යුග දිවියට මාගේ උණුසුම් සුබපැතුම්.

රංජනී සෙනෙහෙලතා

හල්මිල්ල වැව

කතාව හොඳයි හැසිරීම නරකයි

සිරීගේ ඉරණම ටෙලි නාට්‍යය හි කතාව ඉතාම හොඳයි. එහි ලාල් මහත්තයාගේ චරිතය චණ්ඩිකම් මැරකම කරන අයට නම් කදිම ආදර්ශයකි.

නීටා මාසලින්

කැලණිය

මතකයේ රැඳුන සංසදය

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රට පුරා විසිරුණ අසන්නන් එකතු වී මතකයේ රැඳුණ ගී නම් වූ සංසදයක් පිහිටුවීම ගැන අප බලවත් සේ සතුටු වෙමු. එයින් එකිනෙකා හඳුනා ගැනීමට ලැබෙනවා වගේම ඒ අයගේ අදහස් උදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව ලැබෙන බව මාගේ විශ්වාසයයි.

අජිත් ජෝතිය කරසිංහ

මත්තෙගොඩ

ගාමා, හැරිසන් තවමත් මතකයි

සරසවිය පුවත්පතේ ආරම්භයේ සිටම එහි දියුණුවට අත හිත දුන් හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ සහ කොල්ලුපිටියේ සිට රොක්සි වත්තට පදිංචියට ආ ඩබ්ලිව්. කේ. හැරිසන් පෙරේරා දෙපොළම අද ජීවතුන් අතර නැතත් ඔවුන් අප පාඨක හදවත් තුළ අමරණීයව සදා ලැගුම් ගෙන ඇත.

කමලා සෙනෙවිරත්න

හෝකන්දර දකුණ


SMS

ධනුක දිල්ෂාන් කියන්නේ මනා පෞරුෂයක් ඇති කඩවසම් නළුවකි. ඔහු නව පරපුරේ රංගන ශිල්පීන්ට මහත් අභියෝගයක් යැයි කිව හැකිය.

සෙව්වන්දි

වලස්මුල්ල

රජ හොරු නෙවෙයි රජ බොරු කියා එම චිත්‍රපටයට නම දැම්මා නම හොඳයි. අපරාදෙ ටිකට් එකට ගිය වියදම. අයියෝ සල්ලි.

සමන් ගාල්ලගේ

කැටපළ

රජ හොරු චිත්‍රපටයත් මරු. ඒකෙ ඉන්න රජ හොරු සෙට් එකත් මරු. මං ආසාවෙන් රස වින්දා. කාලයකට පස්සේ ආපු හොඳ චිත්‍රපටයක්.

සුමිත්

වතුරුගම

සිහින සින්ඩරෙල්ලා නාට්‍ය හැඩ වෙන්නේ නෙරන්ජලා අක්කා නිසා. ඔබව කාලෙකට පස්සෙයි අපි දැක්කේ. සතුටුයි අක්කේ ආයේ රඟපාන එකට.

වෙනුර

මාතර

රන් තරු ටෙලි සිතුවමේ සසංකා ලෙස රඟන භාග්‍යා හෙට්ටිආරච්චි තමයි පුංචි තිරයේ දඟකාරම පෙම්වතිය. කවදා හරි ඇය ලංකාවේ අංක එකේ නිළිය වෙනවාමයි.

පී. එන්. එ. නිලූකා

අවිස්සාවේල්ල

රටට සේවාවක් කළ කලාකරුවන්ට උපහාර දැක් විය යුත්තේ ඔවුන් මිය ගිය පසු නෙවේ. ජීවත්ව සිටින කාලයේදීය. ඉතින් මං අපේ කලා සංගම්වලින් ඉල්ලා සිටින්නේ අසරණ කලාකරුවන් සොයා බලා ඔවුනට උපහාර කරන ලෙසයි.

රත්න කහඳව

අලව්ව

දයාබර කාන්චනා අක්කේ,

ඔබ මේ දිනවල රගපාන ගිරිකුළ නාට්‍යයේ චරිතය වෙනුවෙන් ඉදිරි සම්මාන උළෙලයන් කිහිපයකදීම හොඳම නිළියට හිමි සම්මානය වෙන්වෙනු ඇත.

දිනූෂා

අවිස්සාවේල්ල

ඉසිවර වෙදැදැරු බොහොම හොඳ කතාවකි. ඇත්තටම එය හරිම ආකර්ශනීයයි. මම කොටසක් නෑරම ඒක බලනවා.

ධම්මික

රාජගිරිය

සුදර්ශන බණ්ඩාර අයියේ, ඔබ පුංචි තිරයේ හරිම අහිංසක පාටයි. සැබෑ ජීවිතයෙත් එහෙම ඇතැයි සිතේ. කවදා හෝ ඔබ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න.

ඉෂානි

කහවත්ත

සිංහ ගුවන් විදුලියෙන් සෙනසුරාදා ප්‍රචාරය කරන සිනෙරූ ගී වැඩසටහන මඟින් අප ලබන රස වින්දනය කියා නිම කළ නොහැක. එය ඉදිරිපත් කරන අනූෂාටත් මේ මොහොතේ සුබපැතුම් එක් කරමි.

බන්දුල ස්වර්ණසූරි

කළුතර

සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත ගව ඝාතනයට එරෙහිව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබුණා. මෙවන් වූ කාලෝචිත මාතෘකාවක් යටතේ සිනමාපටයක් නිර්මාණය කිරීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුදමි.

කැළුම් රාජභරණ

ගම්පොළ

බොලිවුඩයේ මධුරිත් ලංකාවේ දිල්හානි අශෝකමාලත් එක සමානයි කියලා මට හිතෙනවා. දෙදෙනාගේම දස්කම් එකයි.

සංක

පානදුර

ඉෂාරා සඳමිණි රන්තරු නාට්‍යයේ හොඳට රඟපානවා. ඒ වගේම ඒ නාට්‍යයත් ඉතා හොඳයි.

ශෂිකා

රත්නපුර

නවීන්

මොරටුව

අජිත් වීරසිංහ සිංදුවක් කරලා නේද? ඒකෙ නම කොළ කැඳ කියලයි දැනගන්නට ලැබුණේ. ඒකත් සිංදුවක්ද. ගෑනු ළමයි ටිකක් බාගෙට ඇඳගෙන නටවලා කොළ කැඳ බොන්න රතු බත් කන්න කිව්වට ගීයක් වෙනවාද?

සසංක

ගාල්ල

නවක නිළියන් හිද උදුම්වාගෙන සිටින බව ප්‍රවිණයකු පසුගිය දිනෙක පුවත්පත් සාකච්ඡාවකදී තියා තිබිණ. එය සැබෑවක් බව මට සිතේ. මන්ද යත් මෑත කාලයේ සිදු වූ නළු නිළි ගැටුම් ගැන තොරතුරු ලැබෙද්දී ඉහත කරුණ සත්‍යයක් බව පසක් වේ.

සපුමල් සේනාරත්න

කළුතර

ටෙලිය කෙටියි. ඇඩ් නම් වැඩියි. වෙලාවකට එපා වෙනවා ටෙලි නාට්‍ය බලන්න.

ගයාත්‍රි

මාතර

සෝමෙ මාමෙ, රේණු නැන්දේ සිරි පැරකුම් වගේ චිත්‍රපටයක් ආයෙත් කරන්නකෝ. මං ඉස්කෝලෙ යාළුවොත් එක්ක ගිහිල්ලයි ඒක බැලුවේ.

සිතුම්

කොට්ටාව

අපිටම කියා වේදිකා නාට්‍ය ගී කලාවක් තිබුණා. එහෙත් වර්තමානයේ බිහිවන වේදිකා නාට්‍යවලට එවැන්නක් නැහැ.

දීකිරි දීකිරි ගෙනාව දීකිරි වැනි ගීත කොපමණ ලස්සන ද බලන්න. එය කාලාන්තරයක් ගියත් අප මතකයේ තිබෙනු ඇත.

අමල්

දියතලාව

ස්වප්නා ටෙලි සිතුවමේ ස්වප්නාට හඬ කවන සුබුද්ධි ලක්මාලි ඒ කාර්යය හරියාකාරවම ඉටු කරනවා. ඒ වගේම ඇයගේ රංගනයෙන් හැඩ ගැන් වූ එස්. එස්. එල්. හිස් තැනක් නාට්‍යයේ ඇය ගොඩක් හොඳට රඟපෑවා.

පවිත්‍රා

බෙලිඅත්ත

චන්න – ගයාත්‍රි වෙන් වෙන්න එපා. එතකොට ඔබ දෙපොළත් ඩිවෝස් වෙච්ච අනිත් කලාකරුවන්ගේ තත්ත්වයට වැටේවි. මිනිස්සු ඔබලාට බනීවි.

අශාන්ති

මාලඹේ

ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව 0752805047
අංකයට කෙටි පණිවුඩ අයුරින් එවන්න. තැපැල්පත්, සටහන් පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතියි.
මේ දිනවල තිරගත වන චිත්‍රපට, ටෙලි නාට්‍යවල ඇසෙන ගීී පිළිබඳ ඔබේ අදහස් සඳහා වැඩි ඉඩකඩක් වෙන්වේ.