|
||||||
අලුත් අවුරුද්දට සූදානම් හොලිවුඩ් චිත්රපටනව වසර සිනමාවට වසන්තයකි. ඒ වසන්තයේ අසිරිය විඳින්නට ඔබ බලා සිටින්නේ නොඉවසිල්ලෙන් නේද? හොලිවුඩයේ තිරගත වීමට නියමිත නොබලා නොසිටීමට නොසිතෙන සිනමා නාමාවලියයි මේ.
* රයිඩ් අලෝංග් – ජනවාරි 17 වැනි දින තිරගත වීමට නියමිත අමෙරිකානු ක්‍රියාදාම විකට සිනමාපටයකි. ටිම් ස්ටෝරිගේ අධ්‍යක්ෂණයක් වූ මෙහි ප්‍රධාන චරිත රඟන්නේ අයිස් කියුබ් (රහස් පරීක්ෂක ජේම්ස් ලෙස) සහ කෙවින් හාට් (බෙන් බාබර්)ය. අති වේගයෙන් කතා කරන ආරක්ෂක නිලධාරී බෙන් ඔහුගේ ඥාති සොහොයුරා සමඟ ඇට්ලන්ටාවේ ඉන්ධන අලෙවි සලක පැය 24 ක් පුරා සේවය කිරීමට පෙලඹෙන්නේ තමන් ජේම්ස්ගේ සොයුරිය ඇන්ජෙලා සමඟ විවාහ වීමට තරම් සුදුස්සකු බව පෙන්වීමටයි.
* අයි, ෆ්‍රෑන්කන්ස්ටයින් – ජනවාරි 24 වැනි දින යුවෝන් ස්ට්රාහොව්ස්කි, බිල් හයි රඟන ස්ටුවට් බීට් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ‘අයි, ෆ්රෑන්කන්ස්ටීන්’ තිරගත වීමට නියමිතයි. සියවස් ගණනක් පැරැණි යුද්ධයකට මැදිහත් වන ෆ්රෑන්කන්ස්ටීන් නම් අද්භූත චරිතය වටා ගෙතුණු කතාවකි.
* ‘ද මොනියුමන්ට්ස් මෙන් – අමෙරිකානු හාස්‍යෝත්පාදක සිනමාපටයකි. ජෝර්ජ් ක්ලූනිගේ අධ්‍යක්ෂණයෙන්, මැට් ඩර්මන්, ක්ලූනි, බිල් මුරේ ප්‍රධාන චරිත රංගනයෙන් සිනමාපටය රස උල්පතක් වෙයි. සිනමාපටය නිර්මාණය වී ඇත්තේ ‘ද මොනියුමන්ට්ස් මෙන් අලයිඩ් හීරෝස්, නාසි තීව්ස් ඇන්ඩ් ද ග්‍රේටස්ට් ට්‍රෙෂර් හන්ට් ඉන් හිස්ට්‍රි’ නවකතාව ඇසුරිනි. සිනමාපටය තිරගත වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 7 වැනි දිනයි. කෞතුකාගාර අධ්යක්ෂවරු, ඉතිහාසඥයන්, දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී ගොස් එහි කලා නිර්මාණ අයිතිකරුවන් ලබාදීමට ගන්නා උත්සාහයක් ගැන මෙයින් කියවෙයි.
* ද ලීගෝ - අමෙරිකානු - ඔස්ට්‍රේලියානු පරිගණක සජීවිකරණ නිර්මාණයකි. වීරත්වය, හාස්‍ය කැටි කළ සිනමාපටය ෆිල් ලෝඩ් සහ ක්‍රිස් මිලර්ගේ අධ්‍යක්ෂණයකි. එය ලීගෝ ක්‍රීඩා භාණ්ඩ එකතුව ඇසුරින් නිර්මාණය වී තිබේ. පෙබරවාරි හත් වැනි දින සිනමාපටය තිරගත වෙයි.
* රොබෝකොප් - වසර 2028 කරා ප්‍රේක්ෂකයා රැගෙන යන සිනමා සිත්තමකි. 1987 දී මෙහි පළමු නිර්මාණය බිහි විය. අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධයක් සහ ක්‍රියාදාම සිනමාපටයක් වන මෙය 1987 වර්ෂයේදී කළ ඬර්මාණයේ ප්‍රති නිර්මාණයකි. ජෝයි කිනමන්, ගැරී ඕල්ඩ්මන් මෙහි ප්‍රධාන චරිත රඟති. සිනමාපටය තිරගත වෙන්නේ පෙබරවාරි 12 වැනි දිනයි.
* පොම්පෙයි – වහලෙක් සත්‍ය ප්‍රේමය ජය ගැනීමට ගන්නා උත්සාහය විග්රහ කෙරෙන්නෙකි. පෝල් ඩබ්. එස්. ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ කිව් හැරිංටන්, එමිලි බ්‍රව්නිං ප්‍රධාන චරිත රඟපාන සිනමාපටය තිරගත වෙන්නේ පෙබරවාරි 21 වැනි දිනයි.
* ත්‍රී ඩේස් ටු කිල් - ජෝශප් මැක්ගින්ට්ගේ ත්‍රාසජනක ක්‍රියාදාම සිනමාපටයකි. කෙවින් කොස්නර්, ඇම්බර් හාඩ් ප්‍රධාන භූමිකා නිරූපණය කරන ‘ත්‍රී ඩේස් ටු කිල්’ තිරගත වන්නේ ද පෙබරවාරි 21 වැනි දිනයි. විශ්‍රාම ගැනීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රහස් සේවාවක නිලධාරියකුගේ අවසාන රාජකාරිය ඉටු කිරීමටත්, දියණිය සමඟ සම්බන්ධ වීමටත් ගන්නා උත්සාහය පිළිබඳව ගෙතුණු කතා පුවතකි.
* නන් - ස්ටොප් - පෙබරවාරි 28 තිරගත කෙරෙන අමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයකි. ජෝම් කොලට් - සේරාගේ අධ්‍යක්ෂණයකි. ලියම් නීසන්, ජුලියෑන් මූරේ ප්‍රධාන චරිත රංගනයෙහි යෙදෙති. නිව්යෝර්ක් සිට ලන්ඩන් බලා යන අන්තර් ජාතික ගුවන් යානයක සිදුවන භයානක සිදුවීම් මාලාවක් ප්‍රේක්ෂකයන්ට සිනමාපටයෙන් දැකගත හැකි වෙයි.
* 300 : රයිස් ඔෆ් ඇන් එම්පයර් - මේ අමෙරිකානු - ඊශ්රාලයීය ක්‍රියාදාම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නයෝම් මුරෝය. 2007 වසරේ තිරගත වූ 300 සිනමාපටයේ දෙවැන්න මෙයයි. සලිවන් ස්ටැප්ලිටන්, ඊවා ග්‍රීන් ප්‍රධාන නළු නිළියෝයි. පෙබරවාරි 28 සිනමාපටය තිරගත වන දිනයයි.
* නීඩ් ෆෝ ස්පීඩ් – තවත් අමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයකි. තිරගත කෙරෙන්නේ මාර්තු 14 වැනි දිනයි. ස්කොට් වෝ අධ්‍යක්ෂණයක් වන මෙයින් සිරෙන් නිදහස් වුූ ටෝබේ මාෂල් මාවත් ධාවකයකුª වී මිතුරාගේ මරණයේ පලිය ගැනීමට ගන්නා උත්සාහය නැරැඹිය හැකියි. ආරෝන් පෝල්, ඉමෝජන් පූට්ස් ප්‍රධාන නළු නිළි යුවළයි.
පෙරමුණේ සිටින අනෙක් සිනමාපට හා තිරගත වන දින:
* මපට්ස් මෝස්ට් වෝන්ටඩ් – මාර්තු 21 (සංගීතමය විකට සිනමාපටයකි)* නෝවා - (ආගමික පුරාවෘත්තියකි) – මාර්තු 28* කැප්ටන් අමෙරිකා : ද වින්ටර් සෝල්ජර් – (සුපිරි වීර සිනමාපටයකි) – අප්‍රේල් 4* රියෝ 2 – (අමෙරිකානු ත්‍රිමාන සජීවිකරණ සංගීතමය, වීර, හාස්‍යෝත්පාදක සිනමාපටයකි. එය 2011 රියෝ සිනමාපටයේ දෙවැන්නයි)* සබෝටේජ් – (ත්‍රාසය පිරි ක්‍රියාදාම සිනමාපටයකි. ඇන්ඩ් දෙන් දෙයා වර් නන් නම් අගතා ක්‍රිස්ටිගේ නවකථාවේ ආභාෂය ලබා නිර්මාණය වූවකි) - අප්‍රේල් 11* ට්රාන්ස්සෙන්ඩන්ස් - (ත්‍රාසය පිරි විද්‍යා ප්රබන්ධයකි) – අප්‍රේල් 18* ද අමේසිං ස්පයිඩර් මෑන් 2 – (සුපිරි වීර සිනමාපටයකි. ද අමේසිං ස්පයිඩර් මෑන් නමින් 2012 තිරගත වූ සිනමාපටයේ දෙවැන්නයි) – මැයි 2* චෙෆ් – (ප්රහසනයකි) – මැයි 9* ගොඩ්සිලා - (විද්‍යා ප්රබන්ධයකි) – මැයි 16* එක්ස් මෙන් - ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් (සුපිරි වීර සිනමාපටයකි. එක්ස් මෙන් සිනමාපට මාලාවේ තවත් පියවරකි) - මැයි 23
අමතක නොවෙන කියුම්සිනමාව, ශිෂ්ට, අශිෂ්ට වචන මාලාවන්ට අපූරු තෝතැන්නකි. ජන ජීවිතයට සිනමාපට නිසා මොන තරම් වචන අලුතින් එක් වෙනවාද? මේ හොලිවුඩයේ සර්වකාලීන ජනප්‍රිය කියුම් කෙරුම්ය. ජනතා ඡන්ද විමසීමකදී වැඩිම මනාපය හිමි වී තිබුණේ මෙම වාක්‍ය ඛණ්ඩවලටයි. 1. ආමෝල්ඩ් ස්වාසනගර්ගේ ‘අයි විල් බී බැක් ‘(ටර්මිනේටර්, 1985)2. ‘බොන්ඩ් ජේම්ස් බොන්ඩ්’ (ඩොක්ටර් නෝ, 1962)3. ‘සුපර්කැලිෆ්රැගිලිස්ටයිසෙක්ස්ප්ලේඩෝසියස්’ (මේරි පොපින්ස්, 1964)4. ‘හූ යූ ගොන්නා කෝල්’ (ගෝස්ට්බස්ටර්ස්, 1984)5. ‘එලිමෙන්ටරි, මයි ඩියර් වොට්සන්’ (ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ෂර්ලොක් හෝම්ස්)6. ‘හීරීස් ජොනී’ (ද ෂයිනිං, 1980)7. ‘රන් ෆොරස්ට් රන්, (ෆොරස්ට් ගම්ප්, 1994)8. ‘යූ ටොකිං ටු මී?’ (ටැක්සි ඩ්‍රයිවර්, 1976)9. ‘ගුඩ් මෝනිං වියට්නාම්’ (ගුඩ් මෝනිං, වියට්නාම්, 1988)10. ‘අයි ලව් ද ස්මෙල් ඔෆ් නේපාම් ඉන් ද මෝනිං’ (ඇපොකලිප්ස් නව්, 1979) |
||||||