වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

තමන්ට පෙම්වතෙක් නැහැයි කියන ඇතැම් නිළියන්, එහෙම කියලා සතියක් ගත වෙද්දී විවාහ වෙලා. මේ විදියට මුසාබස් නිළියන් කියන්නේ ඇයි අර්ජුන්?

කරු මන්දාවල – නාත්තන්ඩිය

එය මුසාවක් වෙන්නේ කොහොමද? කවුද පෙම්වතාව විවාහ කර ගන්නේ කරු.

ඉන්දියාවේ ප්‍රථමයෙන් රූගත කළ සිංහල චිත්‍රපටය කුමක්ද?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව

දිව්‍ය ප්‍රේමය චිත්‍රපටය.

වීණා ජයකොඩි අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ රඟපෑ චරිතය කුමක්ද?

චන්ද්‍රසිරි මානවඩු - කෙරමිණිය, අම්බලන්ගොඩ

ඇය එහි කුඩා දැරියකගේ චරිතයක් රඟපෑවා.

ඔබට මතකද අර්ජුන් මල්ලි, ‘හතර වංශයේ හතර දෙනෙක්’, ‘මගේ වම් අත’ යන චිත්‍රපට තිරගත කළා ද කියලා?

දයානන්ද සිල්වා - සීනිගම

‘හතර වංශයෙන් හතර දෙනෙක් තිරගත වුණේ නැහැ. ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කළ ‘මගේ වම් අත’ නම් තිරගත වුණා.

හැමදාම එකම අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ ඇයි අර්ජුන්?

කරුණා වීරබාහු - නිවිතිගල

අහන්නේ එකම කට්ටියක් නිසානේ.

කොලිවුඩයේ තැනුණ ‘රාවන්’, ‘සූර්’, ‘දෙයල් තිරුමගල්’ වැනි දමිළ චිත්‍රපටවල රඟපෑ ප්‍රධාන නළුවාගේ නම කුමක්ද?

කේසර ආදිත්‍ය - ගම්පහ

වික්‍රම්.

අපේ පැරැණි සිනමාහල් වැසී යන්නේ ඇයි අර්ජුන්?

කේ. හේමසිරි – පානදුර

සිනමාහල් වැසී යන්නේ අපේ විතරක් නොවේ. ලෝකය පුරාම පැරැණි සිනමාහල් වැසී ගොස් අලුත් අංග සම්පූර්ණ සිනමාහල් හැදෙනවා. ඒ වාගේම චිත්‍රපට ප්‍රදර්ශනය අද පවතින්නේ සිනමාහල්වල පමණක් නොවෙයි.

‘මට ආලෝකෙ ගෙන දේවි’ මෙම ගීතය ඇතුළත් චිත්‍රපටය නම් කරන්න.

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

‘අයියයි මල්ලියි’ චිත්‍රපටයට.

දිනේෂ් ප්‍රියසාද් මහතාගේ ලිපිනය ලබා දෙනවාද?

47/ඒ/1/1, චැපල් ලේන්, නුගේගොඩ.

චිත්‍රපට සංස්ථාව ඇති වුණාම අප සිතුවා සිංහල සිනමාවේ සියලු ප්‍රශ්න විසඳේවි කියලා. එහෙම නොවුණේ ඇයි?

සරත් රණසිංහ – කපුගොඩ

මොකටද සරත් එහෙම හිතුවේ. වැරැද්ද තියෙන්නේ සිතිවිල්ලේ. ඕනැම දෙයකදී අලුත් අය මතුවීම ස්වභාවිකයි.

අර්ජුන් ඔබට රඟපෑමට අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?

පී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ල

රඟපානවා.

‘කටේ කිරි සුවඳ යන්නට’ ධර්මදාස වල්පොල ගයන ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද?

පහල යටිගෙදර අනුලා - කුඩගම

සංදේශය චිත්‍රපටයේ එම ගීතය අඩංගුයි.