|
|
සංජය ගුණවර්ධනගේ ‘ඉහිරුණු කිරි’ ජාතික රූපවාහිනියේ
සංජය ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි සිතුවම ඉහිරුණු කිරි සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම ජාතික රූපවාහිනියෙන් විකාශය වේ. ජයලාල් රෝහණ, බිමල් ජයකොඩි, මුතු තරංගා, ජගත් බෙනරගම, ශාලිකා එදිරිසිංහ, මියුරි සමරසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, කීර්ති රංජිත්, ජීවන් හඳුන්නෙත්ති, ශාන්බන්දු වීරසිංහ, නිශානි ගමගේ, රුවන් කණ්ඩලම, නිපුනිකා හේවාගමගේ, ජානක නිශ්ශංක, නීල් එදිරිසිංහ, හංසන දිල්ශාන්, නෙතලි නානායක්කාර, ලියෝනි කොතලාවල, කුමාර වඳුරැස්ස, කපිල සිගේරා, බියංකා ෆොන්සේකා, නිමාෂා ද සිල්වා, අසංක දේවමිත්‍ර පෙරේරා, සමන්ති ගනේගොඩ, වෙනුජ කිසත් ගුණවර්ධන, මේනුක ප්‍රේමරත්න, රංජිත් රූබසිංහ ඇතුළු නළු නිළියන් රැසක් මෙය රංගනයෙන් හැඩ කරති. ඉහිරුණු කිරි සංජය ගුණවර්ධන, කුමාර වඳුරැස්ස සහ පුන්සිසි වන්නිආරච්චිගේ නිෂ්පාදනයකි. ප්‍රියංකා අමරතුංගගේ තිර රචනයකි. පී. කේ. ලෙනාඩ් සහ දිලීප පුස්සැල්ල කැමරා අධ්‍යක්ෂවරුන්ය. සංස්කරණය සිතුම් චාමර ජීවගෙනි. විශාරද රෝහණ ධර්මකීර්තිිගේ සංගීත අධ්‍යක්ෂණයකි. කැළුම් අසේල උඩුවාවලගේ සහාය අධ්‍යක්ෂණයකි. විශාරද නන්දා මාලිනී ගායනයෙන් එක් වෙයි. චමින්ද ඉලුක්වෙලගේ කලා අධ්‍යක්ෂණයක්ය. අරුණ ශාන්ත ජයසූරිය අංග රචනයෙන්ද චන්දන ශ්‍රී සුධාරක නිෂ්පාදන කළමනාකරණයෙන් ද ඉහිරුණු කිරි සඳහා දායක වී ඇත. |



