|
|
චරිතයකට අනුගත වෙමින් හඬ සපයනවා කියන්නේ අසීරු වැඩක්ඇවටර් කාටුන් චිත්‍රපටයේ ‘ආංග්’ සඳහා හඬ දුන් සංජන සිතුමින් කියයි
බහ තෝරන වියේ සිටම කලාවට ආදරය කරන සංජන තවත් ළමා වැඩසටහන් කිහිපයකටම හඬ කැවිමෙන් දායක විණ. ඔහු තමන්ව හඳුන්වා දෙන්න ‘සරසවිය’ හමුවුණේ මෙන්න මේ අයුරිනි. මට හොඳින් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබුණා. එය වඩාත් හොඳින් අවබෝධ කර ගත්තේ මගේ අම්මා. අම්මගේ සහෝදරයෙක් වන දිමුතු පීරිස් මහත්මාට මාව හඳුන්වා දුන්නා. ඔහු වැඩ කළේ සිරස ආයතනයේ. දිමුතු මාමා මාව සිරස ආයතනනයේ හඬ පරීක්ෂණයකට යොමු කළා. එතැන් පටන් තමයි මට එහි චිත්‍රපට සහ වෙනත් වැඩසටහන් සඳහා හඬ මුසු කරන්න ලැබුණේ. ඒවා අතරින් ප්‍රධාන චරිතයකට හඬ කැව්වේ ආංග් සඳහා. ඇවටර් කාටුන් චිත්‍රපටය මං සෑහෙන වාරයක් නැරැඹුවා. ඒ නිසා එහි සමහර කොටස් මට කට පාඩම්. මාව ආංග් සඳහා හඬ කැවීමට සුදුසු බව යෝජනා කරලා තියෙන්නේ සිලැක්මා ක්‍රියේෂන් ආයතනයේ සමන් සිල්වා මහත්මා. සුරාජ් හේවගේ මහත්මා මට ඊට ගොඩක් උදවු කළා. වෙනත් කෙනෙකු නිරූපණය කළ චරිතයකට අනුගත වෙමින් හඬ සපයනවා කියන්නේ ඉතාම අසීරු කටයුත්තක්. එත් මං එවැනි අභියෝගවලට හරිම ආසයි. මං දැනට මොරටුව වේල්ස් කුමාර විදුහලේ ඉගෙනුම ලබනවා. අපේ විදුහල්පති සම්පත් වේරෙගොඩ මහත්මා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයත් මගේ යාළුවොත් මගේ කලා කටයුතුවලට බෙහෙවින් උපකාර කරනවා. මගේ ගමනට සහයක් වූ සමන් සිල්වා, සුරංජ හේවගේ, රෙක්ස් හැමිල්ටන්, හේමකාන්ති මනතුංග, අනුර ආටිගල, කේෂානි ප්‍රනාන්දු, චිරන්ත රන්වල, ජයරත්න ගලගෙදර යන මහත්වරුන්ටත්, මගේ පවුලේ සැමටත් ගොඩක් ස්තුති කරනවා.
|



සංජන සිතුමින් හේවාවිතාරණ වයස අවුරුදු දහ හතරක පාසල් යන සිසුවෙකි. ඔහු අපට හමුවන්නේ
හඬ කැවීමේ ශිල්පියකු ලෙසිනි. ලෝ ප්‍රකට ඇවටර් චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූ ඇවටර්
කාටුන් චිත්‍රපටයේ සිංහල පරිවර්තනයේ ප්‍රධාන චරිතය වූ ආංග් සඳහා හඬ මුසු කළේ ඔහුය.