|
|
අන්තිමට නිදාගන්නෙත් උදෙන්ම ඇහැරෙන්නෙත් මමයිරංගනයෙන් පුංචි තිරයට එක්ව අධ්‍යක්ෂණයට සැරසෙන ශ්‍රීලාල් වික්‍රමගේ
කොළඹ ඇවිත් මං දවසින් වැඩි හරියක් හිටියේ සුදර්ශියේ. එය නාට්‍යවේදීන් රැසක් ගැවසෙන තැනක්. ඇත්තටම මං ඔවුන්ගෙන් උගත් දේ බොහොමයි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා තමයි ආත බූත නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. එහි විජය නන්දසිරිගේ පුතා හැටියටයි මං රඟපෑවේ. ඒ දෙදහස් එක අවුරුද්දේ විතර. ඒක නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක්. කලින් නාට්‍ය කරලා තිබුණාට එම නාට්‍යයෙන් පසුව මා ඒ දවස්වල මිනිසුන් අතරේ ජනප්‍රිය වුණා.
එතකොට ඔබ නිෂ්පාදන කළමනාකරුවකු වන්නේ? සිවගුරුනාදන් අයියා තමයි මාව ඒ පැත්තට යොමු කළේ. එහෙම වැඩ කරන්න පටන් ගත්තාම මට වැඩිපුරම ආරාධනා ලැබුණේ ඒ කාර්යයට. රංගනය අමතක වුණා. රඟපාන්න මට හිතුණෙත් නැහැ.
නිෂ්පාදන කළමනාකරුවකුට ලොකු වගකීමක් තියෙනවා නේද නිිර්මාණයක් ඇතුළේ? ඇත්තටම ඔව්. නිෂ්පාදන කළමනාකරුවකු කියන්නේ නිර්මාණයට දායක වන හැමෝගෙම දුක්ගන්නාරාල. ඒ වගේම හැම දේටම වග කියන්නත් ඕනෑ. අධ්‍යක්ෂවරයාට දර්ශනය කැමරාවේ සටහන් කරගන්නකම් අවැසි හැමදේම සූදානම් ද කියලා බලන්න ඕනෑ. දවසේ අන්තිමයට නිදා ගන්නෙත් දවසේ උදෙන්ම වැඩ කටයුතු අරඹන්නෙත් නිෂ්පාදන කළමනාකරු.
නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් ඔබ දායක වූ නිර්මාණ ගැන මතක් කළොත්? එතුමා, මහතලා හටන, චරිතයකට පාට දෙන්න, හත් වැනි කණ්ඩායම, මා වැඩ කළ ටෙලි නාට්‍ය කිහිපයක්. චිත්‍රපටවලින් ගත්තොත් සිකුරු හතේ, කිං හන්තර්, විජය කුවේනි, සීමා නෑ ආකාසේ.
මේ ලද අත්දැකීම ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසෙන්නත් ඔබ අදහස් කරගෙන සිටිනවාද? තිරයෙන් පිටුපස වැඩ කරන්න පටන් ගත් දින සිට මං හිතාගෙන හිටියා කවදා හරි අධ්‍යක්ෂවරයකු වෙනවා කියලා. මේක තමයි හොඳම කාලේ. අංගනා අමුතු මිනිස්සු යන නාට්‍ය හි පිටපත් රචනා කළ උදය ශාන්ත කුමාරසිංහ ලියන්නේ. ඒක පාසල් ගුරුවරියක සහ බස් කොන්දොස්තරවරයකුª අතර ඇතිවන සිද්ධිදාමයක් ඔස්සේ නිර්මාණය වන්නක්. එහි ළඟදීම රූගත කිරීම් අරඹන්නට හිතාගෙන ඉන්නවා. මේ දිනවල නාට්‍යයේ පෙර නිෂ්පාදන කටයුතු සිදු වෙනවා.
අපි දැන් ඔබේ පෞද්ගලික ජීවිතය දෙසට හැරෙමු? ඇත්තම කිව්වොත් පෞද්ගලික ජීවිතයක් නැති තරම්. කලාවත් සමඟමයි ජීවිතය ගෙවෙන්නේ. මට පෙම්වතියක් හිටියා. ඒක මගේ නොවන මගේම ආදරයක් කිව්වොත් නිවැරැදියි. මගේ වත්මන් පදිංචිය පිළියන්දල.
නිෂ්පාදන කළමනාකරුවන්ට දැඩි චෝදනාවක් තිබුණා පහුගිය කාලේ? ඒ මොකක්ද?
නිෂ්පාදකවරුන්ගෙන් අනිසි විදිහට මුදල් ගසා කාලා ඔවුන්ට ක්ෂේත්‍රය එපා කරවනවා කියලා? ඔබ හොඳ පැනයක් ඇහැව්වේ. ඇත්තටම එවන් දේ සිදු වෙනවා. නිෂ්පාදකවරුන් නිසා තමයි නිර්මාණ බිහි වෙලා ක්ෂේත්‍රය රැකෙන්නේ. ඔවුන්ට ක්ෂේත්‍රය එපා කළොත් සිදු වන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. නිෂ්පාදකවරුන්ගේ මුදල් නිසියාකාරව වියදම් කරන්න දැනගන්න ඕනෑ නිෂ්පාදන කළමනාකරු. එවන් දේ නොදැන මේ ෆීල්ඩ් එකට එන අය ගැන කනගාටුයි. දැනට ක්ෂේත්‍රයේ පන්දාහක් විතර වැඩ කරනවා. ඔවුන්ගේ පවුලේ අයත් එක්ක ගත්තොත් පහළොස් දාහක් විතර ක්ෂේත්‍රයෙන් යැපෙනවා. මං ෆීල්ඩ් එකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලන්නේ නිෂ්පාදකවරුන්ට ක්ෂේත්‍රය එපා කරවන්න එපා කියලා.
මේ දිනවල ඔබ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වන නිර්මාණ මොනවාද? විජය කුවේණි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වන අති දැවැන්ත සිනමා නිර්මාණය වන ඇහැළෙපොළ කුමාරිහාමි සිනමාපටයේ මූලික වැඩ කටයුතු මේ දවස්වල සිදුවෙනවා. එය නිෂ්පාදනය කරන්නෙත් ගයාන් රණධීර මහත්මයා. ඔහු ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔහු කිව්වා මේ නිර්මාණයටත් මාවම නිෂ්පාදන කළමනාකරණයෙන් දායක කර ගන්න වුවමනාය කියලා. ඔවුන් දෙපොළ හා එක් වී ඇහැළෙපොළ කුමාරිහාමි සාර්ථක කර ගැනීමට උදව් වෙමිනුයි සිටින්නේ. 0718338532 මේ ශ්‍රීලාල්ගේ දුරකථන අංකයයි.
|



දකුණු ලක මිද්දෙණිය පුරවරයේ උපන් ශ්‍රීලාල් වික්‍රමගේ ගේ එකම හීනය වුණේ නළුවකු
වන්න. ඔහු ඒ හීනය සාක්සාත්කර ගැනීමේ අටියෙන් කොළඹ එනවා. ‘ආත බූත’, ‘නෝනාවරුනි
මහත්වරුනි’ වැනි නාට්‍යවල චරිත මවමින් නළුවකු වී තම සිහිනය ද ඔහු සැබෑ කර ගන්නවා.
කෙසේ නමුත් අද වන විට ශ්‍රීලාල් ඔබ හමුවට එන්නේ නිෂ්පාදන කළමනාකරුවකු විදිහට. ඔහු
තුළ සිිටි නළුවා නම් වර්තමානයේදී විවේකයක් අරගෙන. තව නොබෝ දිනකින් අධ්‍යක්ෂවරයකු ද
වන්නට ශ්‍රීලාල් සූදානම්. ක්ෂේත්‍රයේ භූමිකා කිහිපයක්ම අපූරුවට නිරූපණය කරන ඔහු තම
කලා ජීවිතය ගැන තවත් අදහස් රැසක් මෙසේ අප සමඟ බෙදා ගත්තා.