‘නෝනෙ මගෙ සුදු නෝනේ’ වැඩ අරඹයි
‘නෝනෙ මගෙ සුදු නෝනේ’
වැඩ අරඹයි
‘ආදරේ කරන්න වයස බාධාවක් නැහැ’ යන්න තේමාව කර ගනිමින් එරංග සේනාරත්න තම නවතම
සිනමාපටයෙහි වැඩ කටයුතු අරඹයි. ‘නෝනෙ මගෙ සුදු නෝනේ’ යනුවෙන් නම තබා ඇති මෙහි නව
පරපුරේ රංගන ශිල්පීන් සමඟ ප්‍රවීණයින් ද එක්වන අතර නවක නිළියක ද සිනමාවට දායක
කිරීමට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වෙයි.
ලස්සන ජයසේකර සංගීතවත් කරන නෝනෙ මගෙ සුදු නෝනේ හි ගීත එච්. එස්. පෙරේරා සහ තිස්ස
ඩයස් රචනා කොට ඇත. ගාමිණී සුසිරිවර්ධන සමඟ මාලා භාරතී ගීත ගයනු ලබයි.
සිනෙ ගැලරි මූවිස් නිෂ්පාදනය කරන නෝනෙ මගෙ සුදු නෝනේ හි එච්. සතාර් සම
නිෂ්පාදකවරයාය. මෙය එරංග සේනාරත්නගේ හත්වන සිනමා නිර්මාණයයි. ඔහුගේ ඇතුවත් බෑ
නැතුවත් බෑ ලබන වසරේදී ප්‍රදර්ශනය වනු ඇත.
- ප්රසාද්
|