වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ක්ෂණිකව ප්‍රතිචාර එවන්න.

0752805047 නැතිනම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට ප්‍රතිචාර තැපැල් හෝ සටහන් කොළ මත ලියා එවන්න.

මේ කුමන අන්දමින් ඔබේ සිතැඟි එව්ව ද ඒවාහි අග ඔබේ නම සඳහන් කරන්නත් අමතක කරන්න එපා.

ටෙලි නාට්‍ය  අධ්‍යක්ෂවරුන් මේ ගැනත් හිතන්න

සෑම නාලිකාවකම සෑම නාට්‍යයකම එකම පිරිසකට කොටු වී තිබීමෙන් ඔවුන්ගේ රඟපෑම්වල විවිධත්වයක් දකින්නට නැත. සැබෑ ලෝකයේ මව්වරු වයසට නොගැළපෙන ඇඳුම් ඇඳගෙන තරුණියන් වීමට උත්සාහ කරන අතර තරුණ නිළියන් ප්‍රමාණය ඉක්මවා දඟලමින් ‘අපි දඟකාර වයසේ’ යැයි පෙන්වීමට දඟලති. ඇතැම් ටෙලිවල සිටින මෙහෙකරුවන් සැබෑ ලෝකයේ සිටීදැයි සිතීමට අපහසු කෝලම්කාරයන්ය. සුදත් රෝහණ, නාලන් මෙන්ඩිස්, සෝමවීර සේනානායකයන් මැවූ චරිත වසර ගණනාවක් ගියත් මතකයෙන් ඈත්නොවීම පුදුමයක් නොවේ.

සුජාතා ගුණවර්ධන

කඩවත

සුනිල් ටී. ට

සිනමා ඉතිහාසයේ නොමැකෙන වාර්තා තැබූ නිෂ්පාදකයෙකි. ඔබේ නවතම සිනමාපටය ජය කනුව කරා යාමට සුබ පතමි.

දයානන්ද සිල්වා

හික්කඩුව

පූජා ඔබ අපේමය

කිහිප වරකම ඔබෙන් ගිලිහුණු ජනප්‍රිය නිළි සම්මානය මෙවර දෙරණින් ඔබ අතට ලැබීම ඇත්තටම සතුටකි. පූජා ඔබ අයිති අපටයි.

රංජනී අමරසිංහ

වල්පොළ

ජෝති මරන්න එපා

අද වන විට ගුවන් විදුලි නාළිකා රාශියක ජෝතිපාලයන්ගේ ගීත ඇසෙනුයේ ජෝතිගේ හඬින් නොව කිසිම පෞරුෂත්වයක් නැති හඬවල්වලිනි. සමහර කටහඬවල්වල කිසිම පිරිමි හඬක් නැත. අමරණීය ජෝතිගේ ළයාන්විත හඬ මොන උත්සාහයක් ගත්තත් කිසිදාක මරා දැමිය නොහැක. ජීවත් වූ ජෝතිට වඩා මියගිය ජෝති ජනප්‍රියය. අද සුපර් ස්ටාර් ගායකයින් රසිකයන්ගේ දෝෂාරෝපණවලට ලක් වී ජෝති ගී ගයා ලක්ෂ ගණනින් මුදල් හම්බ කරති. ඔවුන්ගේ ගමන තාවකාලිකය.

කරු මන්දාවල

නාත්තන්ඩිය

දාසි මරු

බොහෝ හැලහැප්පීම් සිදු වුව ද කතාව ඉතාම ප්‍රබලව ඉදිරියට ගියේය. අප සිත් සතුටට පත් කරමින් නොසිතූ සුඛාන්තයකින් දාසි කෙළවර විය. එය අනවශ්‍ය ආටක නාටක, අවර්ජනා නොමැති හොඳ ටෙලි නාට්‍යයකි. කැමරාකරණය, සංස්කරණය යන ප්‍රධාන කාර්මික අංශයන් ද ප්‍රශස්ත මට්ටමක පැවතිණ. දාසි දැන් හැදෙන සමහරක් ටෙලි නාට්‍ය හා සැසඳීමේදි සම්මානනීයය.

ඩඩ්ලි ගෝමස්

මොරටුව

දෙරණ සම්මාන උළෙල හොඳයි

පසුගියදා දෙරණ මාධ්‍ය ජාලය මගින් පැවැත් වූ සිනමා උළෙල මෑතකාලීනව මා දුටු ඉතා අර්ථාන්විත සහ ඉතා මනරම් සිනමා උළෙලකි. ලංකාවේ ප්‍රථම වරට දෙමළ භාෂිත චිත්‍රපටයකට (ඉනිඅවන්) ප්‍රධාන සම්මාන රැසක් හිමි කර ගැනිණ. එමෙන්ම හොඳම නළුවා, හොඳම නිළිය ද ද්‍රවිඩ රංගන ශිල්පීන් විය. එමෙන්ම සිංහල සිනමා ශාලා හිමිකරුවන්ගේ මෙහෙය ද ඇගයීමට ලක් කරන ලදී. ඒ සෝමා එදිරිසිංහ මහත්මිය කළ සේවයට සම්මානයක් පිරිනැමිණි.

අජිත් ලක්මාල්

මීගමුව

චායා ලස්සනයි

සිරස නාළිකාව ඔස්සේ විකාශය වන චායා පවුලේ සියලු දෙනාටම එකට සිට නැරැඹිය හැකි ටෙලි නාට්‍යයකි.

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව


S.M.S

ජගත්ගේ රඟපෑම අනර්ඝයි

ජාතික රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ඉස්සරහට යන්න ටෙලි නාට්‍යයේ ජගත් චමිල ඉතාමත් දක්ෂ ලෙස රඟපානවා.

එච්. එල්. තිලකසිරි ද සිල්වා

මීටියාගොඩ

ආදරණීය රංග ශිල්පිනියන් දෙපොළක් වන නයනා කුමාරි සහ ගයාත්‍රි ඩයස් අතරේ ඇති මිතුදම නවක නළු නිළියන්ට මහත් වූ ආදර්ශයකි.

නදී

කෑගල්ල

පුන්සිරි සොයිසාගේ පෙම් ප්‍රාර්ථනා ගීතය අද ඇසෙන ගීතවලට වඩා අර්ථවත්ය. එවන් තවත් ගීත කිහිපයකින් අපව පිනවන්න යැයි ඉල්ලීමක් කරමි.

සමීර

සෙවණගල

චැට් ඇන්ඩ් මියුසික් කොපි චැට්, හත්දින්නත් තරු වැනි වැඩසටහන්වලට බන්දු, ටෙනී, විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, මහින්ද පතිරගේ එකම දවසක ගෙන්වනවා නම් හැමෝම කැමැති වේවි.

මංජුල

කුරුණෑගල

යශෝධා අක්කේ ඔයා නිතරම පෙනෙන්න නොසිටියත් ඔබට ඇති ජනප්‍රියත්වය අඩුවක් නම් නැහැ.

පියුමි

හංවැල්ල

ජාතික රූපවාහිනියෙන් ඉස්සහරට යන්න ගත් උත්සාහය ප්‍රසංසනීයයි. කාලෝචිතයි. තව තවත් හොඳ නිර්මාණ රැගෙන ඉස්සරහටම යන්න.

නිශාන්ති

කඳාන

තූර්යා ටෙලි නාට්‍යයේ සුනිතා විමලවීරගේ රංගනය මරු.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

රන් සමනලයෝ මෙන්ම සුළඟ ටෙලි සිතුවම්වලින් අප ආලින්දයට පිවිසි සුමිරාන් ගුණසේකරව යළිත් දක්නට ආසයි.

චලනි

අවිස්සාවේල්ල

බණ්ඩාර අතාවුද නම් සොඳුරු මිනිසාණෙනි, ඔබ නම් අපූරුවතම නිහතමානී පුද්ගලයෙකි. ඔබගේ දරුවන් ද ගුණ යහපත්කමින් අනූනය.

නතාෂා

ගම්පොළ

කෝරලේ මහත්තයා 2 හි පිනාගේ චරිතය දුටු විට ඉබේම සිනහ පහළ වෙයි. මහින්ද පතිරගේ කලාකරුවාණෙනි ඔබට දැන් රටක්ම ද ආදරෙයි.

ප්‍රදීප්

ගන්දර

පූජා,

ඔබට මෙවර ජනප්‍රියම නිළිය ලෙස සම්මාන දිනා ගැනීම මීට කලින් සිදු විය යුත්තකි. ඔබ අපේම කෙනෙකු ලෙස මට හැෙඟ්.

රංජනී අමරසිංහ

වල්පොළ

දමිත් අසංකගේ සිංදු අහන්න අහන්න ආසයි. එයා ඉස්සර වේරලියැද්ද මහතා අනුකරණය කළාට දැන් තමන්ගේම අනන්‍යතාතවක් ගොඩ නගාගෙන සිටිනු දැකීම සතුටකි.

නෙත්මි

ජාඇල

භාග්‍ය ගුරුසිංහ නියෙමෙට රඟපානවා. ඔයාව සිනමාවට ගන්න කියලා අධ්‍යක්ෂවරුන්ට කියන්න.

තරිඳු

මාතර

සිහින විලක් ටෙලි සිතුවමේ රසය අඩු වෙලා යැයි ගොඩක් අය කියනවා. අධ්‍යක්ෂතුමනි ප්‍රතිචාර තිරය හරහා හෝ ඔබේ අදහසක් දෙන්න ඒ සඳහා.

ශෂික

දෙවිනුවර

ඉවසයිද මන්දා ගීතය තුළ අතුල සමිතා ජීවත් වෙනවා. ඒකයි එය මෙතරම්ම ජනප්‍රිය වුණේ. ඔවුන් දෙපොළට සැබෑ ජීවිතයේ එක මඟ යන්නට නොහැකි වුණත් කලා ජීවිතයේ එකට දිගු ගමනක් යාමට හැකි වේවා.

පසිදු වීරනායක

මාතර

විශ්ව කළ චරිත අතුරින් පබළුහි හසරැල් මට හොඳට මතකයි. මෙවර නොහැකි වුවත් ළඟදීම වසරක ඔබ ජනප්‍රිය නළුවා වේවා.

සංජීවනී

එප්පාවල

අශෝක සෙනරත් මුදලිගේ ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන් පැවැත් වූ උපහාර උළෙලේදී අශෝකගේ ගෙවුණු හතළිස් වසරක කලා ජිවිතය ගැන අසා පුදුම වීමි. ඔහු වසර හතළිහක් තුළදී නිහඬ අමිල සේවයක් කර තිබේ.

නිමල්

වරාගොඩ

විජය කුමාරණතුංග අදටත් ජීවතුන් අතර සිටියා නම් ඔහු තමයි සිනමාවේ එකම වීරයා වන්නේ.

නිලුකා

අවිස්සාවේල්ල

සෙනාලි ෆොන්සේකා නංගියේ, ඔයා සිරි පැරකුම් සිනමාපටයේ සිරිමල් එතනාගේ චරිතය මනාව නිරූපණය කළා. ඔබ තමයි අපේ ඊළඟ නිළි රැජන.

උපුල් චන්දුප්‍රිය රණසිංහ

කරන්දෙණිය

‘සමනල සංධ්වනිය’ සඳ ඇති රැයක මල් පෙත්තක ලියපු සුන්දර කවියක් වගේ, සදාකාලික ආදරයේ සිහිවටනය වූ ටජ්මහල වගේ. උද්දික ඔබ එහි රඟපානවා නෙවෙයි, චරිතයෙහි ජීවත් වෙනවා.

කමලා මධුරප්පෙරුම

නාවල

දැන් විකාශය වන හරයක් නැති කාටුන් වැඩ සටහන්වලට වඩා ළමා පරපුරට ආදර්ශවත් කලකට පෙර විකාශය වූ සුදු පුංචා වැනි ළමා මානසිකත්වය රකින වැඩසටහන් ස්වාධීන රූපවාහිනියෙන් නැවත ගෙන එන්න.

කමල්

අකුරැස්ස

සිහින සිත්තරාවී ටෙලි සිතුවමේ රුවන්ගී රත්නායක ගේ සහ විශ්ව ලංකාගේ රංගනය අපූරුයි.

නිලූකා

අවිස්සාවේල්ල

මුතු කිරිල්ලී පියඹා ගොස් පුංචි තිරය හැඩ කළාය. ඉන් පස අමන්දා කැඳ වූවේය. දෙවනුව ඔබ රිදී තාරකාවියක් ගෙනාවේය. ඉන් පසු මුතු පිහාටුවලින් අපව කුල්මත් කොට අපේක්ෂාවන් සිත් තුළ රැන්දුවේය.

අධ්‍යක්ෂ ලිලන්ත කුමාරසිරි මහතාණෙනි, මීළඟට ඔබ නිර්මාණය කරන නාට්‍යය පැමිණෙන තෙක් අප පෙර මඟ බලා ඉමු.

රොෂානි ගයේෂා

බදුල්ල

අංගනා ටෙලි සිතුවමේ කමල් දේශප්‍රියගේ රඟපෑම ඉහළ මට්ටමක ඇත.

දයාරත්න ගනේගොඩ

කැලණිය

සිංහල සිනමාවේ මම දකින එකම හීරෝ තමයි ජීවන් කුමාරතුංග. ඔහුගේ රංගනය ඇත්තටම තාත්ත්විකයි.

සමීර

මොනරාගල