වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සැබෑ යාළුකම් සදාකාලිකයි

සැබෑ යාළුකම් සදාකාලිකයි

තිරයේදී දකින හාදකම තිරයෙන් බැහැර දී දක්නට නොලැබීම සාමාන්‍යයය. එහෙත් ජූහි සහ ෂාරුක් අතර දුටුදා පටන් බැඳුණු මිතුªදම අදටත් නොවෙනස්ය.

කලක් ජූහි සහ ෂාරුක් මේ මිත්‍රත්වය නිසාම එක්ව ව්‍යාපාරයක් ද ඇරැඹූහ. එහෙත් පසුව ජූහි ව්‍යාපාරයෙන් ඉවත් වුණේ මිත්‍රත්වය සහ ව්‍යාපාර එකිනෙකට නොපෑහෙන විෂයයන් දෙකක් වූ නිසයි.

1998 දී ජූහි, ඩුප්ලිකේට් රූ ගත කිරීමකට සහභාගි වෙමින් සිටියදී මව ප්‍රාග් හිදී මිය ගියාය. ෂාරුක් රැය පුරාම ඇය අසළින් සිට සිතට සවියක් වුණේය.

මෑතකදී ජූහි, දෙදෙනාගේ කාර්යය බහුලකම පෙරදී මෙන් මිත්‍රත්වය පවත්වා ගැනීමට බාධාවක් වී ඇති බව පැවසුවාය. එහෙත් එය මිතුªදමට බාධාවක් නොවන බව ජූහි තරයේම කියා සිටින්නීය. යළි රඟන්නට ලැබෙනවා නම් ජූහි වඩාත් කැමැති ෂාරුක් සමඟ රඟපෑමටයි.

ෂාරුක්ගේ කාර්යය බහුලකම පුදුමයට කරුණක් නොවෙයි. ඉන්දියාවේ 114 වැනි ධනවන්තයා ඔහුයි. සිනමාපට නිසා වගේම, කොල්කටා නයිට් රයිඩර්ස් මඟින් ද, රෙඩ් චිලී එන්ටර්ටෙයින්මන්ට් සමාගමෙන් ද ඔහුට හොඳ ආදායමක් ලැබෙයි. ඩොලර් මිලියන 300 කට වැඩි ආදායම්ලාභියකු කාර්යය බහුල නැතැයි පවසන්නේ කෙසේ ද?