|
|
එයා ගැළපෙන්නේ නෑ කියලා හිතුණේ මට- අරුණි මෙන්ඩිස්
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ආදරය පිළිබඳ කියූ ඒ කියුම ප්‍රේමය පිළිබඳ කතාබහක නිරත වන අපගේ මතකයට නැෙඟන්නේ ඉබේමය. ආදරය තරම් ලොව ඇති අන් සෑම දෙයකටම වඩා රසඳුනෙන් පිරුණු සුවදෙන අන් යමක් තවත් නොවේ.එහි අසිරිය ඔබත් විඳි බවට සාක්ෂි ඔබ ළඟ තවමත් ඉතිරිව ඇතිවාට සැක නැත. එමෙන්ම ප්‍රථම ප්‍රේමය ද එසේමය. ඔබ හදවත සැරිසරන තරු ප්‍රථම ප්‍රේමය පිළිබඳ හෙළි කරන මේ පත් ඉරුවට අද සහභාගි වන්නේ අරුණි මෙන්ඩිස්ය.
ඔබ ප්‍රේමය පිළිබඳ මොකද සිතන්නේ? ප්‍රේමය සුන්දරයි.
ඒ කියන්නේ මේ වනවිට ඔබ පෙම් සුව විඳීනවා? ඔව්. මේ වන විට මම ප්‍රේමවන්තියක්.
ඔබගේ ප්‍රථම ප්‍රේමයම පල දැරුවා? අපෝ නැහැ.
එහෙනම්? මගේ දෙවැනි ප්‍රේමය තමයි පල දැරුවේ.
ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමයට බූට් එක තිබ්බා? අනේ නැහැ. අපි කතා කරලා වෙන්වුණා.
ඒ ප්‍රේමවන්තයා කවුරුද? එයාගෙ නම නොකියා ඉමු.
දෙන්නම එකම ගමේද? ඔව්. එයා අපේ ගෙවල්වලට ටිකක් ඈතින් හිටියේ.
ඊට පස්සේ? මුළින්ම අපි හොඳම යහළුවෝ.
කොයි තරම කාලයක්ද? 9 වසරේ ඇති වුණු යාළුකම ගොඩක් කාලයක් තිබුණා.
ඒ යාළුකම ගැන ගෙදරත් දන්නවාද? ඔව්. අපි හොදම යාළුවෝ කියලා ගෙදර අයත් දන්නවා.
ගෙවල්වලට ආව ගියා? ඔව්. සමහර වෙලාවට ඔහු මගේ අනිත් යාළුවන් එක්ක අපේ ගෙදර ඇවිත් තිබෙනවා. කෑම කාලත් තිබෙනවා.
ගෙදර අය ඔය දෙන්නව සැක කළේ නැද්ද? නෑ. ඒ අය අපි දෙන්නව විශ්වාස කළා. මුලදි ඒ අයගේ විශ්වාසය බිඳීන්න උවමනාවක් අපට තිබුණේ නැහැ.
නමුත් ඊට පස්සේ එහෙම දෙයක් ඇති වුණා. ඒක සිද්ධ වුණේ අපි දෙන්නටත් නොදැනිමයි.
නොදැනීම ඔබ දෙපළ ආදරය කළා? මගේ සිතේ එයා ගැන යම් විශේෂත්වයක් තිබුණා. නමුත් ඒක මම එයාට කියන්න ගියේ නෑ.
ඇයි ඒ? මම හිතුවේ එයා මාව වැරැදියට තේරුම් ගනී කියලා.
නමුත් පස්සේ? ඔහුගේ සිතේ මං ගැන තිබුණ ආදරය පිළිබඳ ඔහු මට කිව්වා.
කවදාද? කොහොමද? කවදාද කියල නම් මතක නෑ. නමුත් ඔහු ඒ ගැන කිව්වේ දුරකථනයෙන්.
මොකද එදා ඔබට සිතුණේ? මගෙ සිතේ ඇතිවුණු ආදරය මල්පල ගැනීම පිළිබඳ සතුටක් ඇති වුණා.
ඔබ එතකොට පාසල් යුවතියක්? ඔව්. මම ඉගෙන ගත්තේ බාලිකා පාසලකයි.
කොහොමද ආදරය ගලාගෙන ගියේ? සෙනසුරාදා පංතිවලට යන නිසා අපේ මුණ ගැසීමට බාධාවක් තිබුණේ නෑ.
ගෙදර මේ ගැන දැනගත්තේ නැද්ද? කාලයක් අපේ ආදරය ගෙදරට රහසක්.
ආදරයයි කැස්සයි හංගන්න බැරි වුණාද? ඔව්නේ. දවසක් මම මගේ අම්මා නිදාගන්නකම් ඉඳලා ඔහුට කෝල් එකක් ගත්තා. අපේ කතාවට අම්මාට ඇහැරිලා. අම්මා ඔක්කොම දැනගත්තේ එහෙමයි.
බොරුවක් කරා කියලා බැන්නද? අම්මා කිව්වෙ ඉගෙන ගන්න කාලයේ ඔය වගේ දේවල් නැති වුණාට කමක් නැහැ කියලයි. ඒවා ගැන හිතන්න කලින් ඉගෙන ගෙන ඉන්න කිව්වා.
නීති දැම්මද? එහෙම කිව්ව මිසක් පංති නොයවා නීති දමලා මාව කොටු කරලා ගෙදර තියා ගත්තේ නැහැ.
පෙම්වතාගේ ගෙදරත් දැනගත්තා? එයා එයාගේ අම්මට කියලා තිබුණා.
ඒ අම්මා බැනලා තිබුණේ නැද්ද? එයාගේ අම්මා කියලා තිබුණේ අපේ අම්මා කියලා තියෙන්නේ ඇත්තක් කියලයි. දුවෙක් ඉන්නා අම්මලා එහෙම තීරණ ගන්න එක හොඳ දෙයක් කියලත් කියලා තිබුණා.
ආදරය නැවතුණා? නෑ. දිගටම ගලාගෙන ගියා.
ලියුම් ලිව්වා? ඔව්. ඒත් එකකට දෙකකට වඩා ලියලා නෑ. නමුත් ඒ ආදර ලියුම් නම් නෙවෙයි.
එහෙනම්? පංති එන්න බැරිවෙන හේතුව කියලා ලියන පුංචි වගන්ති කිහිපයක්.
ඒලෙවල් ඉවර වෙන තුරුම ඒ ආදරය ගලාගෙන ගියා? ඒලෙවල් ඉවර වෙලා ටික කාලයක් අපි ආදරෙන් හිටියා.
හිටි ගමන්ම ඒ ආදරයට මොකද වුණේ? අපි දෙන්නගේ අදහස් බොහොම පරස්පර විරෝධියි. මම ආදරය කළේ කලාවට. ඔහු තෝරා ගත්තේ කම්පියුටර් පැත්තෙන් ඉදිරියට යන්න.
ඔබ කලාවට යනවට ඔහු අකැමැති වුණා? නැහැ. මුලදි නම් මට ඔහු උදව් කළා. ඔහු වැඩිපුර කැමැති වුණේ මම ගුරවරියක් වෙනවටයි. පස්සේ මගේ තිබුණු කාර්යබහුලත්වයත් එක්ක අපි දෙන්නට හමුවෙන්න පවා දවස් සොයා ගන්න බැරි වුණා. අවසානයේදී අපි කතාබහ කරලා වෙන් වුණා.
මුලින්ම දෙදෙනා අතර ගැළපීමක් නැහැ කියලා හිතුණේ කාටද? මට.
ඊට පස්සේ එයාව මුණ ගැහුණද? අවුරුදු හතරකට පස්සේ ඔහුව මුණ ගැහුණා. ඒ මමයි මගේ දැන් පෙම්වතාත් සමඟ ඔහුගේ කාර්යාලයට වැඩක් කරව ගන්න ගිය වෙලාවකයි.
කතබහ කළා? ඔහු පළමුවෙන්ම දැක්කම හිතුණේ කාලයකට පස්සේ හමුවුණු නෑදෑයෙක්, යාළුවෙක් මුණ ගැහුණා වගේ හැඟීමක්.
ඔබට දුකක් හිතුණේ නැද්ද? නෑ, ඔහු විවාහ වෙන්න ඉන්න පෙම්වතිය වගේම මගේ පෙම්වතාවත් හඳුන්වලා දුන්නා. හැමෝම සතුටින් කතා කළා.
එතැනින් කතාව ඉවරද? ඉඳලා හිටලා මම රඟපාන ටෙලි නාට්‍යයක් රූපවාහිනියේ දැක්කොත් මට ඔහු ඉ ර් ඉ එකක් එවනවා.
ඒ ගැන දැන් පෙම්වතා මොකද කියන්නේ? ඔහු ඒ සියල්ල දන්නවා.
|



‘නැත ලොවේ අන් රසඳුනා - ආදරය සේ සුව දෙනා’