හොලිවුඩ් යනු බොලිවුඩ්ය
හොලිවුඩ් යනු බොලිවුඩ්ය
ඉර්ෆාන් ඛාන් යනු ජීවිතයම සංගීතය කරගත් තරුවකි. එනිසා ඔහු සංගීතමය සිනමාපටයක රඟපෑමට
දිවි පරදුවට තැබීමට වුවත් කැමැතිය.
සංගීතය සමඟ ජීවත්වන්න සිනමාපටයක වුවත් ඉඩක් ලැබෙනවා නම් ඉර්ෆාන්ට එය සැබෑවන
සිහිනයකි.
ලජ්ජාවෙන් බරිත චරිතයක් වූ ඉර්ෆාන් තමන් කිසිදා නළුවකු වේ යැයි කියා සිතුවේ නැත.
කුඩා වියේදී පන්තියේ ගුරුවරියට නම කීමටවත් ධෛර්යයක් ඔහුට නොතිබුණි. හතළිස් පස්
හැවිරිදි ඉර්ෆාන් බොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජය ගනිමින් සිටින්නේය. ද අමේසිං
ස්පයිඩර් මෑන්, ස්ලම්ඩෝග් මිලියනයර්, අ මයිට් හාට්, නිව්යෝර්ක්, ද නේමිසේක්,
මජ්බූල්, පාන් සිගේ තෝමර් වැනි සිනමාපට රැසක ඔහු රඟපා තිබේ.
දරුවන් වෙනුවෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට ද ඉර්ෆාන් කැමැත්තෙන් සිටියි.
|