වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




නිදහස් අදහස්

නිදහස් අදහස්

ගායක රොබින් තිකේට ඔහුගේ නිළි බිරිය පෝලා පැටන් සමඟ උපන් ඇඳුමින් නිවෙස තුළ පමණක් නොව නිවෙස වටා සිටීමත් සාමාන්‍ය දෙයකි. ඔවුහු සිය තුන් හැවිරිදි පුතු, ජූලියන් ද ඇඳුම් නැතිව සිටීමට පොලඹවති.

‘ඇඳුමෙන් නිදහස් වුණාම හිතටත් නිදහස්’ රොබින් උපන් ඇඳුම ගැන හරිම සැහැල්ලුවෙන් පවසා ඇත.

රොබින් සහ පෝලා අපූරු යුවළකි. ඔවුන් ආදරයෙන් බැඳී සිටින විට ද රොබින් සංගීත භාණ්ඩයක් වයන බව කියවේ.

සොළොස් හැවිරිදි වියේ දී පෝලාට ආදරය කිරීමට පටන් ගත් රොබින් 2005 දී විවාහ විය. දැන් ඔහු තිස් හය හැවිරිදිය. නිළි පෝලා පැටන් තිස් හත් හැවිරිදිය. මිර(ර්)ස්, ජස්ට් රයිට්, ජම්පිං ද බෲම්, වැනි සිනමාපටවල රඟපෑ පෝලා අමෙරිකානු ජාතිකයෙකි.