ජැකලයින් - කත්රිනා
ජැකලයින් - කත්රිනා
අපේ ජැකී දැන් බොලිවුඩයේ උපන් තරු තරමටම එහි ජනකාන්තය. ඇය පසුගිය දා ශ්රී ලංකාවේ
සිනමාපටයක රඟපෑවාය. ඒ ‘අකෝඩිං ටු මැතිව්’ සිනමාපටයේයි.
බොලිවුඩය ජයගත් ඇයගේ ඊළඟ අරමුණ අන්තර් ජාතික තාරකාවක වීමටයි. දැනටමත් ඇය ලංකාවෙන්
ලැබෙන තිර පිටපත් කියවන්නීය.
ඇයගේ සිනමා ජීවිතයට බලපෑ බොලිවුඩ් තාරකාව වී ඇත්තේ කති්රනා කායිෆ්ය. හින්දි බස
කතා කිරීමට හැකියාවක් නැතිව බ්රිතාන්යයේ සිට පැමිණි ඇය දැන් සියලු සුපිරි තරු
අභිබවා සිටින්නීය.
ජැකලයින් නොපැවසුවත් තවත් කරුණු ගණනාවක් නිසාම මේ දෙදෙනා සමාන වෙති. ඛාන් වාසගම
දෙදෙනාගේම ජීවිතවලට සමීපය. ජැකලයින් මිතුරු වී සිටින්නේ සජීඩ් ඛාන් සමඟය. කත්රිනා
මිතුරු වී සිටියේ සල්මන් ඛාන් සමඟයි. කත්රිනා මෙන්ම ජැකලයින් ද අමීර්, ෂාරුක් සහ
සල්මන් යන රජ ඛාන් ත්රිත්වයම සමඟම රඟපා තිබේ.
|