ලන්ඩන් නුවර ඉර සේවය ලංකාවට ඇවිත්
ලන්ඩන් නුවර ඉර සේවය
ලංකාවට ඇවිත්

ලන්ඩනයේ වෙසෙන රංගන ශිල්පී විමල් අලහකෝන් නිෂ්පාදනය කරන ‘ඉර සේවය’ සිනමාපටයෙහි රූගත
කිරීම් පසුගියදා ලන්ඩන් නුවරදී ඇරැඹිණ. ජාත්‍යන්තර සිනමා උළෙලයන් නියෝජනය කිරීමේ
අරමුණින් නිර්මාණය වන මෙය රොඩ්නි විදානපතිරණගේ අධ්‍යක්ෂණයකි. මැග්නේලියර්
ප්‍රඩක්ෂන් වෙනුවෙන් කාන්ති අලහකෝන් සම නිෂ්පාදනයෙන් එක්වන මෙහි විමල් අලහකෝන්,
මොරීන් චාරුණී, විල්මන් සිරිමාන්න, ගාමිණී සමරකෝන්, රෙබේකා නිර්මලී ඇතුළු පිරිස
රංගනයේ යෙදෙති.
ඉර සේවය හි මෙරට රූගත කිරීම් සඳහා විමල් අලහකෝන් ප්‍රමුඛ චිත්‍රපට කණ්ඩායම අද
ලංකාවට පැමිණෙනු ඇත.
- ප්‍රසාද්
|