වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මාස් ලංකා අටවැනි සම්මාන උළෙලේදී කලාකරුවෝ සම්මාන ලබති

මාස් ලංකා අටවැනි සම්මාන උළෙලේදී කලාකරුවෝ සම්මාන ලබති

අටවැනි මාස් ලංකා සම්මාන උළෙල පසුගියදා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙරට විවිධ ක්ෂේත්‍ර හරහා දායකවන ව්‍යාපාරිකයන් සහ වෘත්තීයවේදින්ගේ සේවය ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදි කලා ක්ෂේත්‍රයද නියෝජනය කරමින් කලාකරුවන්ද ඇගැයීමට ලක් කෙරිණි.

එහිදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් සහ හොඳම නිළියට හිමි සම්මානයෙන් දුලීකා මාරපන පිදුම් ලද අතර නැගී එන රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගත්තේ ලක්ෂ්මන් මානවඩු විසිනි. මෙහිදි සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යුවළ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පිදුම් ලද අතර සනත් අබේසේකර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. සංගීත ක්ෂේත්‍රයට කළ සේවාව වෙනුවෙන් ගායන ශිල්පී නිහාල් නෙල්සන් පිදුම් ලැබුවේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.