වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩයට හොරුන්ගේ තර්ජන

බොලිවුඩයට හොරුන්ගේ තර්ජන

බොලිවුඩයට ලබා ඇත්කේ යහපත් කලදසාවක් නොවෙයි. එක් අතකින් තිරයේ ප්‍රබල තරුවන අක්ෂේ කුමාර් වැන්නන්ට පාතාල ලෝකයෙන් එල්ල වන තර්ජනය. තවත් අතකින් තරු සතු දේපළ මංකොල්ල කෑමයි.

ශිල්පා ෂෙට්ටිගේ අයි පෑඩ්, අයි පොඩ් මංකොල්ලය සිදු වී තවමත් වැඩි කාලයක් ගත වී නැත. ඉන්දියානු රුපියල් ලක්ෂ 1.01 ක් පමණ වටිනා මේ භාණ්ඩ නැති වී තිබෙන්නේ ශිල්පාගේ ජුහු නිවාස සංකීර්ණයේදීය.

අලුත්ම සොරකම සුපිරි නිළි කාජල්්ගේ රන් වළලු දාහතරක් සොරකම් කිරීමයි. අජේ සහ කාජල් ද පදිංචි වී සිටින්නේ ජූහූවලයි. කාජල් ආගමික උත්සවයකට කාර්යය බහුල වී සිටියදී මේ සොරකම සිදු වී තිබේ. ඇයට අහිමි වූ වළලුවල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ පහකි.

අජේ හා කාජල් සොරකම ගැන කඩිනමින්ම පොලීසියට දැනුම් දී තිබේ. දේව්ගන් පවුලට සොරුන් නිසා පාඩු සිදු වූ දෙවැනි අවස්ථාව මෙයයි. 2008 වසරේදී ද දේව්ගන් නිිවෙසේ සොරකමක් සිදු විය.