සුනිල් ටී ට නළු නිළියන් අවශ්‍යයි
සුනිල් ටී ට
නළු නිළියන් අවශ්‍යයි
සුනිල් ටී. ප්‍රනාන්දු පනස් හත්වැනි සිනමා නිෂ්පාදනය වන මහරජ අජාසත් හි අනුරාධපුර
ප්‍රදේශයේ රූ ගැන්වීම් ලබන මස 15 වැනිදා සිට ආරම්භ වේ. චිත්‍රපටයේ දර්ශන කිහිපයක්
සඳහා අතිරේක නළු නිළියන් රැසක් අනුරාධපුර අවටින් අවශ්‍ය වන බව නිෂ්පාදකතුමන්
‘සරසවිය’ට දන්වා සිටියි.
එහෙයින් අද දිනයේදී ඔවුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක්
අනුරාධපුර විජේන්ද්‍ර සිනමා ශාලාවේදී පැවැත්වෙනු ඇත. උදෑසන දහයට ආරම්භ වන ඒ සඳහා
සහභාගි වීමට අවුරුදු පහළොවට වැඩි රංගනයට කැමැති තරුණ තරුණියන්ට සුනිල් ටී. ෆිල්ම්ස්
ඇරැයුම් කර සිටියි.
මහරජ අජාසත් සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන අතර ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා,
ගයාන් වික්‍රමතිලක ආදී නළු නිළියන් චරිත මැවීමට නියමිතය.
- ප්‍රසාද්
|