වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




අර ඉන්නේ මං

අර ඉන්නේ මං

එරංග ජීවන්ත නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ විකාශය වූ පියවි, යාය හතර, අහස් ගව්ව වැනි ටෙලි නාට්‍යවලින් එරංගගේ අපූරු රංගනයන් ඔබ දැක බලා ගන්න ඇති. එරංගට පසුගියදා ආරාධනාවක් ලැබුණා. ඒ සුමති සම්මාන උළෙල වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට. ඉතිං එරංගත් වෙලාවටම ගිහින් ඒ අවස්ථාවට සහභාගි වුණා. මාධ්‍ය හමුව ආරම්භ වෙලා ටික වෙලාවකින් සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාම හා ටෙලි නාට්‍ය පෙන්වන අවස්ථාවත් උදා වුණා.

ඒ වෙලාවේ එරංග ‘අර ඉන්නේ මම’. ‘අන්න පියවි ටෙලි නාට්‍ය කියලා’ අහල පහල ඉන්න හැමෝටම ඇහෙන්න හයියෙන් කියවන්න ගත්තා. මොකද මේ එරංගට වුණේ. පුංචි එකෙක් වගේ කෑ ගහන්නේ. හැමෝටම හිනා. මොකද දන්නවද වෙලා තියෙන්නේ. එරංග මේ මාධ්‍ය හමුවට ආරාධනා ලැබුවට වෙන්නේ මොකක්ද කියලා දැනගෙන ඉඳලා නැහැ. මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය ලැයිස්තුවට එරංග රංගනයෙන් දායක වුණ පියවි ටෙලි නාට්‍ය වගේම ජනප්‍රියම නළුවාගේ ලැයිස්තුවට එරංගගේ නමත් ඇතුළත් වෙලා තිබුණා. ඒක දකින කොට තමයි එරංග මේ සතුටින් කෑගහලා තියෙන්නේ.