උපන් දිනයට කඳුළු තෑග්ගක්
උපන් දිනයට
කඳුළු තෑග්ගක්
ලොවම අමතක වුණත් ඇයට එක් නමක් අමතක නොවෙයි. ඒ අමිතාබ් බච්චන් යන නාමයයි. ඇය ආහාරයක්
මුවට ගන්නේ බච්චන්ගේ සිනමාපටයක් නැරැඹූ පසුවයි. ඇල්ෂයිමර් රෝගයෙන් පෙළෙන මේ සය
හැවිරිදි රසිකාව අමිතාබ්ට මුණ ගැසුණේ කෝන් බනේගා කරෝර්පති වැඩ සටහනේදීය.
ඒ උපන්
දිනයට ඔන්න මෙන්න කියා තිබියදීයි. ඔක්තෝබර් 11 වැනි දින බච්චන් හැත්තෑ එක් වැනි
වියට පා තැබුවේය. උපන් දිනය ආසන්නයේදීී ඔහුට සියක් වියැති බර්නන්දිනි ඩි සූසා නම්
රසිකාව හමුවන්නට ලැබීම නෙතට කඳුළු නංවන අත්දැකීමක් විය. ඒ කඳුළෙහි දුක සේම සතුට ද
සම ලෙස ලිය වී තිබුණි.
දෙවැනි ගමන
සැමියාත් සමඟයි
අතීතයේදී තාරකාවෝ විවාහයත් සමග නිවී යති. එහෙත් වර්තමානයේදී නැඟී එන තරුවල දීප්තිය
කණාමැදිරි එළියක් කරමින් විවාහක තරු බැබළෙති. අයිශ්වර්යා රායි සිනමාවේ දෙවැනි ගමන
පිළිබඳ වරින් වර ඉඟි කරන්නීය.
අලුතින්ම ඇය මාධ්‍යයට කියා සිටියේ සැමියා අභිෂේක් බච්චන් සමඟ සිනමාවේ දෙවැනි ගමනට
මුල පුරන බවයි. එහෙත් කාලය නම් ස්ථිර ලෙස පැවසිය නොහැකි බව ඇය පවසන්නීය. මේ වන විට
ඈෂ් වෙත අපූරු පිටපත් රැසක්ම අධ්‍යක්ෂවරුන් ඉදිරිපත්කර තිබේ.
මෑතකදී ඇය ප්‍රහ්ලාදි කිකර්ගේ පිටපතක් කිය වූ අතර ඊට අභිෂේක් ද මනාපය පළ කළේය.
සිනමාපටයේ තිර රචනයට තමන් සහ අභිෂේක් යසට ගැළපෙන බව ඈෂ්ගේ අදහසයි. ප්‍රහ්ලාද්,
ඈෂ්ගේ සිනමා ගමනට මුල සිටම ආධාර කළ කෙනෙකි. ඇය, කකර්ගේ පවුල හා ඉතාමත්ම සමීපය. ඇය
ප්‍රහ්ලාද්ගේ මුල්ම සිනමාපටයේ රඟපාන බවට පොරොන්දුවක් ද වී තිබේ.
ෆාරා ඛාන්ගේ ‘හැපි නිව් ඉයර්’ සිනමාපටයේ ඇය මුලින්ම රඟපෑමට සිටියත්, එහි ප්‍රධාන
චරිතයට අභිෂේක් තෝරා නොගැනීම නිසා ප්‍රතික්ෂේප කරන ලදී.
අයිශ්වර්යා රායි බච්චන්, ආරධ්‍යා දියණිය නිසා තවමත් කාර්යයබහුලය. දෙහැවිරිදි
ආරධ්‍යා, අමිතාබ් බච්චන්ගේ හැත්තෑ එක් හැවිරිදි උපන් දිනය දා ඈෂ්, අභිෂේක් සමඟ
‘හැපි බර්ත් ඩේ සීයා’ ගීය ගැයුහ.
දීපිකාගෙන් හැට්‍රික්
2013 වැඩියෙන්ම සුබ දීපිකාටයි. ඇය රැගූ ‘යේ ජවානි හෛ දීවානි’ සිනමාපටය සේම
‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ද අති විශිෂ්ට ලෙස සාර්ථක විය. ඇයගේ මීළඟ බලාපොරොත්තුව
‘රාම් – ලීලා’ ය.
එහි නිෂ්පාදක රොනී ස්කෲවාලා පතන්නේ ඉහළ ලීලාවෙන්ම දීපිකාගේ රාම් –
ලීලා ද සාර්ථක වෙනවා කියායි.
හිටපු පෙම්වතා රන්බීර් කපූර් සමඟ රැගූ ‘යේ ජවානී හෛ
දීවානි’ අති සාර්ථක වූවා නම්, වත්මන් පෙම්වතා රන්වීර් සිං සමඟ රඟපෑ ‘රාම් - ලීලා’
සාර්ථක විය යුතුමය.
දැනටමත් පූර්ව ප්‍රචාරක දැන්වීම්, සිනමාපටයේ ගීත කොයි කාගෙත්
මාතෘකාවක් බවට පත් වී අවසන්ය. ‘රාම් – ලීලා’ නොවැම්බර් 15 වෙනි දින තිරගතවීමට
නියමිතය. එය සාර්ථක වුවහොත් 2013 වසරේ ‘හැට්‍රික්’ දීපිකා පදුකෝන්ගෙනි.
සෝනම් නම් එපා!
බොලිවුඩයේ මංගල රංගනය, ‘රාන්ජනා’ අති සාර්ථකවීමත් සමග ධනුෂ්ට එපුරවරයෙන් ලැබෙන
ආරාධනාවල නිමක් නැත. එහෙත් ඔහු තමන්ට ගැළපෙන චරිත නොලැබුණොත් හින්දි සිනමාවට තිත
තැබීමට වුවත් සූදානම් අයෙකි.
‘රාන්ජනා’ හි ධනුෂ්ගේ රංගනයට උතුරේ රසිකයන් වාගේම
දකුණේ රසිකයන් ද, මාමණ්ඩිය රජ්නිකාන්ත් ද එකසේ ඇලුම් කරති. දකුණෙන් පැමිණ එසේ නමක්
ඇතිකර ගැනීම පහසු නොවන බව ඔහු හොඳීන්ම දනියි.
ලැබුණු ආරාධනාවලින් ධනුෂ්ගේ හිත වඩාත්
ඇදී ගොස් ඇත්තේ ‘රාන්ජනා’ අධ්‍යක්ෂවරයාම ලබා දී ඇති තවත් ආදරණීය පිටපතකටයි. එහි
රඟපෑමට ධනුෂ් ද මනාපය. එහෙත් කිසි දිනක තිරයේ ඔහුගේ තාරකාව බවට සෝනම් කපූර් පත්
නොවනු ඇත. රාන්ජනා හි ධනුෂ්ගේ පෙම්වතිය වූයේ ඇයයි. ඇය හොඳම මිතුරියක බව
ප්‍රසිද්ධියේ ධනුෂ් පැවසුව ද සෝනම් සමඟ තිරයේදී මිත්‍රත්වය බෙදා ගැනීමට ඔහු කැමැති
නැත.
අමීර්ගේ සිත ගිය තැන මාළිගාව
සිතේ ඇඳුණු මන්දිරය මිල දී ගැනීමට ඔහුගේ අතේ රැඳුණු මුදල් හැමවිටම ප්‍රමාණවත්ය.
අමීර් ඛාන් මේ වසරේදී වැඩිම මිලක් අය කරන නළුවාය. එනිසා කිරන් රාඕගේත්, ඔහුගේත් සිත
ගිය මන්දිරය මිලට ගැනීම අසීරු නොවෙයි. මෙතෙක් අමීර්, කිරන් සහ පුංචි පුතු, පාලි
හිල්වල මැරිනා නිවාස සංකීර්ණයේ ජීවත් වූහ.
ඔවුන් අලුතින් මිල දී ගෙන ඇත්තේ මුහුදේ සෞන්දර්යය හොඳීන් විඳීන්නට හැකි කාටර් මාවතේ
පිහිටි නිවෙසකි. නිවෙසේ මිල රුපියල් කෝටි 60 කි. නිවෙසේ මිලට වඩා අමීර්ට වටින්නේ
මුහුදු දර්ශනයයි. එය හොඳීන් වාතාශ්‍රය ලැබෙන තැනකි.
සිත ගිය මාළිගාව වෙනුවෙන් ඔහුට මාසික වශයෙන් රුපියල් ලක්ෂ 10 ක් ගෙවීමට සිදු වී
තිබේ. අමීර්ගේ මව ජීවත් වෙන්නේ මැරීනා නිවාස සංකීර්ණයේය. මවගේ තනියට අමීර්ගේ බාල
සොයුරු ෆයිසාල් පැමිණීමට නියමිතයි.
අමීර්ට ධන උල්පත් පාදන්නේ රංගනය, නිවේදනය පමණක් නොවෙයි. තොග වෙළෙඳ ආයෝජන, දේපළ
වෙළෙඳාම්, රූපලාවණ්‍ය නිෂ්පාදන, අවන්හල්, මූම්බායි ඒන්ජල්ස් පාපන්දු කණ්ඩායම, පියෝ
වොන්ඩර්ඛාන් වොඩ්කා, විත් ලව් ෆේරාම් අමීර් සුවඳ විලවුන්, අමීර් ඛාන් සෙඩක්ෂන්
විලාසිතා අලෙවිහල් ඔහුට ආදායම් ගෙනෙන ධන නිධානය. මේ නිසා මේ වර්ෂයේ අමිර්ගේ ආදායම
ඩොලර් මිලියන 185 කි.
මේ අතරේ අමීර් ඛාන්, අනුෂ්කා ෂර්මා ප්‍රධාන චරිත රඟපාන පීකේ සිනමාපටය නීතිමය
අර්බුදයකට මැදි වී තිබේ. ඒ අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානි ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට
ගැනීම නිසයි.
සිනමාපටයේ ශිව දෙවියන්ට ඇඳි නළුවකු කතුන් දෙදෙනෙක් රික්ෂෝවක් තල්ලු කරන සිනමා
දර්ශනයක් අඩංගුය. චාන්ද්නී චොව්ක් හි මේ දර්ශනය රූගත කිරීමේදී ප්‍රදේශවාසීන් මුලින්
සිතා ඇත්තේ රාම්ලීලා උත්සවයක් පැවැත්වෙනවා කියායි.
කැමරා සහ සිනමා කණ්ඩායම දුටු පසු
එය රූගත කිරීමක් බව ඔවුන්ට වැටහී තිබේ. මෙය ආගමික අපහාසයක් ලෙස ප්‍රදේශවාසීන් සැලකූ
අතර ඔවුහු පොලීසියට නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසට තර්ජනය කළහ. අමීර් ඛාන්
පවසන්නේ ශිව දෙවියන්ගේ ජවනිකාව සිහිනමය ජවනිකාවක් බවයි. මේ සඳහා නීතිමය අවසරය ද
පොලීසියෙන් රැගෙන ඇති බව ඔහු පවසයි.
අමීර්, කත්‍රිනා රැඟූ ඩූම් ත්‍රී දෙසැම්බර් 20 වැනිදා තිරගතවීමට නියමිතයි.
චම්පිකා දීපානි රණසිංහ
|