අලුත්ම Hair Style එක
අලුත්ම Hair Style එක
පසුගියදා තිරගත වුණු අනිත්‍යා සිනමා සිත්තමෙන් සිංහල සිනමාවට නවක නිළියක් එක් වුණා.
ඇය මැණික් විජේවර්ධන. සිය පළමු රංගනය වුණත් තම දක්ෂතාවයෙන් සාර්ථක වෙන්න මැණික්ට
හැකි වුණා. දැන් ඇය ඇගේ දෙවැනි සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙන්නත් සූදානම්.
මේ අලුත් චිත්‍රපටයේ මුහුරත් උත්සවය සඳහා මැණික්ට ආරාධනා ලැබුණා. එය පවත්වන්නට
නියමිතව තිබුණේ සවස් වරුවක. ලෑස්ති වෙන්නත් සෑහෙන වෙලාවක් තිබුණු නිසා මැණික් ටිකක්
නිදා ගත්තා. කොහොම හරි මුහුරත් උත්සවය ආරම්භ කෙරෙන වේලාව වෙනකල්ම මැණික්ට නින්ද
ගිහින්. කොහොම වුණත් කලබලේට ලෑස්ති වුණ ඇය අදාළ ස්ථානයට ආවා. මැණික් දකින හැමෝගේම
ප්‍රශ්නය වුණේ ‘කොණ්ඩෙට මොකද වුණේ?’ කියන එක.
එදා මුහුරත් එකට පැමිණි හැමෝම
මැණික්ගෙන් මේ ගැන ඇහුවා. මේක හිතා ගන්න බැරි වුණ ඇය වාහනයක පැති කණ්ණාඩියකින්
බැලුවා. එතකොට තමයි ඇයට තේරුණේ කලබලේට ලෑස්ති වෙලා ආවා මිසක් කොණ්ඩෙ පීරුවෙ නැහැනේ
කියලා. ඇය මේ දවස්වල කොණ්ඩෙ ටිකක් කොටට කපල ඉන්නේ. ඉතිං ඊට පස්සේ ඇය කොණ්ඩෙ ගැන
අහපු හැමෝටම කිව්වෙ මේක තමයි අලුත්ම ස්ටයිල් එක කියලා.
|