|
|
ඩිනක්ෂිගේ ‘ට්‍රබල් කතාව’
දිනේෂ්ගේ අලුත් චිත්‍රපටය ඩබල් ට්‍රබල්. එහි සහාය අධ්‍යක්ෂණය කරන්නේ වැඩිමහල් දියණිය වන ඩිනක්ෂි ප්‍රියසාද්. පසුගියදා දිනේෂ්ගේ මේ අලුත් ෆිල්ම් එක ගැන මාධ්‍ය හමුවක් පැවතුණා. එහිදී දිනේෂ් අදහස් දක්වා අවසානයේදී ඩිනක්ෂිටත් වචන කිහිපයක් කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ඩිනක්ෂි කිව්වේ මෙහෙම කතාවක්. ‘තාත්තා මට මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණ කටයුතු කියල වැඩ ටිකයි දුන්නේ. වැඩිපුරම මට කරන්න වුණේ තේ හදන එකයි, කෑම ලෑස්ති කරන එකයි, ගෙවල් අතුගාන එකයි තමයි. ඩිනක්ෂි කිව්වෙ සභා ගැබම හිනස්සවමින්. එහෙම වුණාට ඩිනක්ෂි දන්නවා ඇති ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් කපූර්ටත් එයාගෙ තාත්තා මුලින්ම දීලා තියෙන්නේ චිත්‍රාගාරය අතු ගාන්න කියලා. මේ චිත්‍රපටය සමඟම සබැඳෙන තවත් කතාවක් තියෙනවා. ඩබල් ට්‍රබල් නිෂ්පාදනය කරන්නේ රාජ් රණසිංහ. මුලින්ම දිනේෂ්ව අධ්‍යක්ෂවරයෙක් කරමින් තිරගත වූ ව්ධ 1 චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් රාජ්. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයෙන් ඩිනක්ෂිත් සහභාගි වන නිසා මෙරට චිත්‍රපට ඉතිහාසයේ තාත්තයි දුවයි දෙන්නම අධ්‍යක්ෂවරුන් කළ නිෂ්පාදකවරයා වන්නේත් රාජ් රණසිංහ. |



දිනේෂ් ප්‍ර‍්‍රියසාද් ලාංකේය සිනමාවට සුවිශේෂ චිත්‍රපට රැසක් දායාද කළ චිත්‍රපට
අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම ඔහුගේ ආදරණීය දියණියන් තිදෙනාත් සිනමාව, පුංචි තිරය හැඩ කරන
ජනප්‍රිය රංගන ශිල්පිනියන්.