වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී තිරයේ මෝහනීය අංගනාවෝ

රිදී තිරයේ මෝහනීය අංගනාවෝ

ඔවුන් රසිකයන්ගේ රාත්‍රීන් කෙතරම් උදුරා ගන්නට ඇද්ද? රසික සිහිනවල අග රැජනන් බවට පත්වන්නට ඇද්ද? සරාගී රූසපුව තාරකාවන් එපමණටම තවත් ජීවිතයකට සමීප කළ රස රහසයි. එනිසාම වාර්ෂිකව ලොව සරාගී තාරකාවන් දස දෙනකු නම් කිරීම සාම්ප්‍රදායිකවම සිදුවෙයි.

2013 අංක එකේ සරාගී තාරකාව වී සිටින්නේ ජෙනිෆර් ලෝරන්ස්ය. විසි තුන් හැවිරිදි අමෙරිකානු ජාතික ජෙනිෆර් බැබළෙන්නේ සරාගී පෙනුම නිසාම පමණක් නොවෙයි.

වයස අවුරුදු විස්ස තරම් ළාබාල වයසේදී ඇය ‘වින්ටර්ස් බෝන්’ රංගනයට ඇකඩමි සම්මානයට නිර්දේශ වූවාය.

එතරම් ලාබාල වයසකදී ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු තෙවැනියා ඇයයි. ‘සිල්වර් ලයිනිංස් ප්ලේබුක්’ (2012) රංගනයට ජෙනිෆර් හොඳම නිළිය ලෙසින් ඔස්කාර් සම්මාන දිනා ගත්තාය.

මෙතරම් ලාබාල වයසකදීී ඔස්කාර් සම්මානයට දෙවරක් නිර්දේශ වු එක් වරක් සම්මානයට පාත්‍ර වූ එකම නිළිය ජෙනිෆර්ය.

සූ සැල්ඩානා තිස් පස් හැවිරිදි අමෙරිකානු තාරකාවකි. ඇය සෙන්ටර් ස්ටේජ්, ක්‍රොස් රෝඩ්ස්, පයිරේට්ස් ඔෆ් ද කැරීබියන්, ද කර්ස් ඔෆ් ද බ්ලැක් පර්ල්, අවතාර් සිනමාපටවලින් අතිශයින් ජනාදරයට පාත්‍ර වූවාය.

ඇමී ඇඩම්ස්, තිස් නව හැවිරිදි වුවත් සරාගී බවින් තෙවැනි තැනට පත්වීමට තරම් ආකර්ෂණීයය.

අමෙරිකානු ජාතික ඇමී සරාගී බව ඉස්මතු වෙන සේ අඳින්න, පලඳින්න රුසියෙකි.

ඇය නිළි ගායිකාවකි. කැච් මී ඉන් යු කැන්, එන්චාක්ටඩ්, නයිට් ඇට් ද මියුසියම්, ජුලී ඇන්ඩ් ජුලියා, ද ෆයිටර්, ද මාස්ටර් වැනි සිනමාපට ගණනාවකින්ම ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය සිව්වරක්ම ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.

පෝලා පැට්න් තිස් හත් හැවිරිදි අමෙරිකානු තාරකාවකි. මිරර්ස්, ස්විං වෝට්ස්, මිෂන් ඉම්පොසිබල් ජම්පිං ද බෲම් සිනමාපටවලින් මේ සරාගී රුව දැක ගත හැකියි.

සොෆියා වර්ගරා හතළිස් එක් හැවිරිදි වුවත් සරාගී තාරකා නාම ලේඛනයේ පස්වැන්නිය වීමට තරම් ආකර්ෂණීයය.

ඔස්කාර් සම්මානයට නිර්දේශ නොවුණත් ඇය සම්මාන ගණනකටම නිර්දේශ වී ඇති තාරකාවකි. නිව් ඉයර්ස් ඊව්, හැපි ෆීට් ටූ, ද ත්‍රී ස්ටූජ්ස්, එස්කේප් ෆෙ‍්‍රාම් ප්ලැනට් අරත් ඇයගේ ආකර්ෂණය ලබා දුන් සිනමාපටයි. 2012, 2013 වසරවල අමෙරිකානු රූපවාහිනී තාරකාවන් අතරින් වැඩිම මුදලක් ඉපයූ නිළිය සොෆියායි.

ජෙනිෆර් ඇනිස්ටන් හතළිිහේ සීමාව පසු කළ තවත් සරාගී සුරූපිනියකි. ඇය හය වැනි ස්ථානයේ පසුවන්නීය. ජෙනිෆර් නිළියක් පමණක් නොව, අධ්‍යක්ෂවරියක හා නිෂ්පාදකවරියක ද වන්නීය.

වරක් ඇය මෙන්ස් හෙල්ත් සඟරාව මඟින් සර්වකාලීන සරාගී කාන්තාවන් අතරට ජනතා මනාපයෙන් පත්කර තිබිණි.

ගුඩ් ගර්ල්, ෆෙ‍්‍රන්ඩ්ස් විත් මනි, අලෝං කේම් පෝලි, ද බ්‍රේක් – අප්, මාලේ ඇන්ඩ් මී, වැනි සිනමාපට සුරූපී බව පමණක් නොව ජෙනිෆර්ගේ රංගන හැකියාව ද ලොවට කියා පෑවාය.

එමීලියා ක්ලාක් පුංචි තිරයෙන් කල එළි බැස්ස තාරකාවකි.

විවිධ චරිත නිරූපණයෙන් රසිකයන් කුල්මත් කළ එමා ස්ටෝන්, ඇනා කෙන්ඩ්‍රික්, එමා වොට්සන් සරාගිනියන් දස දෙනා අතර සිටිති.

වාර්ෂිකව සරාගී තාරකාවන් විවිධ සඟරා, ගුවන් විදුලි මාධ්‍යය, වෙබ් අඩවි මඟින් අංක කෙරෙයි. මේ මෙන්ස් හෙල්ත් මඟින් සර්වකාලීන සරාගී කතුන් ලෙස නම් කළ දස දෙනායි. ජෙනිෆර් ඇනිස්ටන්, රැකුවිල් වෙල්ච්, මැරිලින් මොන්රෝ, බ්‍රිට්නි ස්පියර්ස්, මැඩෝනා, උර්සුලා ඇන්ඩ්‍රස්, බෙටී පේජ්, පැමෙලා ඇන්ඩර්සන්, ජේන් ෆොන්ඩා, ඇන්ජලිනා ජොලී මුල සිට අගට අංක පිළිවෙළින් හොඳම දස දෙනායි.