වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




සේවයට පනහයි වයස . . .?

සේවයට පනහයි වයස . . .?

කුමාරි පෙරේරා කලා ලෝකයට පිවිසෙන්නේ වයස අවුරුදු හතේදී. ඒ ටවර් හෝල් නූර්තියක් වුණ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ වෙස්සන්තර නූර්තියේ ක්‍රිෂ්ණජිනාගේ චරිතයෙන්.

අනතුරුව විදුර, සිවම්මා ධනපාල, සිරිසඟබෝ, රාමායනය, පද්මාවතී, මනමේ, සිංහබාහු වැනි නාට්‍ය රැසකින් ඈ සිය රංගන ප්‍රතිභාව දැක් වූවා. රංගනය විතරක්ම නෙවෙයි, නර්තනය වගේම හඬ කැවීම්, නිවේදනය සහ ගායන අංශවලත් ඇය දැක්වූවේ එක හා සමාන දක්ෂතාවක්.

දැන් ඇය සිය කලා දිවියේ ගත කරන්නේ අඩ සියවසක කඩඉමයි. මේ වෙනුවෙන් ඇය පසුගියදා සම්මානයට පාත්‍ර වුණා. මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා රංගනය, නර්තනය, හඬකැවීම, නිවේදනය සහ ගායන අංශවලින් ඉටු කරන්නා වූ අති විශිෂ්ට සේවය වෙනුවෙන් කුමාරි පෙරේරා සම්මාන ලැබූයේ පසුගියදා පැවැති කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේදීයි. අඩ සියවසක කාලයක් පුරා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය මෙලෙස ඇගැයීම පිළිබඳ ස්තුති කරන්නත් කුමාරි අමතක කළේ නැහැ.