|
|
Top 10 Chart From HOLLYWOODග්‍රැවිටි මේ සතියේත් පෙරමුණේ
හොලිවුඩ් චිත්‍රපට අතර ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තා අතර මෙම සතිය තුළ ප්‍රමුඛස්ථානය ගෙන සිටින්නේ අල්ෆොන්සො ක්වරන් අධ්‍යක්ෂණය කළ Gravity චිත්‍රපටයයි. මෙම සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 43.2ක්. ග්‍රැවිටි සති දෙකක් තුළ මුල් ස්ථානයේ රැඳී සිටීම විශේෂයක්. මෙහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මේ සතියේ තිර ගතවීම ඇරඹූ පෝල් ග්‍රීන්ගාඩ් අධ්‍යක්ෂණය කළ Captain Phillips චිත්‍රපටයයි. කපිතාන් රිචඩ් පිලිප්ගේ නාවික ජීවිතය තුළ මුහුණ දුන් සත්‍ය සිදුවීමක් පාදක කර ගත් සිදුවීමක් මෙහි ඇතුළත් වෙයි. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින තම නෞකාව පැහැර ගන්නා විටදී නෞකාව සහ තම පිරිස බේරා ගැනීමට ඔහු කළ සටන ඒ තුළින් නිරූපනය කෙරේ. ටොම් හෑන්ක්ස් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි. Captain Phillips මෙම සති අන්තය තුළදී ඩොලර් මිලියන 25.7ක ආදායමක් වාර්තා කර තිබුණි. පසුගිය සතියේ දෙවැනි ස්ථානය හිමිකර සිටි Cloudy With a Chance of Meatballs 2 මෙම දර්ශකයේ තෙවැනි ස්ථානයට පත්ව තිබේ. හාස්‍ය රැගත් පරිගණක සජීවකරණ පවුලේ චිත්‍රපටයක් වන මෙය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 13.8ක ආදායමක් වාර්තා කර තිබුණි. සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ රොබට් රොඩ්‍රිග්‍යුස් අධ්‍යක්ෂණය කළ Machete Kills චිත්‍රපටයයි. එය වාර්තා කළ ආදායම මිලියන 3.84ක්. Runner Runner සහ Prisoners පිළිවෙලින් පස්වැනි සහ හයවැනි ස්ථානයන් හිමිකර ගෙන තිබේ. ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර හත්වැනි ස්ථානය හිමිව ඇත්තේ Insidious : Chapter 2 චිත්‍රපටයටයි. රොන් හොවාඩ් අධ්‍යක්ෂණය කළ Rush චිත්‍රපටයට හිමිව ඇත්තේ අටවැනි ස්ථානයයි. පසුගිය සතියේ හයවැනි ස්ථානයේ පසු වූ Don Jon මේ සතියේ නවවැනි ස්ථානයටත් හත්වැනි ස්ථානයේ පසු වූ Baggage Claim දසවැනි ස්ථානයටත් පත් වී තිබේ. |


