වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




අපිත් සූරයෝ සරසවි ඇවිත්

අපිත් සූරයෝ සරසවි ඇවිත්

සුරංග ද අල්විස්ගේ දෙවන සිනමා කෘතිය අපිත් සූරයෝ නමින් නම් කොට ඇති අතර එහි මුහුරත් උළෙල පසුගියදා දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්විණි.

ජීවන් කුමාරණතුංග, බුද්ධික ජයරත්න, ක්ලීටස් මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීමාල් වෙඩිසිංහ, හිමාලි සිරිවර්ධන, ධර්මප්‍රිය ඩයස්, නිහාල් ප්‍රනාන්දු, මැණික් විජේවර්ධන අපිත් සූරයෝ හි චරිත මවනු ලබයි. මෙහි නිල්මිණි තෙන්නකෝන් සමඟ සුරාජ් මාපා ආරාධිත රංගනයක යෙදෙති.

යුනිවර්සල් ලංකා පික්චර්ස් වෙනුවෙන් සමන්ත මීඇල්ල සහ මෙත්සිරි කුමාරසිංහ අපිත් සූරයේ නිෂ්පාදනය කරති. සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රවින් ජයරත්න සංස්කරණ ශිල්පියාය. තිසුල දීපතඹවිට කැමරාව මෙහෙයවන අතර රිහාන් රවීන්ද්‍රගේ සහාය අධ්‍යක්ෂණයකි. කතාව, දෙබස්, තිර රචනය බුද්ධික ජයරත්නගෙනි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය. ප්‍රියංක රත්නායක අංග රචනයෙන් ද, දිනේෂ් ජයශාන්ත කලා අධ්‍යක්ෂණයෙන් ද අපිත් සූරයෝ සඳහා දායක වෙති.

සුරංග අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු සිනමාපටය වන රජ හොරු ළඟදීීම තිරගතවීමට නියමිතය.