|
|
ඒ වෙලාවේ සංවේදී නොවුණා නම් තමයි පුදුමේ
ඩිල්ෂාන් ගේ ක්‍රිකට් සමුගැනීම ගැන රංගන ශිල්පිනී මංජුලා තිළිණි කතාකරයි
රංගන ශිල්පිනී මංජුලා තිළිණි අතිශය හැඟුම්බර වූ අවස්ථාවක් පසුගිය දිනෙක අප මාධ්‍යයන් තුළින් දුටුවා. ඒ තම ආදරණීය සැමියා වූ තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කළ දිනය. එදින බොහෝ දෙනාගේ අවධානය ඩිල්ෂාන්ට වගේම මංජුලාට ද යොමු වූයේ කලකට පසු ඇයව දක්නට ලැබුණු හින්දා වන්නට ඇති. ඒ හේතුව නිසාම අප මංජුලාත් එක්ක මෙලෙස සංවාදයක නියැළුණා. ඒ අතරතුර ලෝ පතළ ඩිල්ෂාන් ගැන නොදත් කතා කිහිපයක්ම හෙළිදරව් කරනු ලැබුවා.
ඇත්තටම ඒ මොහොත මට කවදාවත් අමතක වන්නේ නැහැ. ඩිල්ෂාන් ටෙස්ට් තරග ප්ලේ කරන එක නවත්වන්නට කලින් මගෙන් ඇහැව්වා. මේ තීරණය විතරක් නෙවෙයි, අපේ ජීවිතේ හැම වැදගත් වෙලාවකදීම තීරණ ගන්නේ අප කතාබහ කරලා. මේ වෙලාවෙත් ඒක එහෙම්මම වුණා. කලින් දන්නවා වුණත් එදා මාධ්‍ය හමුව දා ඩිල්ෂාන් කතාකරපු විදිහට මට දැණුනේ මුලින්ම මටත් ඒ පණිවුඩය දුන්නා වගේ. එතරම්ම ඒ වචන හරිම අව්‍යාජයි. ඩිල්ෂාන් බොහෝ කැපකිරීම් කරලා මේ තත්ත්වෙට අපු කෙනෙක්. එයාගේ ජීවිතේ හැම දෙයක්ම මං දන්නවා. ඩිල්ෂාන් වගේ කෙනෙකුගේ බිරිය වීමත් මා ලද වාසනාවක්. ඒ වෙලාවේ මං සංවේදී නොවුණා නම් තමයි පුදුමේ.
සාමාන්‍යයෙන් මැච් එකකට යන්න කලින් ඩිල්ෂාන් ඔබට කියන්නේ මොනවද? එයා එදින කොච්චර ලකුණු ගානක් ගන්නවද කියලා කියන්න එයාට පුළුවන්. ඩිල්ෂාන් සීයක් ගහපු හැම වෙලාවකම ‘අද මං සෙන්චරියක් ගහනවා’ කියලා මට කිව්වා මට හොඳට මතකයි. මාත් ඔහුට උපරිමයෙන් මගේ ආශීර්වාදය දෙනවා මැච් එකකට යන්න කලින්.
ඔබ දෙපොළගෙන් කාටද වැඩිපුරම කේන්ති යන්නේ? ඩිල්ෂාන්ට තමයි. මට එයා තරම්ම කේන්ති යන්නේ නැහැ. කොහොම හරි දෙන්නටම කේන්ති ගිය වෙලාවල්වලදී දෙන්නම සද්ද නැතුව ඉන්නවා. ඒත් පැයකට වඩා වැඩි වෙලාවක් දෙන්නටම එහෙම ඉන්න අමාරුයි.
ගෙදර ඉන්න දවස්වලට ඔබේ අතින් ඩිල්ෂාන්ට මොනවද කන්න හදලා දෙන්නේ? එයා හරි ආසයි පොලොස් මැල්ලුම් කන්න. මං ඒක හදලා දෙනවා.
කෝ දැන් මංජුලා තිළිණි කියන නිළිය? අනේ ඩිල්ෂානුත් කියනවා ඔහොම හිටියා ඇති රඟපාන්න යන්න කියලා. ඒත් මං තමයි පස්ස ගහන්නේ. හොඳ චරිතයක් ලැබුණොත් සලකලා බලනවා.
ඔබ අන්තිමට රඟපෑවේ ‘අවංකා’ ටෙලි නාට්‍යයේ නේද?
බොහෝ කාලයක් රඟනොපෑව හින්දා ඔබේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා කියලා හිතෙන්නෙ නැද්ද? මෙහෙමයි, නිළියක හැටියට ප්‍රේක්‍ෂකයන් අතරට නොගියත් ඩිල්ෂාන්ගෙ බිරිය හැටියට සමාජයේ පෙනී සිටියා. එහෙව් තත්ත්වයක් මත ඒපැත්තෙන් මිනිස්සු මාව හඳුනනවා. හැබැයි ඇතැම්දෙනා මං රඟපාපු ‘නිලංජනා, සින්දූර්’ වැනි ටෙලි නාට්‍යවල චරිත ගැන අදටත් මතක් කරනවා.
ඩිල්ෂාන් මංජුලා කැදැල්ලේ ඉන්න පුංචි පැටව් ගැනත් මේ වෙලාවේ මතක් කළොත් හොඳයි..? අපේ ලොකු දුව රෙසඳි ලිනමා. එයාට අවුරුදු පහයි. දෙවැනියා ලිසදි දිහසංසා එයාට අවුරුදු තුනහමාරයි. පුතා දිහෙළ දින්හත්.
බබලා තුන්දෙනාගේම නම්වල ‘දි’ අකුර ඇතුළත් වුණේ දිල්ෂාන් හින්දද? අනිවාර්යයෙන්ම ඒක තමයි හේතුව. අහුබුදු මහත්තයා තමයි නම් හැදුවේ.
කොහොමද ඔබලගේ නිමි ඇඳුම් ව්‍යාපාරයේ කටයුතු? හොඳින් සිදුකෙරෙනවා. රාජගිරියෙයි අපේ ව්‍යාපාරික ස්ථානය තියෙන්නේ.
අපේ ආදරේ නම් චුට්ටක්වත් අඩුවෙලා නැහැ. ඩිල්ෂාන් රාජකාරි කටයුතු හමාර කරලා ගෙදර දුවගෙන එන්න බලාගෙනයි ඉන්නේ. මං බඳින්න කලින් හිටියා වගේම අදටත් හොඳ සැහැල්ලුවෙන් ඉන්නවා. මං හිතනවා අපි මෙච්චර සතුටින්, සමාදානයෙන් ඉන්නේ පවුල් ජීවිතයට මුල්තැන දෙන නිසා කියලා. ඒ වගේම කොච්චර ජනපි‍්‍රයත්වයක් ලැබුණත් අපි දෙන්නා බොහොම සරලවයි ජීවිතය ගෙවන්නේ. එදා මාධ්‍ය හමුවේ දවසේ ඩිල්ෂාන්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව ඔහු ඇමතුවේ අයියේ, මල්ලීයෙ කියලා. ඒ සහෝදරත්වය අපි ගොඩනගාගෙන ඉන්න අර සරලකම හින්දමයි.
මේ වෙලාවේ තව දෙයක් මට කියන්න පුළුවන්ද? ඔව්, කියන්න. ඩිල්ෂාන් ටෙස්ට් දිවියෙන් සමුගත්තේ ජයග්‍රාහී විදිහට. ඒ ඔහු පොළොවේ පය ගහලා හිටපු නිසා. අපි යමක් හම්බ කළාද ඒක හොඳ විදිහටයි කළේ. ඒ ගැන හිතද්දී අපේ ජීවිත පිළිබඳ තෘප්තිමත්වයි මං ඉන්නේ.
|



මංජුලා මං කැමැතියි මුලින්ම ඔබ එදා ඩිල්ෂාන්ව සිප වැලඳගෙන සංවේදී වූ ඒ නිමේෂයට
ඔබේ සිත ගෙනියන්න...?
ඔව්, ඒ මීට වසර හතකට පමණ කලින්. ඒකත් හරියට කරගන්න බැරි වුණා.
ඔබ ඩිල්සාන් හා විවාහ වී මේ වන විට වසර පහක් ඉක්මවලා. කොහොමද ඒ කාලය ගැන
දැනෙන්නේ?