වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් තමයි නින්ද යන්නේ

දැන් තමයි නින්ද යන්නේ

ජගත් චමිල පසුගියදා පැවැති නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ වුණාට ජගත් පහුගිය කාලය පුරාවට හරියට නිදා ගත්තේ නැහැලු. දැන් නම් රෑ නවය දහය විතර වෙන කොට ඔහු නින්දට යනවාලු.

මෙහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ මොකක් ද කියන එක ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාම ජගත්ට සුබ පතන්න ගෙදරට කට්ටිය එනවාලු. එහෙම කට්ටිය ආවාම කතාබහ කරල අවසානයේ හැමදාම ජගත්ට නින්දට යන්න වෙන්නේ පාන්දර එකට දෙකට විතරලු.

දැන් ඒ තත්ත්වය ටිකක් මග හැරිල නිසා ජගත් විවේකීව ඉඳලා වේලාසනින්ම නින්දට යනවාලු. පසුගිය සතියේ ජගත් ජනාධිපතිතුමන් අතින් තිළිණ ලැබුණ අලුත් නිවහනේ පදිංචි වුණා.