|
|
දක්ෂතා රැසකින් වික්‍රම කරන වික්‍රමරත්න
සිය මෑණියන් කියනා රසවත් කතා හා සිය පියාණන් කියනා කවි ගායනා හමුවේ ඒවා රස විඳිමින් හැදී වැඩෙන වික්‍රමරත්නගේ කෙටිකතා හීනය සැබෑවෙයි.ඒ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ගුවන් විදුලිියෙහි කළ කෙටිකතා වැඩසටහනකට කෙටි කතා ලියන්න යැයි කරන ආරාධනයෙනි. කාලයකදී රත්න බී. ඒකනායක ගුරු පියාණන්ගේ මඟ පෙන්වීම යටතේ සිය පළමු කෙටිකතා සංග්‍රහය වන ‘රතු කුකුළාගේ මරණය’ එළි දක්වයි. එතැනින් නොනවතින වික්‍රමරත්න ‘වී මිදුලට සඳ ඇවිදින්’ නවකතාවත්, ‘නාඹිරිත්තා මල්’ හා අලුත්ම කෙටි කතා සංග්‍රහය වූ ‘රතු අහස ලස්සනයි’ නිර්මාණ මඟින් පාඨකයන් අතරට පැමිණෙයි. මේ වන විට ඔහු ස්වාධීන සාහිත්‍ය උළෙලේදී ඉදිරිපත් කළ ‘රතු කුකුළාගේ මරණය’ කෙටිකතාව සඳහාත්, මහගමසේකර පදනමෙන් පැවැත් වූ සාහිත්‍ය උළෙලේදී ‘කලලයක් කතා කරයි’ කෙටිකතාව වෙනුවෙන් පළමු ස්ථානයත් හිමිකර ගෙන තිබේ. ‘මේ අහස වගේ’ හා ‘පිපුණා රතු ගිනිදැල්’ යන ගීත සඳහා අසන්නන්ගේ යහපත් ප්‍රතිචාර හිමි වූ ඔහු ගුවන් විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායකයකු වෙයි. කාලයක් ඒ දක්ෂතාවය මඟහැර සිටි ඔහු නැවතත් ඒ සඳහා ආරම්භයක් තබා තිබේ. ඒ මේ වනවිට ඔහු පද රචනා කළ ගීත ත්‍රිත්වයකට හඬ මුසු කර අවසන් වීමය. සංගීතය රචනා කර ඇත්තේ ඔහුගේම පුතු ජීවන් හර්ෂනාත්ය. මේ ගීත ත්‍රිත්වය ළඟදීම දිනක ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය කිිරීමට නියමිත අතර ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ගීත රැසක් ඇතුළත් සී. ඩී. තැටියක් එළිදැක්වීමය. |



දුම්රිය පාලකවරයකු ලෙස සේවය කරන වික්‍රමරත්න කරුණානායක කෙටි කතාව මෙන්ම නවකතා ඔස්සේ
සිය දක්ෂතාව හා හැකියාව විදහාපායි. ඔහු ගායනය, ගීත රචනය, කෙටි කතාව හා නවකතාව යන
සියලු මාධ්‍යවලින් ගායනය හා කෙටි කතාවට බෙහෙවින් ප්‍රියතාවයක් දක්වයි. ‘රතු අහස
ලස්සනයි’ යනු ඔහුගේ නවතම තෙවැනි කෙටි කතා සංග්‍රහයයි. ළඟදීම ගීත කිහිපයක් ඇතුළත්
ගීත තැටියක් එළි දැක්වීමට සිතා සිටින ඔහු නිර්මාණකරණයේ නියැළෙන්නේ යොවුන් කල
පටන්මය.