|
|
සිංහල සිනමා විස්තරය 133
සසර චේතනා
තිරගත වූ දිනය – 1984 ජුනි 30 ඉදිරිපත් කිරීම – මලිති චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය - මාලිනී ෆොන්සේකා කතාව, දෙබස්, තිර රචනය – දයා රාජපක්‍ෂ සහාය අධ්‍යක්‍ෂ-ණය – අයි. එන්. හේවාවසම් කැමරා අධ්‍යක්‍ෂණය - සුමිත්ත අමරසිංහ කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සුමින්ද වීරසිංහ, සුනිල් ජයවීර, සරත් කුමාර, බෙනඩික් ද සිල්වා, නිමල් බන්දුසේන, සෝමරත්න ඉඹුලේගම සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුනි සහාය- චන්ද්‍රසේන රූබසිංහ අංග රචනය – ඊබට් විජේසිංහ කලා අධ්‍යක්‍ෂණය – ධර්මසේන හේමපාල සහාය අතුල සුල්තානාගොඩ නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු නැටුම් ඉදිරිපත් කිරීම - සුමනා ගෝමස් ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය – ඇලෝසියස් රුද්‍රිගු, ඒ. පී. අමරසිංහ, වී. සුන්දරරාජ්, බී. සෝමදාස රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ්, ප්‍රසාද් කලර් මූවි ලැබ් - චෙන්නායි රසායනාගාර සම්බන්ධීකරණය - ෆොටෝ කීනා, ඩිල් ෆිල්ම්ස් ‘ඉන්ටර් නැෂනල්’ සැකසුම – විජය චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - ජෝර්ජ් වීරසිංහ වෙඩි පිපිරීම – කරුණාදාස අතුරුගිරිය කැමරා සහ ආලෝක උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් පසුබිම් සංගීතය පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය හෙලිකොප්ටර් යානා පැදවීම – බලගන නායක ඔලිවර් රණසිංහ මෝටර් සයිකල් පුහුණුව - රාජා පෙරේරා ආලෝකකරණය - රංජිත් පෙරේරා නිෂ්පාදන අංශයේ සහාය - මෝලි ඇලන්සන්, ගුණරත්න හපුආරච්චි, පී. රාජා, එම්. පී. ගුණසේකර නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා සංගීත අධ්යක්ෂණය - සරත් දසනායක ගීත - බුදුනේ බුදු පියාණනේ – ටී. ෂෙල්ටන් පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න හිම කඳු යහනේ - ග්‍රේෂන් ආනන්ද, නිරංජලා සරෝජිනී, කුලරත්න ආරියවංශ ධාවන කාලය – පැය 2 විනාඩි 03 දිග ප්‍රමාණය – මීටර් 3061 නළු නිළියන් – මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, රෙක්ස් කොඩිප්පිලි, විල්සන් කරුණාරත්න, විමල් කුමාර් ද කොස්තා, ධර්ම ශ්‍රී මුණසිංහ, ජී. ගුණවර්ධන, ශාන්ති ලේඛා, විශාකා සිරිවර්ධන, ටෙඩී විද්‍යාලංකාර, නිමල් ෆොන්සේකා, සුමේධ වික්‍රමරත්න, ආනන්ද පෙරේරා, රත්නසිරි ද සිල්වා, සුමිත් මුදන්නායක, ප්‍රේමදාස හපුආරච්චි, ගාමිණී රාමේෂ්වර, ඩබ්ලිව්. එච්. ඩී ජයවර්ධන, ඉලංකෝන් බණ්ඩාර, සුරංග ෆොන්සේකා, සුරංගිකා ෆොන්සේකා, රොනල්ඩ් ප්‍රනාන්දු, බී. ඩී. සේනතුංග, ටීසා, බී. ගුණපාල, පී. ඩබ්ලිව්. පෙරේරා,ඩී. එච්. ඩිගෝට්, ටිරෝන් මයිකල්, ක්ලීටස් මෙන්ඩිස්, සුමනා ගෝමස්, පී. බී. ඉලංකෝන්, එස්. බී. සේනාරත්න, ඒ. ඩබ්ලිව්. සේනානායක, සුමේධ වික්‍රමරත්න, රත්නසිරි සිල්වා, ආනන්ද පෙරේරා, පී. ලීලානන්ද, අශෝක සමරවීර, බන්දුල ගුණසේකර, වී. ආර්. විරාජ් අලි, උපාලි රණසිංහ, හේමන්ත සෙනෙවිරත්න ආරම්භක සිනමා ශාලා - නිව් ඔලිම්පියා - මරදාන, තුසිත - පේරාදෙණිය, කිංග්ස් - බදුල්ල, සිනෙක්ස්පෝ - කුරුණෑගල, මානෙල් - දෙටගොඩ, එන්. අයි. ටී. – රත්නපුර, කිංග්ස් - මීගමුව, රොක්‍ෂි - වැල්ලවත්ත, දොන් ෆ්ලාසා - කළුතර, ගැමුණු - වත්තල විශේෂ - 1985 දෙසැම්බර් 06 වැනි දින පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී රුපියල් ලක්‍ෂ 50 කට අධික ආදායම් ලැබූ චිත්‍රපට සඳහා පිරිනමන ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.
වදුල
තිරගත වූ දිනය – 1984 ජූලි 20 ඉදිරිපත් කිරීම – කපිල ෆිල්ම්ස් නිෂ්පාදනය - කපිල නවරත්න මහත්මිය අධ්‍යක්ෂණය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ කතාව - පියසේන නිශ්ශංක සූරීන්ගේ නවකතාව ඇසුරිනි දෙබස් - පියසේන නිශ්ශංක තිර රචනය – ධර්මසිරි ගමගේ සහාය අධ්‍යක්ෂණය - සරත් සාරංග පෙරේරා, පියසේන අහංගම කැමරා අධ්‍යක්ෂණය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර කැමරා සහාය - සෝමරත්න ඉඹුලේගම සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි සහාය පී. හැරිස් නන්දසිරි අංගරචනය - ඩෙරික් ප්‍රනාන්දු සහාය - නිමල් රාජපක්ෂ කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල සහාය - බන්දුල ඇල්පිටිආරච්චි ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය) ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය) රසායනාගාර කටයුතු - වී. සිවදාසන් (විජය චිත්‍රාගාරය) ජෙරල්ඩ් බී. ජයවර්ධන (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය) සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, රා. චි. සංස්ථා චිත්‍රාගාරය නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡයාරූප – ගාමිණී සේනානායක උපකරණ සැපයුම - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, සිංහගිරි ෆිල්ම්ස්, දිසානායක චිත්‍රපට කාර්මික සහාය – නිමල් බන්දුසේන, සරත් හේවාරත්ගම, නිමල් මෙත්තානන්ද, දයානන්ද සිල්වා, උපුල් විජේනායක රසායනාගාර සහාය – එම්. රාමචන්ද්‍රන්, රන්දෙනි ජයවර්ධන, ඩේවිඩ්සන් සිල්වා දළ සේයාපට සැකසුම - ඩෙන්සිල් ජයවීර කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන ධාවන කාලය – පැය 2 – දිග අඩි 10000 නිෂ්පාදන කළමනාකරු - සුමිත් ජයවීර නිෂ්පාදන කෘත්‍යාධිකාරි – කපිල මුණසිංහ සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ (හඳුන්වාදීම) ගීත - මෙම චිත්‍රපටය සඳහා ගීත ඇතුළත් වූයේ නැත රංගනය - ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, දයා තෙන්නකෝන්, ධර්මදාස කුරුප්පු, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රත්නාවලි කැකුණවෙල,සීතා කුමාරි, ප්‍රැන්සිස් වන්නිආරච්චි, ධර්මරන්සි අමරසිංහ, තිස්ස උඩංගමුව, වේහැල්ලේ පියතිලක, පියසේන ජයවන්, උපාලි පෙරේරා, ඇලෝයි හලාකෝන්, කේ. ඒ. පියකරු, නිමල් කාරියප්පෙරුම, කමනී අමරසිංහ, සමදරා ආරියවංශ, රූපා ගෝමස්, විමල් කුමාර් ද කොස්තා, ලොයිඩ් වාකිස්ට්, බැසිල් ද සේරම්, නෙළුම් කළුබෝවිල, ෂෙරින් පෙරේරා, ලක්ෂ්මී මුණසිංහ, හේරත් එම්. සෙනෙවිරත්න, දුෂ්මන්ත රාජකරුණා, මංගල රාජකරුණා, ගුණපාල වීරසේකර, වික්ටර් අහංගම, ඇන්ටන් වර්ණකුල, බන්දුල සිල්වා, එච්. ලීලාරත්න, බන්දුල ඇල්පිටිආරච්චි, නන්ද වික්‍රමගේ ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන් - මරදාන, කන්ට්‍රාස් - දළුගම, නැෂනල් - මහරගම, පබ්ලික් හෝල් - ගම්පහ, රිගල් - මීගමුව, ප්‍රින්ස් - ගාල්ල, සීගිරි – මහනුවර, ඡායා - කෑගල්ල, ජෝති රත්නපුරය, විජයන්ති – කඩුවෙල, ජයමිනි – පානදුර
රණ දෙරණ
තිරගත වූ දිනය – 1984 ජූලි 21 නිෂ්පාදනය - ස්ටැන්ලි ද සිල්වා, රාණි ද සිල්වා අධ්‍යක්ෂණය – ඩිල්මන් ජයරත්න, ලෝරන්ස් කුරේ කතාව, දෙබස්, තිර නාටකය - ලෝරන්ස් කුරේ සහාය අධ්‍යක්ෂණය – උපාලි පෙරේරා, අශෝක සෙනරත් මුදලිගේ කැමරා අධ්‍යක්ෂණය – ඩිල්මන් ජයරත්න සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු අංග රචනය – ඊබට් විජේසිංහ කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සටන් අධ්‍යක්ෂණය – විල්ප්‍රඩ් සිල්වා, දයානන්ද රුද්‍රිගූ ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, විමල් රණසිංහ, පාලිත වානගුරු රසායනාගාර කටයුතුªª- හොංකොං කලර් මූවී ලැබ් සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය – නිමල් සපුතන්ත්‍රි නිෂ්පාදන අධිකාරි – රාණි ද සිල්වා වෙඩි පිපිරවීම - ජොනී ඩි හුට් සංගීත අධ්යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති ද අල්විස් ගීත - රන් අකුරෙන් ලියැවෙන්න පුතේ – ටී. එම්. ජයරත්න සහ පිරිස - පද – උපාලි ධනවලවිතාන ගංගා ඉවුරෙන් එහා - ලතා වල්පොල – පද – අජන්තා රණසිංහ සිංඤෝරේ සිංඤෝරේ – ඩෙස්මන් ද සිල්වා, එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා - පද - ප්‍රේමකීර්ති ද අල්විස් රංගනය – විජය කුමාරණතුංග (රණසිංහ ආරච්චි), ශ්‍රියාණි අමරසේන (නාමලී), රෙක්ස් කොඩිප්පිලි (නිකපිටියේ බණ්ඩාර), සම්පත් ශ්‍රී නන්දලෝචන (පෘතුගීසි කපිතාන්), කුවින්ටස් වීරකෝන් (සෙනරත් රජු), සොමී රත්නායක (පුංචිරාළ), දයානන්ද ජයවර්ධන (පෘතුගීසි මේජර්), රොබින් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර, ගුණපාල වීරසේකර, විනී සිගේරා, අනුර වික්‍රමරත්න, ඉඳුනිල් ද සිල්වා, ප්‍රේමසිරි කල්පගේ, ශිරාන් මයිකල්, බර්ටි සුනිල්, ස්ටැන්ලි ද සිල්වා, කීර්ති හේවාවසම්, දයානන්ද විද්‍යාලංකාර |





