|
|
විවාහ වෙලා හිටියත් එයා මට කතා කරනවා
‘ආදරය සුන්දර වරදකී’..... ප්‍රේමය හා විරහව පිළිබඳ කතාබහක යෙදෙන සෑම විටෙකම මගේ මතකයට නැෙඟන මේ ගීතය ගයන්නේ කරුණාරත්න දිවුල්ගනේ ය. සංවේදී හදවතේ ඉපැදෙන ප්‍රථම ප්‍රේමය ලොව සුන්දරතම සිතුවිලිවලින් එකකි. ඒ සොඳුරු සිතුවිලි වරෙක සොඳුරුය. වරෙක කටුකය. දෙදෙනෙකු ගේ හදවත ඉපැදෙන ප්‍රථම ප්‍රේමය මල්පල දරන්නේ අහම්බයෙනි. එසේ හදවතෙහි ඉපිද, හදවත පතුලෙහි තැන්පත්ව මතක මං පෙතෙහි සැරිසරන ප්‍රථම ප්‍රේමය පිළිබඳ මේ පත් ඉරුවෙහි ඔබ ආදරය කරන තරු මෙසේ සඳහනක යෙදෙති. ඒ සඳහනට මෙවර පිවිසෙන්නේ ජනපි‍්‍රය තරු ගොන්නෙහි සිටින තාරකාවක් වන ශලනි තාරකායි.
ප්‍රේක්‍ෂකයින් ගොඩක් ආදරය කරන ශලනි පෙම්වතියක් ද? නෑ, දැනට නෑ. ඒ කියන්නේ ඔබ කලින් පෙම්වතියක් වෙලා හිටියා?
රඟපෑමට කලින් ද, එහෙම නැත්නම් ඊටත් පෙරද? රඟපෑමට එන්න කලින් තිබුණු ආදර සම්බන්ධයක්.
ඔහුගේ නම කියමු? ඒ කිසිම දෙයක් කියන්න බැහැ.
ඇයි ඒ? එහෙම හොඳයි.
ඔහුව ඔබට මුණ ගැසෙන්නේ කොහොමද? චර්ච් එකේදී.
ඔහු දේවස්ථානයේ මොකද කළේ? චර්ච් එකේ තිබුණු මංගල උළෙලකට ඔහු ඇවිත් හිටියා.
ඔබ එහි මොකද කළේ? මම ගොඩක් වෙලාවට දේවස්ථානයේ කෙරෙන වැඩ කටයුතුත් සමඟ නිතරම සම්බන්ධ වෙන කෙනෙක්. එදත් එහි තිබුණු මංගල්‍යයකට මම නැටුම් වගයක් ඉදිරිපත් කළා.
ඔහුව දැක්ක වෙලාවේ ඔබට මොනවද සිතුණේ? ඔහුව මුලින්ම දැක්කේ මම නෙවෙයි. මගේ යාළුවො ටිකයි මට ඔහු ගැන කිව්වේ.
මොනව ද ඔවුන් කිව්වේ? ලස්සන කොල්ලෙක් ඉන්නවා කියලා මට කිව්වා.
ඒ විතරක්ද? නෑ, ඉතින් යාළුවො ටික එකතු වුණාට පස්සේ විහිළුවට විවිධ දේ කරනවා. ඒ නිසා ඔහුට අපි පුංචි ජෝක් එකක් කළා.
ඒ ජෝක් එක අවසානය ප්‍රේමයට පෙරළුණා? අපෝ නැහැ. කොහොම හරි ඔහුව නෝන්ඩි කරන්න වගේ මගේ යාළුවො සියලු දෙනාම හිනාවුණා.
ඔයත් ඒකට එකතු වුණා? නෑ මම විතරයි ඔහුට හිනා නොවුණේ.
ඒ මොකද? මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙක්ව මුලින්ම ගණන් ගන්න කෙනෙක් නෙවෙයි.
ඒ කියන්නේ? මම ඒ පුද්ගලයාව දන්නේ නැත්නම් ඔහු හිනා වුණත් මම හිනා වෙන්නෙ නෑ. කතාබහ කරන්න යන්නෙත් නෑ.
ඒක අදාළ වෙන්නේ කොල්ලෙක් නම් ද? ඒ අයට විශේෂයි තමයි. කොල්ලන්ව මම කොහොමත් ගණන් ගන්නේ නැහැ. අනිත් අය වුණත් එහෙම තමයි. ඒකට ගැහැනු, පිරිමි කියලා වෙනසක් නෑ. හැබැයි ඒ කවුරු වුණත් මාත් සමඟ කතාබහ කළොත් මමත් කතා කරනවා.
ඒ ඔබ ආඩම්බර නිසාද? නෑ, ආඩම්බර කමකට නෙවෙයි. ඒ මගේ හැටි.
ඔහුත් ඔබගේ, ඒ විදිහට කැමැති වුණා ද? පසු කාලෙකදි නම් ඔහු කිව්වේ ඔහුගේ හිත යන්න ප්‍රධාන හේතුව වුණේ ඒකයි කියලා. අනිත් අය හිනාවෙන අතරේ මං හිනා නොවී සිටි නිසා මට හිත ගියා කියලයි. එතන හිටිය අනිත් අය අතරේ මම කැපී පෙනුණා කියලත් ඔහු කිව්වා.
ඊට පස්සේ මොකද වුණේ? ඔහුගේ දුරකථන අංකය මට දෙන්න කියලා මගේ යාළුවන්ට දීලා ගිහින් තිබුණා.
ඒ අංකයට ඔබ කතා කළා? අපි ඔහුට මුලින්ම කතා කළේ බයිට් කරන්න හිතාගෙනයි.
ඔහු බයිට් වුණා? මුලින්ම නම් කළ විහිළුවට ඔහු ඇන්ඳුනා. ඊට පස්සේ දිගින් දිගිටම ඔහු කතා කළා. මමත් කතා කළා.
අන්තිමේදී ඒ කතාව දුරදිග ගියා? ඔව් මාස දෙක තුනක් වෙනකොට අපි හොඳ හිතවතුන් බවට පත් වුණා. ඒත් සමඟම ඔහු ගේ අදහස මට කිව්වා.
ඔබත් එක්වරම කැමැති වුණා? ඒ වෙනකොට ඔහු පිළිබඳ යම් කැමැත්තක් මගේ හිතේ තිබුණා. ඒත් කිසිම දවසක එයාට මම ආදරෙයි කියලා නම් නෑ.
නිවෙස්වල අයත් මේ ගැන දැනගත්තද? මාස කිහිපයක් ගියාට පස්සේ අපි මේ සම්බන්ධය ගෙදරට කිව්වා. ඔහු මගේ මවත් සමඟ කතාබහ කළා. ඔහුගේ මවත් මා සමඟ කතාබහ කළා. මුලින්ම අප දැන හඳුනා ගත යුතුයි සිතුවා. මොකද විවාහ විය යුතු වයසක නෙවෙයි මම හිටියේ.
ඒ කියන්නේ ඔබ පාසල් යන යුවතියක්? මම ඒ වෙනකොට හිටියේ දහය පංතියේ විතර බව මට මතකයි. ඔහු නම් A/L කරලා හිටියේ.
අම්මා මේ ගැන මොකද කිව්වේ? අම්මා අපට මුලින්ම කියලා තිබුණා අපි විවාහ වන කෙනා තෝරාගත යුත්තේ අපිමයි කියලා. ඒ නිසා මගේ අදහසට විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. නමුත් අම්මා ඔහුට කිව්වා මම තවම පාසල් යන කෙනෙක්. දැන හඳුනා ගත්තට කමක් නැහැ. ඒ දේවල් සිද්ධ වෙන්නේ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ කියලා.
ඔහු ඔබට මුලින්ම දුන් තෑග්ග මතකද? ලස්සන පෑනක් වගේම චොක්ලට් එකක්.
ඔයා මොනවද ඔහුට දුන්නේ? ඒකනම් මතක නෑ.
කොහොමද වෙන්වුණේ? අපි දෙන්නගේ අදහස්වල නොගැළපීම් තිබුණා. ඒක තේරුණේ කාලයක් ගියාට පස්සේ. අපි දෙදෙනා කතාබහ කරලා වෙන්වූණා. ඒ අදරය අහිමි වෙලා දැන් අවුරුදු 9 ක් වෙනවා.
මේ වෙනකොට ඔබ රංගනයට පිවිසිලාද? ඒ වෙනකොට මම සිරස කුමරිය තරගයට ගිහින් තිබුණේ.
ඔබ සිරස කුමරිය තරගයට ඉදිරිපත් වෙනවට ඔහු කැමැති වුණාද? මුලින් නම් කැමැති වුණේ නැහැ. මගේ කැමැත්තට ඉඩ දුන්නා. පස්සේ අම්මා වගේම මගේ ළඟ ඉඳගෙන මාව ඒ තරගවලදී එහා මෙහා එක්කගෙන ගියේ ඔහුයි.
ඔහු ඔබ රඟපානවට කැමැති වුණාද? මුලින්ම කැමැති වුණේ නෑ. ඒ නිසා මමත් රඟපෑම ප්‍රතික්‍ෂ්ප කළා.
මුලින්ම ඔහුට ද ඔබව එපා වුණේ. නැත්නම් ඔබට ද ඔහුව එපා වුණේ? එහෙම දෙයක් නෑ. මොකද අදටත් ඉඳලා හිටලා ඔහු මට කතා කරනවා.
තවමත් ඔබ ඔහුට ආදරය කරනවා? ඔහු දැන් විවාහකයි.
මොනවද එහෙනම් කතා කරන්නේ? අතීතය ගැනවත්, වර්තමානය ගැනවත් නෙවෙයි. ඔහු සිටින සීමාවේ ඉඳගෙන සාමාන්‍ය දේවල් කතා කරනවා.
ඔබ ආදරය කරන්නේ නැතිද? ඊට පස්සේ මම කිසිම කෙනෙකුට ආදරය කරලා නෑ. ඒකට වෙලාවක් තිබුණෙත් නෑ. එහෙම දෙයක් වෙනවා නම් ඒක නියම වෙලාවට වේවි.
|



ශලනි පළමු ප්‍රේමය සිහිකරයි
එහෙම තමයි.