|
|
සිනමාවෙන් බැනුම් අහපු ලුවීට සාහිත්‍ය සම්මානයක්
ලුවී වැන්ඩස්ට්‍්‍රාට්න් කියන්නේ කාලයක් පුරා අපේ සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කරන සිනමාකරුවෙක්. ඔහු සිනමා නිර්මාණ තිහකට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළත් ඒවාට මේ දක්වා සම්මාන නම් හිමි වුණේ නැහැ. එපමණක් නොවෙයි කාම රැල්ල නමින් ඒ කාලයේ ජනප්‍රිය චිත්‍රපට රැල්ලේ නිර්මාතෘ ලෙස චෝදනා ලැබුවෙත් ලුවී. ඒ වුණාට ඔහු රචනා කළ පළමුවන කෘතියට නම් සම්මාන හිමි වුණා. ඒක තමයි ලුවීගේ විශේෂත්වය. ලුවී වැන්ඩස්ට්‍රාට්න් කියන්නෙ සෙට් එකේදී විවේකයක් ලැබුණොත් ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන කාලය ගත කරන පුද්ගලයෙක් නොවෙයි. විවේක වෙලාවකදී ඔහු අතේ නිතරම ඉංග්‍රීසි නවකතා පොතක් නම් දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි සාහිත්‍ය ගැන බොහෝ දැනුවත් අයෙකුටවත් ලුවී එක්ක කතා කරලා දිනන්න අමාරුයි. ඒ ගැන හැමෝම දන්නා දෙයක්. එපමණක් නොවේ විදේශ චිත්‍රපට පිළිබඳ ලුවීගේ දැනුමත් ඉතා ඉහළයි. |



මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙලේ ඉංග්‍රීසි සාහිත්‍ය අංශයෙන් හොඳම යොවුන් කෘතියට හිමි
සම්මානය හිමි වූයේ ලුවී වැන්ඩස්ට්‍රාට්න් විසින් රචිත බුද්ධි නම් කෘතියටයි.