|
|
සුනිල් ටී. ගේ 57 වැනි චිත්‍රපටය මහරජ අජාසත්ත වැඩ අරඹයි
සුනිල් ටී. ප්‍රනාන්දු සහ සනත් අබේසේකර පළමුවරට එක් වී නිර්මාණය කෙරෙන දැවැන්ත ඓතිහාසික සිනමාපටයක වැඩ කටයුතුª අද ගංගාරාම විහාරයේ පැවැත් වූ මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ විය. මහරජ අජාසත්ත නම් වූ එය සුනිල් ටී. ප්‍රනාන්දුගේ පණස් හත්වන සිනමා නිෂ්පාදනය වන අතර මද්දුම බණ්ඩාරගෙන් අනතුරුව ඔහු නිෂ්පාදනය කරන දෙවැනි ඓතිහාසික සිනමා නිර්මාණය වේ. මහින්දාගමනය, සිරි දළදාගමනය, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර මහරජ අජාසත්ත අධ්‍යක්ෂණය කරනු ලබයි. මෙය ඔහුගේ සිව්වැනි අධ්‍යක්ෂණය වේ.
සෙසු චරිත රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, රොබින් ප්‍රනාන්දු, ජී. ආර්. පෙරෙරා, ඥාාණාංග ගුණවර්ධන, ජයනි සේනානායක, සංජය අමරසිංහ රඟනු ලබයි. මහරජ අජාසත්ත හි ලකී ආතවුදගේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි. ඇඳුම් සහ පසුතල නිර්මාණය හීනටිගල ප්‍රේමදාසගෙනි. සමීර මධු කිඳෙල්පිටියගේ අංග රචනයකි. තිලක් කුමාර කැමරාව මෙහෙයවයි. නිෂ්පාදන කෘත්‍යාධිකාරී ලෙස සුනිල් ධර්මසිරි සිටියි. සංගීතය සෝමපාල රත්නායකගෙන්. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂවරයාය. මහරජ අජාසත්ත හි රූගත කිරීම ළඟදීම ඇරැඹෙනු ඇත. |




මහරජ අජාසත්ත හී චරිතයන්හී නළු නිළියන් මෙසේය. බිම්බිසාර රජ ලෙස ජීවන් කුමාරණතුංග,
කේමා දේවිය ලෙස සබීතා පෙරේරා, අජාසත්ත කුමරු ලෙස ගයාන් වික්‍රමතිලක, උදායිභද්‍රා
කුමරිය ලෙස හෂිනි ගෝනගල, දේවදත්ත ලෙස කමල් දේශප්‍රිය.