වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

පබ්ලික් හෝල් වගේ අබ්ලික් හෝල්

‘පබ්ලික් හෝල් එකේ සිරි පැරකුම් පෙන් වූ හැටි’ යනුවෙන් ඉකුත් දිනෙක සරසවිය පුවත්පතේ පළ වුණ කෙටි සටහන කියවීමෙන් පසුව ඒ ගැන යමක් ලිවීමට සිත් විය. ‘සිරි පැරකුම්’ සහ ඊට සමගාමී නිර්මාණ බිහිවීගෙන එන මෙවන් යුගයක, නැවත සිනමාව පිබිදීමක් ඇතිවේගන එන යුගයක ‘පබ්ලික් හෝල්’ වැනි සිනමා ශාලා කොතෙක් ඇතිද?
 

නෝබට් පෙරේරා

මහැදුරු ආරියරත්නයන්ට

මා ඔබතුමා සම්පාදනය කළ කණ්ඩායම් සංගීතය නම් වූ කෘතිය මිල දී ගෙන කියෙව්වා. හැටේ දශකයේ සිටම එම යුගයේ සංගීතය රස වින්ද ද මෙපමණ කල් එවායේ ඉතිහාසයවත් සංගීත කණ්ඩායම් ගැනවත් කිසි දැනමක් හෝ තිබුණේ නැහැ. නමුත් ඔබතුමාගේ කෘතිය තුළින් ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත්තා.


අජිත් ජෝතිය කරසිංහ

මත්තෙගොඩ

A/L ඉවරයි නියමයි

රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට දිගින් දිගටම දෝෂාරෝපණය එල්ල වන මෙවන් යුගයක ‘ඒ ලෙවල් ඉවරයි’ තුළින් ප්‍රේක්ෂකයන් හට නැවුම් ආශ්වාදයක් ගෙන දෙන්නට සමත්ව ඇත. එය හැත්තෑව දශකයේ ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව සිහි ගන්වයි. යුගයට සරිලන තේමාවක් සමඟ ඵන ඊටම ගැළපෙන අතිශය ස්වභාවික රංගනය ද එක් වූ මෙම නිර්මාණය වටා ප්‍රේක්ෂකයන් එක් රොක් වන්නේ නිරයාසයෙනි.
 

ජානක ඉලුක්කුඹුර

කඩවත

කාංචනා නැත්තේ ඇයි?

රෝස වසන්තය, සක්මන් මළුව, සමාරා, හාට් එෆ්. එම්. වැනි චිත්‍රපටවලින් අප හමුවට පැමිණි කාංචනා මෙන්ඩිස් වර්තමානයේ රිදී තිරයෙන් දකින්නට නොලැබීම ගැන කනගාටු වෙමු. මාලිනී. ගීතා, සබීතා, දිල්හානි වැනි නිළියන්ගෙන් පසු මා දුටු රූමත්ම සහ පෙම්වතියට හොඳින්ම ගැළපෙන නිළිය ඔබයි.
 

කාවින්ද රශ්මික

මල්ලහෑව

අංගනා ලස්සනයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන අංගනා ටෙලි නාට්‍යය සැබෑ ආදරවන්තයන්ට සැබෑ ආදරය කියා දෙන සැබෑම ආදර කතා පුවතකි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

ටෙඩී,

සුබපැතුම්

සටන් අධ්‍යක්ෂණය සඳහා ප්‍රථම වරට දෙරණ ලක්ස් සිනමා උළෙලකදී ටෙඩී විද්‍යාලංකාරට හොඳම සටන් අධ්‍යක්ෂණය උදෙසා පිදුම් ලැබීම ගැන හද පත්ලෙන්ම සතුටු වන්නෙමු.
 

දයානන්ද ද සිල්වා

හික්කඩුව

ශ්‍රී ලංකාව

මගේ මවු බිමයි අනර්ඝයි

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් නිර්මාණය කර ඇති ‘ශ්‍රී ලංකාව මගේ මව්බිමයි’ ගීතය හරිම වටිනවා. එම ගීතය රූපවාහිනියෙන් නැරැඹීමේදී අප රට ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයකි. සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ ගී පදවැල් මෙන්ම එහි සංගීතය ද ගැයුම ද ඉතාම ඉහළය.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

විශ්වගේ ක්‍රියාව ප්‍රසංසනීයයි

විශ්ව කොඩිකාරගේ විසි හය වන උපන් දින සැමරුම වෙනුවෙන් තමා පෙර පාසල් අධ්‍යාපනය ලද තෙල්දෙණිය ගොඩමුන්න ආරාමයටත් ඉඩම් ඔප්පු නැති අසරණ පවුල් කිහිපයකටත් ප්‍රදානය කළ පුවත අසා අප දැඩි සතුටට පත්වීමු.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

හෙළ සිනමාව යනවා හොලිවුඩය පරදා

සිරි පැරකුම් හා සමඟින් ගොපළු යකා
හරි හරියට තිරගත වන හැටි දැකලා
මෙහෙම කියන්න සිත් වුණි ඔබ අමතා
හෙළ සිනමාව යනවා හොලිවුඩ් පරදා
 

මාධව හෙට්ටිආරච්චි

දෙහිවල

S.M.S.

සේන් සුහේර්, රාසි අන්වර්, ශෂී විජේන්ද්‍රගෙන් පසු සිංහල සිනමාවේ මුස්ලිම් සුපිරි තරුව වීමට ඉෂාම් සම්සුදීන්ට හැකියි.
 

එන්. කුමාරිහාමි

වැලිගම

ජෝති හඬ අමරණීයයි. අපි තවමත් අහන්නේ ජෝතිගේ සිංදු විතරමයි.
 

චතුර, අමිල, සමීර

දිවුලපිටිය

විල්සන් කරු, සුමිත් මුදන්නායක, ටෙඩී විද්‍යාලංකාර යන සටන් නළුවන්ගේ ජවය අදටත් පවතියි. ඔවුන් නව පරපුරේ නළුවන් සමඟ රංගනයේ යෙදෙනවා බලන්නට ප්‍රිය කරමි.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

එක්තරා නාළිකාවකින් බයිට් කෙරූ මිහිර සිරිතිලක ගැන හොඳටම කනගාටුයි. අනේ මිහිර අයියේ ඕවා ගණන් නොගෙන ඔබ ඔබේ ගමන යන්න.
 

සඳරුවනි

කඩුවෙල

බෙලි කපනවා බලන්න බෑ

එක්තරා බෞද්ධ නාලිකාවක සත්ව හිංසා ගීතයක් ප්‍රචාරය වෙද්දී දෑත දෙපා බැඳි ගවයන් අමු අමුවේ බෙලි කපන දර්ශනයක් පෙන්වයි. එය කාටත් ඉතා කම්පනයක් ඇතිවන බැවින් එම කොටස ඉවත් කොට ගීතය පෙන්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
 

කමලා මධුරප්පෙරුම

නාවල

ත්‍රී ස්ටාර්ස්

ඩිනක්ෂි, ශේෂද්‍රි, ශනුද්‍රි යන සොහොයුරියන් කෙදිනක හෝ ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට නැතිවම බැරි තරු තුනක් වේවි.
 

පසිඳු දිල්ශාන්

දෙවිනුවර

ආශා තමයි මං දැකපු සුපිරිම නිළිය.
 

ශෂිනි

රඹුක්කන

රන් දහඩිය හෙළුවාට දෙවි රැකවරණයි

සිහන සතක් මැද විමනක් සදා අප වෙනුවෙන් සංගීත කෙත අස්වද්දන්නට රන් දහඩිය බිංදු හෙලූ මේ ඉරහඳ පායන ලොකේ ඔබ අපට මහ¼ගු ඉසුරුමත් වස්තුකි. පණ්ඩිත් අමරදේවායාණෙනි, සසර වසන තුරු ඔබව සතර වරම් දෙවියන් ආරක්ෂා කර දේවි.
 

මිහිරිනාත්

පොල්ගහවෙල

නළු නිළියන් ගී ගැයීම මම අනුමත නොකරමි. එය හරියට පොලිස් නිලධාරියෙකු රෝගියකුට බෙහෙත් දෙන්නට උත්සාහ කරනවා වැනිය.
 

නිලුපුලී

බණ්ඩාරගම

ඇඹරි ඇඹරී පාන රැගුම්

විකට නළුවන් යැයි කියා ගන්නා ඇතැම් නළු නිළියන් ඇඹරී ඇඹරී තිරයේදී ප්‍රේක්ෂකයා බලෙන් හිනස්සවන්නට හදයි. ෆෙ‍්‍රඩී, දොන් සිරිසේන, බී. එස්., ඇන්තනි සී වගේ අය නම් එහෙම කරලා නැහැ.


ප්‍රසන්න

දික්වැල්ල

පුංචි කුඩේ ඔයාටම ගැළපෙනවා

ශානිකා මධුමාලි ගයන පුංචි කුඩේ ගීතය පුංචි ඔයාටම හරියටම ගැළපෙනවා. ඒක ඔයාගේම අත්දැකීමක් ද කියලත් හිතුණා. ඒ තරමටම ඔබ හැගුම්බරව එය ගයා තිබෙනවා.
 

ගනේෂ්

ත්‍රිකුණාමලය

නිරෝෂාට වඩා මාලිනීගේ ගැයුම ප්‍රියයි

හිමි නැති පෙමකට ගීතය නිරෝෂා ගයනවාට වඩා එහි මුල් ගායනය කළ මාලිනී බුලත්සිංහල ගැයූ ගීතයයි අහන්න ප්‍රිය හිතෙන්නේ.
 

අයේෂානි

වාද්දුව

පියුමි ශානිකා තමයි පුංචි තිරයේ ගණංකාරිය. ඇයට අංගම්පොර හා බැඳුණු චරිතයක් දෙනවා නම් මනාව ඊට සාධාරණයක් ඉටු කරාවි.
 

සුනන්ද ප්‍රනාන්දු

කරාපිටිය

අපේ ජාතික ගීය වන ශ්‍රී ලංකා මාතා වත් නව පරපුරේ ගායක ගායිකාවන් යැයි කියා ගන්නා අය දන්නවාද කියලා සැකයි.
 

තිසර විදුරංග (ශිෂ්‍ය)

තෙල්දෙණිය

ජයලාල් රෝහණව ඉසුරු යෝගය හි මුතුමිණ වගේ චරිතයකින් දකින්නට ඇත්නම් අගේ කියා නිම කළ නොහැකියි.
 

නිලුක්ෂි

දිගන

බන්දු එදත් අදත් හෙටත් සිනමාවේ විකට රජුයි. රෝයි ද සිල්වා මහත්තයෝ බන්දුවයි ටෙනීවයි යොදාගෙන දවල් මිගෙල් රෑ දනියෙල් 4 නිර්මාණය කරන්නකෝ.
 

මනම්පේරි

කටුනායක

සමනළ සංධ්වනිය මරේ මරු. කාලෙකට පස්සේ ආපු කට ඇරලා ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් චිත්‍රපටයක් ඒක.
 

සංඛ

මාතර

හායි පූජා අක්කි ඔයා දෙරණ ලක්ස් සිනමා උළෙලේ ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට ද පාත්‍ර වුණා. ඔයාට අපි හරිම ආසයි. තව තවත් ලංකවේ චිත්‍රපටවල රඟපාන්න.
 

අරුණි, සන්ධ්‍යා, චතුමිණි, රොෂාන්, ලක්ෂ්මී

කොටුවැල්ලේගම

නර්තන හැකියාව ඉතා අඩු මහේෂි මධුසංඛ දෙරණ නර්තන තරගයෙන් ඉදිරියට යාම විහිළුවකි.
 

ගයාරා

කඩවත

දර්ශන් ධර්මරාජ්,

ඔබ සැබවින්ම සුපිරිම තරුවක්.
 

වික්‍රම

මිද්දෙණිය

නටාෂා පෙරේරා හුඟක් ලස්සනයි. ඒත් රඟපාද්දී ඔච්චර ඔමරි පාන්න එපා. තැනට සුදුසු විදිහට රංගනයේ යෙදෙන්න.
 

ගීතාංජලී

කොළඹ

මගේ ප්‍රියතම නළුවා ඔබයි. උද්දික අයියේ ඔයා චරිතයකට ප්‍රවිශ්ට වීම හරියටම සිද්ධ කරනවා.
 

චතුරි

බණ්ඩාරගම

 

ඔබේ ප්‍රතිචාර එස්. එම්. එස්. අයුරින් එවන විට ඒවා කෙටියන් සහ අදහස ඉතා පැහැදිලිව එවන්නත් එහි අවසානයේ ඔබේ නම සඳහන් කරන්නත් අමතක කරන්න එපා. ප්‍රතිචාර තීරය හැඩ ගන්වන්නට වෙනස් වූ අදහස් ක්ෂණිකව 0752805047 යන අංකයට එවන්න.

එමෙන්ම ප්‍රතිචාර තැපැල්පත්
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවිය හැකිය.