වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අපි මැරෙන්නෙ නෑ 16 දා සිට සී.ඊ.එල්. මණ්ඩලයේ

අපි මැරෙන්නෙ නෑ 16 දා සිට සී.ඊ.එල්. මණ්ඩලයේ

බ්ලැක් කොමඩි ගණයට වැටෙන චිත්‍රපටයක් මෙරටෙහි නිර්මාණය වූයේ ඉතා කලාතුරකිනි. එවන් වූ සිනමා ආකෘතියට නිර්මාණය වූ චිත්‍රපටයක් මෙම මස 16 වැනිදාට සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරැඹේ. අපි මැරෙන්නෙ නැහැ යනුවෙන් නම්කොට ඇති එය මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණයකි.

මෙහි ලකී ඩයස්, පාලිත සිල්වා, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, සේමිණි ඉද්දමල්ගොඩ, චංචලා වර්ණසූරිය, ඇන්ටන් ජූඩ්, සඳනි දුලක්නා, ඩී.බී. ගංගොඩතැන්න, උපාලි කීර්තිසේන, සුගත් ජානක ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.

අපි මැරෙන්නෙ නැහැ දේශමාන්‍ය රුවන් රුක්මන් තිලකරත්නගේ නිෂ්පාදනයකි. කේ.බී. හේරත් තිර රචනය, කේ.ඩී. දයානන්ද කැමරා ශිල්පියාය. නොයෙල් රාජ් ගායනයෙන්ද ෆර්හාන් ෂාන් සංගීත අධ්‍යක්ෂනයෙන්ද දායක වේ. සනීර දිනේෂ්ගේ අංග රචනයකි. රොෂාන් ජයසුන්දර සහාය අධ්‍යක්ෂවරයාය.